(බිඟුන් මේනක ගමගේ)
සිංගප්පූරු නීතියට අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම අතිශය දුෂ්කර වනු ඇතැයි බටහිර ඉන්දීය කොදෙව්හි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ නීති පීඨාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා අද (6) පැවසීය.
මූලික මිනිස් අයිතිවාසිකම් කෙරෙහි සිංගප්පූරු නීතියෙන් වැඩි අවධානයක් යොමු කිරීම ඊට හේතුව යැයි ද යම් හෙයකින් එවැනි අවස්ථාවක් ලැබුණත් ඊට වසර දෙකකට වැඩි කාලයක් ගතවනු ඇතැයි ද ආචාර්ය මහානාමහේවා මහතා අවධාරණය කළේය.
මෙරට නීතිපති දෙපාර්තමේන්තුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු සකස් කිරීම එරට නීති අංශවලට පහසුකාරකයක් වනු ඇතත් ඒවා අධ්‍යයනය කිරීමට සැළකිය යුතු කාලයක් ගත වනු ඇතැයි ද මහානාමහේවා මහතා සඳහන් කළේය.
බැඳුම්කර සිදුවීමට අදාළව මෙරට ජනමාධ්‍යයෙන් ප්‍රකාශ කළ පුවත් වාර්තා අර්ජුන් මහේන්ද්‍රන්ට හොඳ ආයුධයක් යැයි කී හෙතෙම බැඳුම්කර සිදුවීම ඉලක්ක කරගෙන දේශපාලකයන් කළ ප්‍රකාශ ආදිය මගින් දේශපාලන වර්ගීකරණයක් මත සිදුවන නෛතික කටයුත්තක් හැටියට ඊට අර්ථකතනයක් දීමට ඔහුට අවස්ථාව උදාවන්නේ යැයි ද කීවේය.
තමා දන්නා ආකාරයට මේ වනවිටත් අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියකු හැටියට තම නීතිඥයා හරහා සිංගප්පූරු විදේශ අමාත්‍යංශයේ ප්‍රොටකෝල් අංශයට දිවුරුම් ප්‍රකාශයක් දී ඇතැයි ද ඒ මහතා පැවසීය.
පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අදාළ අංශය ප්‍රමුඛතාවයක් දෙන්නේ යැයි ද ඒ අනුව ඇතැම් විට ඉදිරි නෛතික ක්‍රියාමාර්ග වලදී අවශ්‍ය නම් වීඩියෝ තාක්ෂණය හරහා සාක්ෂි ලබාදීම වැනි අවස්ථාවක් සලසාදීමට එරට රජයේ අවධානය යොමු විය හැකි යැයි ද ආචාර්ය මහානාමහේවා මහතා කීය.
රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා හරහා මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන් යන පාතාල නායකයන් ඩුබායි රාජ්‍යයෙන් මෙරටට ගෙන්වා ගත්ත ද උදර්පණ නීතිය යටතේ ගිවිසුම් අත්සන් කර තිබූ යුක්රේනයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වූයේ මන්දැයි තමා ප්‍රශ්න කරන්නේ යැයි ද ආචාර්යවරයා පැවසීය.
ළමා අපයෝජන චෝදනාවක් එල්ල වූ අවස්ථාවේදී වික්ටර් බහුමාන් නමැති ස්විස්ටර්ලන්ත ජාතිකයකු මෙරටින් පලා ගිය අවස්ථාවේදී ස්විස්ටර්ලන්ත රජය කළේ ද එරට අධිකරණ නිලධාරීන් මෙරටට එවා පරීක්ෂණයක් කර සැකකරුට එරෙහිව එරටදී නීතිමය පියවර ගෙන දඬුවම් කිරීම යැයි ද සිංගප්පූරු රජය ද එවැනි පියවරක් අනුගමනය කිරීමට ඉඩ ඇතැයි ද මහානාමහේවා මහතා සඳහන් කළේය.
