( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අයිස් මත්ද්‍රව්‍ය ගුවන් මගින් බෙදාහැරීමේ නිරත පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ මීගමුව පෙරියමුල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
එම සැකකරුගේ නිවසේ තිබී මත්ද්‍රව්‍ය ප්‍රමාණය මැනීම සඳහා උපයෝගි කරන විද්‍යුත් තරාදියක්ද ,මත්ද්‍රව්‍ය විකිණිමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ අටක මුදලක් ද ,ජංගම දුරකතන තුනක්ද පොලීසිය බාරයට ගෙන තිබේ.
මීට වසරකට පමණ පෙර අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලැබුණු තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙත තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මත් කුඩු වලට කවදා හෝ ඔබේ දරුවාත් හසු වෙන්න පුළුවන්.මගේ නොවේ කියා ප්‍රශ්නේ කර අරින්න, කර අරින්න. ඔබේ , මගේ දරුවන් අනාගතයේ දී මත් රකුසාට ගොදුරුවන්න තියෙන ඉඩ වැඩි වෙනවා. එකතු වෙලා රජයට බල කරන්න. රජයට යුතුකමක් තියෙනවා අපේ දරුවන් මේ මත් රකුසාගෙන් බේරගන්න.අපිට බයක් සැකක් නැතිව අපේ දරුවන් පාසල් යවන්න ,නගරෙට යවන්න, ...