පොලිස් කාන්තාවන්ට ලිංගික බලපෑම් කළ ඕඅයීසීට වැඩ වරදින ලකුණු කාන්තා පොලිස් නිලධාරිනියන්ට ලිංගික බලපෑම් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරයකුට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් විනය පියවර ගැනීමට නියමිත බව එම කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. 16 August 2018
ඕඅයිසීගේ මේස ලාච්චුවේ තිබූ පොලිස් පොත අතුරුදන් පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිගේ කාර්යාලයේ මේස ලාච්චුවේ තිබූ පොලිස් සටහන් පොතක් අතුරුදන්වීම සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් දැනුම් දෙන ලෙස පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ කාර්යභාර නිලධාරීවරයා අද (16) සියලුම පොලිස් ස්ථාන වෙත ලිඛිතව දැනුම් දී තිබේ. 16 August 2018
ඒඑස්පී දළුවත්තගෙන් පහරකෑ තරුණයාට කන්න දීලත් නෑ හම්බන්තොට පැවැති විරෝධතාවයක දී සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතාගේ පහරකෑමට ලක්වූ සුසන්ත බණ්ඩාර කරුණාරත්න නම් තරුණයාට පහරදීමට අමතරව ආහාර ලබා නොදී මානුෂික අවශ්‍යතා නොසලකා හැර ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව සිදු කළ මූලික විමර්ශනයේ දී සනාථ වී ඇත. 16 August 2018
ඉන්දීයාවේ හිටපු අගමැතිගේ අවමඟුලට සභානායක යයි අභාවප්‍රාප්ත ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතාගේ අවමඟුල් උත්සවය සඳහා රජය නියෝජනය කරමින් සභානායක සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහභාගී කරවීමට රජය තීරණය කර තිබේ. 16 August 2018
ඉරාන නැවේ ගැටුණු යාත්‍රාවේ සිටි ධීවරයෝ බේරා ගැනෙති ගොඩබිමේ සිට නාවික සැතපුම් 30ක් පමණ මුහුදේදී ඉරානයට අයත් වෙළඳ නෞකාවක ගැටී අනතුරට ලක්ව මුහුදේ ගිලෙමින් සිටි මිරිස්සේ “අංජු පුතා” බහු දින යාත්‍රාවේ ධීවරයින් පස් දෙනා වෙනත් බෝට්ටුවක් මගින් බේරා ගෙන ඇතැයි නාවික හමුදාව පවසයි. 16 August 2018
මහාවංශය අධ්‍යයනයට වෙනම ආයතනයක් මහාවංශය අධ්‍යයනයට වෙනම ආයතනයක් පිහිටුවන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. 16 August 2018
ටෙලිකොම් කොටස් විකිණීමේ තීරණයට වෘත්තීය සමිති විරෝධය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රාජ්‍ය පංගුව සතු කොටස් සියයට 4.74 ක් කොටස් වෙළඳපලට විකිණීමට ශ්‍රී ලංකා ටෙලිකොම් පාලනාධිකාරිය තීරණය කර ඇතැයිද එය ටෙලිකොම් ආයතනයේ ස්වාධීනත්වය මෙන්ම සේවක අයිතීන් අනතුරේ හෙලන තීරණයක් යැයි ද ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 16 August 2018
නැවත පදිංචි කිරීමේ වැඩසටහනට එක්සත් රාජධානියේ සහයෝගය තිස් වසරක යුද්ධය නිසා අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම වෙනුවෙන් ‘තිරසර නැවත පදිංචි කිරීමේ වැඩසටහනක්’ සඳහා සහයෝගය දීමට එක්සත් රාජධානිය තීරණය කර ඇත. 16 August 2018
සංඛ්‍යාලේඛන කොට්ඨාසයේ ස්ථානාධිපතිගේ වැඩ තහනම් කරන්නැයි උපදෙස් පොලිස් මූලස්ථානයේ සංඛ්‍යාලේඛන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් ඩී බී අත්තනායක මහතාගේ වැඩ තහනම් කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි එම කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. 16 August 2018
රුපියල 161.54ට යයි ඉතිහාසයේ පහළම අගය වාර්තා කරමින් ශ්‍රී ලංකා රුපියල අද (16) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 161.54ක් දක්වා පහළ ගියේය. 16 August 2018
පොලිස් කොමිසම ගැන ව්‍යවස්ථා සභාවට පැමිණිලි ජාතික පොලිස් කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කීපයක්ම ලැබී ඇති බව වාර්තාවේ. 16 August 2018
කාලසටහනේ විෂයන් 2ක අවුලෙන් උසස් පෙළ සිසුන් අමාරුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කාල සටහන අවුල්කර ගැනීම නිසා සිසුන් පිරිසකට විෂයන් දෙකකට පෙනී සිටීමේ අවස්ථාව අහිමි වී ඇතැයි වාර්තාවේ. 16 August 2018
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි කළුරිය කරයි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතා අද (16) අභාවප්‍රාප්ත විය.තෙවරක් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරය හෙබ වූ අතල් බිහාරි වජ්පායි මහතා මිය යනවිට 93 වියේ පසුවිය. 16 August 2018
‘ලංකාවේ පුරවැසිභාවය ඉල්ලා උතුරේ පුරවැසියන් 443 අයදුම්පත් යොමු කරලා‘ ජූලි මාසයේ සිට මේ දක්වා ගත වූ මාස එකහමාරකට ආසන්න කාලය තුළදී මෙරට පුරවැසිභාවය ඉල්ලා උතුරේ වැසියන් 443 දෙනෙකු අයදුම්පත් බාර දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 16 August 2018
ඌව පළාත් සභා මන්ත්‍රීවරු 34 එකවර රුසියා සංචාරයකට යාමේ සුදානමක් සංවර්ධනයට වෙන්කර ඇති මුදල් වැය කරමින් ඌව පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීන් 34 දෙනාම එක්වරම රුසියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. 16 August 2018