ඉතාලියට අයත් ගුවන් යානයක් තම ග්‍රහණයට ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සේපාල ඒකනායක සම්බන්ධයෙන් ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා අනුගමනය කළේ ද මේ ප්රතිපත්තියම යැයි ද උදර්පණ නීතිය යටතේ වෙනත් රටක පුරවැසියකු ගෙන්වා ගැනීම හිතන තරම් පහසු නොවන්නේ යැයි ද ආචාර්ය මහානාමහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි අගමැතිතුමනි.
අපගේ මෙම අදහස් සම්පූර්ණයෙන්ම වැරදි ඇත. නමුත් අප ඒවා සඳහන් කළ යුතුය. දන්නා කෙනෙකු සිටියි නම් අපව නිවැරදි කරන ලෙස ඉල්ලා සිටින්නෙමු. දැන් අර්ජුන මහේන්ද්‍ර කියන මේ හෝරාව කව්ද එම තනතුරට නිර්දේශකර ඉදිරිපත් කලේ? පිළිතුර රනිල් නොහොත් සුත්තර පුංචා. ඉතින් හරිම සරලයි නේද "සූත්තරයාගේ" බෙල්ලෙන් අල්ලලා නුඹ නිර්දේශ කළ ඒ තක්කඩියා විසින් කරන ලද " සියලුම වංචා සඳහා නුඹ වගකිව යුතුයි..." ලෙස ප්‍රශ්නකර අදාළ හොරාව ගෙන්වා ගැනීමට වැඩකටයුතු සලසා ගැනීම..
අනේ ගෙන්න ගත්තා කියලා මොනවා කරන්නද? මන් අහන්නේ... වෙන්න ඕනෑ හරිය දැන් වෙලා ඉවරයිනේ.. අපි නිවැරදිකාරයෝ... උද්දමනේද මොකක්ද එකක පැටලිලානේ.., බලන්නකෝ හෙට අනිද්දා වෙන දේ. රාජ කුමාරවරු විනෝදෙට සිංගප්පූරු ගියාම මහේන්ද්‍රන් එක්ක ෂොපින් කරාවි...
මගේ යාළුවා මගුල් ගෙදරකයි ගියේ, මට ඕනෑ වෙලාවක ගෙන්වන්න පුළුවන් කියලා.. එහෙනම් ලොකු අයියා කිව්වේ ඇයි? කිව්වේ ඇයි කියලා ලොක්කන් නම් දන්නවා. නීති ක්රියාකරවන්නත් දන්නවා.. අපිත් දන්නවා. ඒ වුණාට එහෙම කියපු ලොකු අයියලාට එහෙනම් ගෙන්නලා දෙන්නකෝ... කියන්න තරම් හයියක් ඇති කෙනෙක් නෑ. ඇල්ලුවත් හපන්න බැරි හන්දා අල්ලන්නෙත් නෑ.
මොහු මොකට මේ ශ්‍රී ලංකාවට ගේනවද? ගෙනාවා කියලා හොරකම් කරපු මුදල් හම්බ වෙනවද?
මෙම ලිපිය කියවීමේ දී ඉතාම කණගාටුවක් දැනෙන්නේ. මොකද, අපේ රටේ නීතිය පොඩි මිනිහට විතරක් දඬුවම් කිරීමට සැකසී ඇති සහ බලවතුන් හට පැනයාමට ක්‍රම ගොඩනගා ගෙන ඇති අතර, ජාත්‍යන්තර නීතිද වංචනිකයින්, ත්‍රස්තයින් හට සැඟවී සිටීමට අවස්ථාවන් ලබාදීමක් කරනවා. කෙසේ හෝ මහ බැංකු වංචාවට සම්බන්ධ වූ ලාංකිකයින්ට (දේශපාලකයින් ඇතුළු) එරෙහිව අධිකරණ කටයුතු සිදුකමින්, දඬුවම් ලබාදෙමින් සිටින අතරතුර සිංගප්පූරු සහයෝගය ඉල්ලන්නේ නම් එරට ඒ පිළිබඳව සලකා බලනු ඇත. එසේනැතිව වංචාවට අනුබල දුන් පුද්ගලයින් රටේ ඉහළම තනතුරු පවා හොබවමින් කිසිඳු නීතියක් / අධිකරණ කටයුත්තක් සිදු නොවෙමින් තිබෙන තාක් කල් රට තවදුරටත් අගාධයට යනු ඇත.
