උඩුවේ ධම්මාලෝක හිමි නිදොස්කොට නිදහස් බලපත්‍රයක් නොමැතිව අලිපැටවකු ළඟ තබාගැනීමට අදාළ චෝදනා ලැබ සිටි උඩුවේ ධම්මාලෝක හිමි කොළඹ මහාධිකරණයෙන් නිදොස්කර නිදහස් කර තිබේ. 01 March 2019
’යහපාලනයෙන් රටට වූ හානියට අගමැති ප්රමුඛ මැතිඇමතිවරු වගකිවයුතුයි’ යහපාලන ජාතික රජය යටතේ පසුගිය වසර 04ක කාලය තුළ සිදුවූ දූෂණ, වංචා හේතුවෙන් ආර්ථික, සමාජීය සහ ප්රජාතාන්ත්රවාදී යන සෑම අංශයකින්ම රට කඩා වැටී ඇති බවත් මෙම තත්වයට අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ මැතිඇමතිවරුන් වගකිව යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස මහතා කොළඹදී අද(01) පැවැසීය. 01 March 2019
ගුරුවරියගේ කන පැලූ ගුරුවරයා සොයා පරීක්ෂණ විලච්චිය ඇත්දල්කල්ල රාහුල විද්‍යාලයේ ගුරුවරියකගේ කනට පහරදී බරපතල තුවාල කර පලාගොස් ඇතැයි කියන එම ප්‍රදේශයේම පාසලක සේවය කරන ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි විලච්චිය පොලිසිය කියයි. 01 March 2019
බාලිකා පාසලට කඩාවැදී කළහකාරීව හැසිරුණු සිසුන් 34දෙනෙකු අත්අඩංගුවට කොල්ලුපිටිය මෙතෝදිස්ත බාලිකා විදුහලට කඩා වැදී රතිඤ්ඤා දල්වමින් එහි දේපළවලට හානි කළැයි කියන පාසල් දෙකක සිසුන් 34දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 01 March 2019
පොලිස් නිලධාරීන්ට උණුවතුර ගැසූ වරෙන්තුකරු රිමාන්ඩ් මොරගහහේන පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යකඩ ඉනි සහ උණු වතුර පහරදී තුවාල කළ වරෙන්තුකරු අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 8 දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස මහේස්ත්‍රාත්ත චහිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය. 01 March 2019
යාන්ත්‍රික කියත් ලියාපදිංචි කාලය දිගුවෙයි යාන්ති‍්‍රක කියත් ලියා පදිංචි කිරීම සදහා ලබා දී තිබු කාලය මෙම මස 15 වැනි දින දක්වා දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 01 March 2019
කාර්මික දෝෂයකට ලක් වූ ගුවන්යානයක් කටුනායකට ගොඩබසී කාර්මික දෝෂයකට ලක් වූ පෞද්ගලික ගුවන් යානයක් පැය තුනක ගුවන් ගමනකින් පසු හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත අද(01) නිරුපද්‍රිතව ගොඩබස්වන ලද බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. 01 March 2019
විශාලතම මත්කුඩු තොගයේ මහමොළකරුවන් ‘කිරුළපන මොරිල්’ හා ‘කොස්ගොඩ සුජී’ ඉකුත් 23වන දින මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් මතුකුඩු තොගයේ ජාවාරම මෙහෙයවා ඇත්තේ ‘කිරුළපන මොරිල්’ හා ‘කොස්ගොඩ සුජී’ ඇතුළු ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනෙකු බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 01 March 2019
විදුලි උපකරණවල සඟවා ඉතාලියෙන් මත්කුඩු ගෙන්වූ 3ක් අල්ලයි විදුලි උපකරණ තුළ සඟවා ඉතාලියේ සිට මත්ද්‍රව්‍ය ගෙන් වූ පුද්ගලයන් තිදෙනෙකු රුපියල් 780,000ක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය සමඟ කොච්චිකඩේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය කියයි. 01 March 2019
මධූෂ්-අමල් ඇතුළු පිරිස රිමාන්ඩ් ඩුබායිහි පොලිස් බාරයේ සිටි මාකඳුරේ මදූෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා එරට අධිකරණය විසින් මාර්තු 28 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබ ඇතැයි ඩුබායි ආරංචි මාර්ග කියයි. 28 February 2019
මත්පැන් - දුම්වැටි තොගයක් සමඟ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට කොල්ලුපිටිය රාත්‍රී සමාජ ශාලාවකට මෝටර් රථයකින් විදේශීය මත්පැන් හා නීති විරෝධි අන්දමින් මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් විකිණීම සඳහා රැගෙන ආ බව කියන පොලිස් ක්ෂ්‍රේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු අද (28) අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 28 February 2019
ජනපති - සර්ව පාක්ෂික නියෝජිතයින් එකඟතාවයකට බලය බෙදා හැරීම සම්බන්ධයෙන් සියලු පක්ෂ වල යම් එකඟතාවයක් ඇතිවී තිබෙන හෙයින් ඒ පිළිබඳව වන සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ සර්ව පාක්ෂික නියෝජිතයින් අද (28) එකඟතාවයකට පැමිණ තිබේ. 28 February 2019
හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර කුලියාපිටියේ විශාලතම හෙරෝයින් තොගය සමඟ කඹුරාපොලදී අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ඉල්ලීම පරිදි මාර්තු 5 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙමින් සැකකරු නැවත එදිනට ඉදිරිපත්කරන ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මිය නියම කළාය. 28 February 2019
ගුවන් නියමුවා හෙට නිදහස් කරන බව ඉම්රාන් ඛාන් කියයි සාමය සඳහා වන පියවරක් වශයෙන් ඉන්දීය ගුවන් හමුදා නියමුවා හෙට දිනයේදී නිදහස් කරන බව පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. 28 February 2019
