( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පිළිගත් විදේශීය විශ්ව විද්‍යාලයන්ගෙන් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් ලංකා වෛද්‍ය සභා පනතේ 16 වැනි වගන්තිය යටතේ පැවැත්වෙන කඩඉම් විභාගයෙන් සමත්වන්නේ නම් ඔවුන් දින 30 ඇතළත ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අද ( 23) නියෝග කරන ලදී.
ප්‍රසන්න ජයවර්ධන, එල් .ටී. බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නේය.
පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබා ගත් එම්.එන් සහාබ්දීන්. ඇතුළු 16 දෙනෙකු ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේය.
පෙත්සම්කරුවන් සඳහන් කර තිබුණේ තමන් පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගෙන තිබුනද තමන්ව වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය උපාධිධාරීන් පිරිස විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා ,නීතීඥවරුන් වන සුගත් කල්දේරා , නිරාන් ඇන්කිටෙල් යන මහත්වරුන් බෙනී සිටියහ. නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ එස්.ඥානරාජ් මහතාද පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිගත් විදෙස් විශ්ව විද්‍යාලයකින් උපාධියක් අරගෙන ඇක්ට් 16 විභාගය සමත් වූ පමණින් ම ලියාපදිංචි වෙන්න බෑ මං දන්න විදියට. සාර්ථක ව සීමාවාසික පුහුණුව අවසන් කළ බවට සහතිකයකුත් අවශ්‍යයි. ඒක රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරීන්ටත් එහෙමමමයි. ඔවුන්ට ඇක්ට් 16 ලියන්න ඕනෙ නෑ
මේ අයට බැරිද ඒ ඉගෙනගත් රටවලම රැකියාවක් සොයාගැනීමට.