වැඩේට සුදුසුම පුද්ගලයා අපේ අගමැතිතුමා තෝරාගෙන ඇත...
ඔහු වෙනත් රටක පුරවැසියෙක් නම් මොකද ඔහුට රටේ මහබැංකුවේ අධිපතිකම දුන්නේ? මෙහිදී කළ යුත්තේ ඔහුව පත්කළ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නොවේද? කොහොම නමුත් මෙවන් පසුබිමක එවන් දෙයක් සිදුවේ යැයි සිතීමටවත් නොහැකි බව කණගාටුවෙන් වුවත් කියන්න සිදුවෙනවා. අපි දෙවියන් විශ්වාස කරත්, නැතත් දැන් කියන්න වෙන්නේ දෙවියන්ට පමණයි...
අැයි අගමැතිතුමා ජාතියට දැනුම් දුන්නා නේද මහේන්ද්‍රන් මගුල්ගේක ගියා කියලා..? ජාතිය නොමග යැවීම සහ අපරාධ කරුවෙකුට නීතියෙන් ගැලවීමට උදව් කිරීම යන කාරණා හොඳ වෙලාවකට අපේ රටේ නීතිය කඩ කිරීමක් නොවුණු එක. නැතිනම් ජම්පරය ගස්සන්න තිබුණා...
මොන බොරු කතාවක්ද මේ? දුරකථන ඇමතුමක් දීලා ගම්මන්පිල මහත්තයාගෙන් අහලා බලන්නකෝ.." කේ.පී ගෙනාවා වගේ මහේන්ද්‍රනුත් කුදලාගෙන එන ක්‍රම සහ විධි "හොඳට කියලාදෙයි. හැබැයි ඒ ගොල්ලන්ට ඊට කලින් ජනාධිපති තනතුර ලබා දෙන්න නම් වෙනවා. එච්චරයි.
හරි දැන් මෙයා ගෙන්වන්න අමාරුයි කියමුකෝ... විදේශිකයෙක් යළිත් මහබැංකුවට පත්කිරීම නවත්වන්න මොනවද කරපු නීතිමය වෙනස්කම්...? මුකුත් නැහැ. එතකොට මේ මුදල් ලාංකිකයන් අතට පත් වුණු එක ප්‍රසිද්ධ රහසක්. එම මුදල් නැවත ගැනීමට මහේන්ද්‍රන් අවශ්‍ය නැහැ. ලංකාවේ ඉන්නේ බහුතරයක් මෝඩ ජනතාව බව මේ ආණ්ඩුව හිතන් ඉන්නේ...
රට කන්නම උපන් අය තමයි.
විජාතිකයෙකු වන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කිරීම, අගමැති විසින් හොඳින් සැලසුම්කර සිදුකරන ලද්දක්... මේ සිද්ධියට වගකිව යුත්තේ අගමැතියි.
වැඩ බැරි එකාට කොහොමත් බැහැ. ඒවාට තමයි බුද්ධි අංශ පාවිච්චි කරන්න ඕනෑ. අනික සිංගප්පුරුවේ නඩු ඇහුවොත් මැරෙන්න තමයි වෙන්නේ...
මට මතකයි සමහර විද්වත්තු කිව්වා ලංකාවේ ත්‍රස්තවාදය යුද මාර්ගයෙන් පරාජය කරන්නත් බැහැ කියලා. අපි හැමෝටම මේකෙන් ඉගෙන ගන්න තියෙන පාඩම් තමයි එක්කෙනෙකුට බැරිදේ තව කෙනෙකුට පුළුවන් බව...
