(කේ. බුද්ධික කුමාරසිරි සහ එච්.එස්.ඒ. නන්දන)
කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපලට දින කිහිපයකට පෙර පැමිණ තිබූ නාමයක් සඳහන් නොවන ගුවන් යානය කුමක්දැයි රජය විසින් රටට කරුණු හෙළි කල යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල මහතා පැවසීය.
පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (25) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ති‍්‍රවරයා එලෙස සඳහන් කළේය.
එම ගුවන් යානය දින කිහිපයකට පෙර කටුනායක ගුවන් තොටුපලට පැමිණ, නැවත පිටත්ව ඇති බවත් එය කුමන රටේ කුමන ගුවන් සේවයට අයත් ද යන්න ගැන කිසිදු සදහනක් නොතිබූ බවත් අංක එන්513එස් එන් යනුවෙන් පමණක් එහි සදහන්ව තිබූ බවත් එබැවින් එම ගුවන් යානයේ පැමිණියේ කවුද, ඔවුන් මෙරට සිදුකළේ මොනවාද යන්න රජය විසින් රටට වහා හෙළි කළ යුතු බවත් මන්ත්‍රීවරයා කීවේය.
සෝෆා ගිවිසුම අත්සන් කර නැතැයි රජය පුන පුනා කියූවද මේ අයුරින් කිසිදු රටක හෝ ගුවන් සේවයක නමක් නොමැතිව ගුවන් යානා රටට ළගාවීම හේතුවෙන් අප රට ඇමරිකාවේ කොලනියක් වී ඇති ද යන්න පිළිබඳව ගැටලුවක් පැන නැගී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා බොරුවට කෑගහන්න එපා. ඒ කාලේ චීන්නු බඩ පිනුම් ගහන කොට කවුද.. මොකද.. කලේ... ලකුණු දාගන්න කෑගැහුවත් මේ පාරනම් ඔය කාටවත් ඡන්දෙ ලැබෙන්නේ නැහැ.
අැත්තටම රටට වෙන්නේ මොනවාද? කරන්නේ මොනවාද? උඩ ඉන්න දෙයියන්ගෙන් තමයි අහලා දැනගන්න වෙන්නේ... මේ බත් කන හරක් රට නැති කරලා තමයි පස්ස බලන්නේ.. එජාප එකට ඡන්දය දෙන්න හිතන් ඉන්න අයට කියන්නෙ ඡන්දය දුන්නට කමක් නැහැ. හැබැයි මෙ කාලකණ්ණි හැත්තට නම් දෙන්න එපා...
බුකී කාරයෝ ඕකට මාධ්‍ය සංදර්ශන තියාගෙන කෑගහන්නේ මොකටද? තොරතුරු දැනගැනීමේ පනත යටතේ ආගමන - විගමන දෙපාර්තමේන්තුවෙන් හෝ ගුවන්තොටුපල අංශයකින් හෝ දැනගෙන වැරැද්දක් තියේනම් රටට හෙළි කරන එකනේ ඇත්තේ... බැරිමනම් මෙයාට පුළුවන්නේ ඡන්දෙත් නැතුව කෙලවෙලා ඉන්නකොට පින් මන්ත්‍රීකම දුන්න කෙනාගෙන්ම අහගන්න එයා අරක්ෂකය බාරව ඉන්න නිසාම... ඡන්දෙ නිසා බොරු වගාකරලා රට ගිනි තියන එක කළාට මෙදානම් ගොඩඒමක් නැහැ...
ඕක මහලොකු දෙයක් නෙමෙයි. ඔය නම්බර් එක ගූගල් කරහම ඔක්කොම විස්තර ටික තියනවා ඕක වෙස්ටන් ග්ලෝබල් එයාලයින්ස් වල කාර්ගෝ ප්ලේන් එකක්. ඕක 23 වෙනිදා බෙල්ජියමෙන් ඇවිත් 24 වෙනිදා කුවේට් වලට ගිහින් තියනවා. මොනවද ගෙනාවේ කියන එක නම් දන්නේ නැහැ... එච්චරයි.
මේක කාගෝ එකක්. අස්සයෝ ගේනවද දන්නේ නැහැ.
එංගලන්තෙන් කුණු ගෙනාවද කියලත් හෙව්වොත් නරකද?
ආරක්ෂක මණ්ඩලය නියෝජනය කරන තිලංග සුමතිපාල පාදුක්කට ගිහිල්ල අහනවා නම නැති ගුවන් යානය ගැන අඩු තරමින් ගුවන් තොටුපොලටවත් ගිහිල්ල ඇහුව නම් කමක් නැ
තමුන්ගේ නොහැකියාව පෙනෙන්නේ. මෙයාලා ගෙන්නාගෙන ජනාධිපති රටේ ආරක්ෂාවත් නැතිකළා.