සමාජ ජාල භාවිතා කරන්නන්ට එරෙහිව අධ්‍යාපන ලේකම්ගෙන් පැමිණිල්ලක් පාසල් නිවාඩු මාසවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කරන බවට අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කළ බව සඳහන් ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කෙරෙන බව සඳහන් කරමින් හා ඒ පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස දන්වමින් අධ්‍යාපන ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 16 August 2018
විදෙස් ශිෂ්‍යත්ව ලැබු සමෘද්ධි ලාභින් 21 දෙනෙකුගේ අවස්ථාව ලබා දී නැතැයි පැමිණිල්ලක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විදේශ ශිෂ්‍යත්ව සඳහා තෝරාගනු ලැබූ සමෘද්ධිලාභීන් විසි එක් දෙනෙකුට එම අවස්ථාව ලබා නොදීමෙන් ඔවුන් දැඩි අසරණතාවයට පත්ව ඇතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය සමාජ සුභසාධන ඇමැති පී.හැරිසන් මහතාට පැමිණිලි කර ඇත. 16 August 2018
’කතානායකවරයා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පෙනී සිටිය යුතුයි’ පාර්ලිමේන්තුවේ ස්වාධීන චරිතයක් වන කතානායකවරයා එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට නොව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (16) පැවසීය. 16 August 2018
‘වර්ජන රැල්ල පිටුපස ඒකාබද්ධයේ දේශපාලන හස්තයක් ක්‍රියාත්මකයි‘ රටපුරා සිදුකරන වර්ජන රැල්ල පිටුපස ඒකාබද්ධ විපක්ෂය මූලික කරගත්ත දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ලේකම් සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කොළඹදී පැවසීය. 16 August 2018
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තියවේදී අංශ 13 ක් සඳහා ‘ඔන් ලයින්‘ අයදුම්පත් කැඳවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තියවේදි අංශ 13 ක් සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට ලබන මස පළමුවැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ (Online) අයදුම්පත් කැඳවීමට නියමිතය. 16 August 2018
කාසල්රි ජලාශය පිටාර මට්ටමේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශය පිටාර මට්ටම ඉතා ආසන්න වී ඇති බව විදුලිබල මණ්ඩලය කියයි. 16 August 2018
‘රටට අයහපත් කරුණු ඇත්නම් ලංකා-සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම සංශෝධනය කරන්න පුළුවන්‘ ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමෙහි රටට අයහපතක් වන කරුණක් ඇතුළත්ව තිබේ නම් එය සංශෝධනය කිරීමේ හැකියාවක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 16 August 2018
සීමා නිර්ණය කොමිසම් වාර්තාව 24 වැනිදා පාර්ලිමේන්තුවට පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය කොට්ඨාශ වෙන්කිරීමේ සීමා නිර්ණය කොමිසමේ වාර්තාව මෙම මස 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 16 August 2018
ත්‍රිරෝද රියක් මතට ගසක් කඩා වැටි අයෙක් මරුට: අයෙක් රෝහලේ වත්තේගම සිට මාතලේ දෙසට ගමන් කරමින් තිබු ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටි එහි ගමන් එකම පවුලේ සහෝදරයින් දෙනොගෙන් එක් තරුණයෙකු මිය ගොස් අනෙකා බරපතල තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව මාතලේ පොලිසිය කියයි. 16 August 2018
ව්‍යාජ මානව හිමිකම් සංවිධානයක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය නමින් ව්‍යාජ සංවිධානයක් පිහිටුවාගෙන මුදල් වංචාවේ නිරත වූ බව කියන පුද්ගලයකු පොලොන්නරුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාරවිල - කටුනේරියේ දී අද (16) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 16 August 2018
භු විද්‍යා කාර්යාංශයේ බලපත් හොරට හැදු අයෙක් අත්අඩංගුවට භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් පස් සහ වැලි ප්‍රවාහනය සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර කූඨ ලෙස සකස් කරන ස්ථානයක් වේයන්ගොඩදී වටලා පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 16 August 2018
පීසීගේ මරණයට කොස්තාපල් රියදුරු අත්අඩංගුවට මහියංගනය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් කොස්තාපල්වරයකුගේ මරණයට සැකපිට එම පොලිස් විද්‍යාලයේම පොලිස් කොස්තාපල් රියදුරුවරයකු අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය කියයි. 16 August 2018
හැටන් කොළඹ මාර්ගයේ ඉරි තැලීමක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ඉරිතැලීමකට ලක්ව සුළු ගිලා බැසිමකට ලක් වි ඇති බව වටවල පොලිසිය කියයි. 16 August 2018
කොළඹ දෙමළ මාධ්‍ය පාසල් සංවර්ධනයට කොළඹ නගරයේ තිබෙන දෙමළ මාධ්‍ය කුඩා පාසල් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතා පැවසීය. 16 August 2018
‘නේවි සම්පත්ට‘ රට පනින්න නාවික හමුදාවෙන් ලක්ෂ 5 ක් හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නමැත්තාට මැලේසියාවට පලායෑම සඳහා නාවික හමුදාවේ ගිණුමකින් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණයවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නේය. 16 August 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026