ආණ්ඩුවේ දූෂණ හොයන්නැයි විජයදාසගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් මහපොළ භාරකාර අරමුදලින්, නිල ඇඳුම් වවුචර සහ සුරක්ෂා රක්ෂණය ආදී වැඩසටහන් මගින් සිදුව ඇති පාඩුව මෙන්ම රජය යටතේ සිදුව ඇති වංචා දූෂණ රැසක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ පිළිබඳ විමර්ශන කොමිසමට සහ ආණ්ඩුවේ දූෂණ හොයන්න ජනාධිපතිවරයා පත් කළ කොමිසමටත් අද (28) දිනයේදී පැමිණිලි ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. 28 February 2019
ශ්‍රීලනිපයට නව තනතුරු කිහිපයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව තනතුරු කිහිපයක් හඳුන්වාදීමට එම පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. 28 February 2019
ප්‍රථම වරට වත්කම් බැරකම් ප්‍රකාශ මහජනතාව අතට ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සිය වත්කම් බැරකම් ප්‍රකාශ ජනගත කිරීමට අද (28) පියවර ගත්හ. 28 February 2019
පකිස්තාන - ශ්‍රී ලංකා ගුවන් ගමන් දෙවැනි දිනටත් අත්හිටුවයි පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් දෙවැනි දිනයටත් අත්හිටුවීමට තීරණය කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. 28 February 2019
කරන්නාගොඩගේ පරීක්ෂණ අවසන් බව නීතිපතිගෙන් දැනුම් දීමක් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇතැයි නීතිපතිවරයා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 28 February 2019
ගෝඨාට එරෙහි නඩුවේ තහනම ජුනි 14 ට දිගුවෙයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ජූනි 14 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කළේය. 28 February 2019
රිවොල්වර දෙකක් සමඟ ’දෙමටගොඩ රුවන්’ අල්ලයි දෙමටගොඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සිදුකළ වැටලීමකදී පාතාල නායක දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සොහෝදරයෙකු වන දෙමටගොඩ රුවන් නැමැත්තා සමඟ පාකිස්ථාන ජාතික යුවලක් ඇතුළු නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බාලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතිෆ් මහතා පැවැසීය. 28 February 2019
20 වැනි සංශෝධනය ගැන විපක්ෂ නායක සමඟ සාකච්ඡාවක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ නිල සාකච්ඡාවක් ලබන සතියේදී පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 28 February 2019
ඇවන්ට්ගාඩ් නඩුව මැයි 21 වැනිදා සිට විභාගයට ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව ලබන මැයි 21 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතාට අද (28) නියම කළේය. 28 February 2019
උ:පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක දෙන්න අනුමැතිය උසස්පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබි ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පැවසීය. 28 February 2019
දකුණු පළාත් සභා මන්ත්‍රීට ඇප දහසය හැවිරිදි දැරියක අපයෝජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) ඇප මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂ කැකුණවෙල මහතා අද (28) නියෝග කළේය. 28 February 2019
දැරියක අපයෝජනය කළැයි දකුණු පළාත් සභා මන්ත්‍රී අත්අඩංගුවට දහසය හැවිරිදි දැරියක අපයෝජනය කළ බව කියන දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) නැමැත්තා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 28 February 2019
කුවේට් ගිය ගෘහ සේවිකාවෝ 52 ක් ආපසු එති කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් විවිධ ප්‍රශ්න සහ කරදර වලට භාජනය වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 52 දෙදෙනකු අද (28) කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි . 28 February 2019
වසන්ත කරන්නාගොඩගේ නඩු විභාගයෙන් විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඉවත් වෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ව්‍යාජ තොරතුරු පදනම් කර ගෙන අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජවර්ධනය මහතා අද (28) ඉවත් වූයේය. 28 February 2019
කෝටි 10ක මත්කුඩු සමඟ අයෙක් අත්අඩංගුවට යතුරු පැදියකින් රැගෙන යමින් සිටි රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයකු කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ කුඹුරුපොළ හන්දියේදී අද(28) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි. 28 February 2019
නිතීවිරෝධීව ගෙන ගිය ලංකා රුපියල් තොගයක් ගුවන්තොටෙන් අල්ලයි ශ්‍රී ලංකා රුපියල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (28) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 28 February 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026