ඉතාලියේ පැවැත්වෙන 2019 වර්ෂයේ රූ රැජින තේරීමේ අවසන් මහා තරගයට ශ්‍රී ලාංකික තරුණියක වන සෙව්මි තාරුකා ප්‍රනාන්දු (20) සුදුසුකම් ලබා සිටින්නීය.
තරගය අද (06) වනේතෝ පළාතේ යෙසොලෝ නගරයේදී පැවැත්වීමට නියමිතය.
ඒ සදහා ඉතාලියේ සියලු පළාත් නියෝජනය කරමින් තරුණියන් 80 දෙනෙක් සුදුසුකම් ලබා සිටින අතර වෙනේතෝ පළාතට අයත් පාදොවා දිස්ත්‍රික්කයේ කම්පොසම්පියෙරෝ ග්‍රාමයේ පදිංචි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සෙව්මි තාරුකා ප්‍රනාන්දු (20) මේ සඳහා සුදුසුකම් ලබා තිබේ.
අංක 62 යටතේ ඇය තරග වදී. ඉතාලියේ ප්‍රධාන රූපවාහිනි නාලිකාව වන රායි 1 මගින් අද ( 6) රාත්‍රී 9.25 සිට සජීවී විකාශනය ලබා දෙන අතර ඉතාලි ලියාපදිංචි දුරකථන අංකයක් හිමි අයෙකුට තමන් කැමති තරඟ කාරිය සදහා ඡන්දය භාවිතා කිරීම සදහා අවස්තාව ලබා දී ඇත.
එක් දුරකථන අංකයක් මගින් ( නිවෙස් ස්ථිර දුරකථන හා ජංගම දුරකථන ) ඡන්ද 5ක් ලබා දිය හැක.
ශ්‍රී ලංකා මාතාවට ආඩම්බර විය හැකි වටිනා අවස්ථාවක් අද දින ඉතාලියේ ජිවත්වන සියලු ශ්‍රී ලාංකිකයින් ඉදිරියේ ඇති හෙයින් ඉතාලි තරගකාරියන් 79 දෙනෙක් සමග අංක 62 යටතේ තරග වදින සෙව්මි තාරුකා හට එස්.එම් එස් චන්ද පහක් ඔබේ දුරකතනයෙන් ලබා දී අභියෝගය ජයග්‍රහණයක් බවට පරිවර්තනය කිරීමට ඇයට ශක්තියක් වන ලෙස ඉතාලියේ ජිවත්වන සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් පාදුවා ශ්‍රී ලාංකිකයෝ ඉල්ලා සිටිති.
(චමින්ද මඩවල ඉතාලියේ සිට )




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදෙස්ගත අපේ අයගේ දුවා දරුවන් ලෝකයේ කොයි රටක හිටියත් විවිධ අංශයන්ගෙන් පෙන්වන දක්ෂතා අප කාටත් ආඩම්බරයක්... ජයවේවා..!!!
පුතේ ඔබට අප හදවතින්ම ජය පතන්නෙමු..!!!
බඩුම තමයි... දෙයියන්ගේ පිහිටයි...
රූප රැජිනියක් තෝරද්දී ඡන්දෙ දෙන්න ඕන රූපය ලස්සනට පේන කෙනාට. නැතුව රටේ කෙනෙක් හින්දා අනික් අයව නොසලකා හැරලා ඡන්දෙ දෙනවා කියන එක සාධාරණ නැහැ. ඒ නිසා අනිත් අය මොනවගේද කියලා බලලා සුදුසු කෙනෙක්ට ඡන්දෙ දෙන්න. නැතුව අපේ රටේ දේශපාලකයන් තෝරනවා වගේ රූපරැජිනියකුට ඡන්දෙ දෙන්න එපා.
ජයවේවා... ආඩම්බරයි…
මේ මගේ හා මගේ රටේ ජනතාවගේ උණුසුම් සුබපැතුම් චිරං ජයතු...!!!