(ඉන්දිකා රාමනායක)
පානදුර උතුර පොලිසියේ තිබු ටී 56 ගිනි අවි දෙකක් අතුරුදන් වීමේ සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දි ඇත.
පොලිසියේ අවි බහාලන පෙට්ටියේ තිබු මෙම ගිනි අවි දෙක අතුරු දන්ව ඇති බවට ජුලි මස 6 වැනි දින කළ ගණනයකදී අනාවරණය වී ඇති අතර බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ නියෝගයෙන් මෙම පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සහ තවත් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇති අතර තවත් පොලිස් නිලධාරීන් 11 දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවද පොලිස් මුලස්ථානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ස්ථානාධිපතිවරයා සහරාන්ගේ කල්ලියේ පානදුර ප්‍රදේශයේ සැඟවී සිටි අයව අත්අඩංගුවට ගන්න මුල්වුණු බව අප්‍රේල් මාසයේ පුවත්පත්වල තිබුනා.