රනිල් වික්‍රමසිංහගේ අනුග්‍රහයෙන්, අරජුන් මහේන්ද්‍රන් හරහා ඇලෝසියස්ට දුන්න මහ බැංකුවේ සල්ලි සේරම තියෙන්නේ සිංගප්පූරුවේ බැංකුවල. ඒක අති විශාල මුදලක්. ඇලෝසියස් මාසෙකට කීපාරක් සිංගප්පූරු ගිහිල්ලා තියෙනවද කියලා බලන්න. ඒක නිසා සිංගප්පූරුව මේ කපේට මහේන්ද්‍රන්ව ලංකාවට දෙන්නැහැ.
තත්වය එහෙම නම් මහා හොරා නැතුව නඩු අහලා හොරකමට සම්බන්ධ එයාගේ බෑනා.. අර මුකුත්ම නොදන්නා හිටපු මුදල් ඇමති ඇතුළු අනිත් පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර, මහා හොරා ඇතුළු කල්ලියේම දේපල රාජසන්තක කිරීම...
අර්ජුන් මහේන්ද්‍රන් ලංකවට ගෙන්වන්නෙත් නැහැ. බැඳුම්කර සිදුවීම කාලය කරපු හන්දා කවුරුත් ඕක අදින්නේ නැහැ.
Ravindra ," දැන් අර්ජුන මහේන්ද්‍ර කියන මේ හෝරාව කව්ද එම තනතුරට නිර්දේශකර ඉදිරිපත් කලේ? පිළිතුර රනිල් නොහොත් සූත්තර පුංචා... ඉතින් හරිම සරලයි නේද "සූත්තරයාගේ" බෙල්ලෙන් අල්ලලා නුඹ නිර්දේශ කළ ඒ තක්කඩියා විසින් කරන ලද " සියලුම වංචා සඳහා නුඹ වගකිව යුතුයි..." ලෙස ප්‍රශ්නකර අදාළ හොරාව ගෙන්වා ගැනීමට වැඩකටයුතු සලසා ගැනීම.". මේ අනුව අවසානයේදී ප්‍රධාන වැරදිකරු ඔවුන් පත් කල ජනතාව නේද?
ලේසිපහසු නැති නිසා වෙන්න ඇති අපේ ජනාධිපති ලොක්කට එම 21000 පිටුවලට අත්සන් කිරීම පමා වුනේ!!! අනේ මගේ කට...!!! ඡන්දෙ ලං වෙන කොට එයාගෙත් ඇස් ඇරිලා වගෙයි. දැන් ඒක "ටූ ලේට් " නැද්ද හලෝ?
මැතිවරණකාලවලට විතරක් මතුවෙන.. පස්සේ යටයන තව සිද්ධියක් විතරයි.. මෙයාව ගන්න බැරි නම් එයාව නිර්දේශ කරපු මනුස්සයා ගන්න..
ඇයි දැන් ඔය මහින්දගේ පුතාගේ මගුල් ගෙදර ඇවිල්ලා හිටියේ? කොහොමද ඔච්චර අමාරු වෙන්නේ ගේන්න? පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න, නාමල්ගේ මගුල් ගෙදරට ආවම අල්ලගමු.
කොපමණ උඩ පැන්නත් ඔහු ලංකාවට ගෙන්වීමට පක්ෂ විපක්ෂ සියලුම නායකයන් හිතයටින් කැමති නැහැ. ඇයි ඔහු ආවොත් මුදල් ගත්ත ඔක්කොම හෙළිකරනවා කියන බයට... අර්ජුන්ලාගෙන් මුදල් නොගත් පක්ෂ විපක්ෂ දේශපාලකයෙකු සෙවීම කළුනික සොයනවා වගේ වැඩක්... කාර් පර්මිට් එක හොරට විකුණලා මුදල් හොයන දේශපාලකයා මෙහෙම නිකන් සල්ලි බෙදනකොට නොගෙන ඉන්න මරු අයියලා...
ඕක මොකක්ද අපේ රටේ එවුන් හොරා කන එක දිහා බැලුවාම? නමුත් දුක මොකකටවත් නෙමෙයි විදේශියෙකුට රට මංකොල්ලකන්න අපේ එවුන් අනුග්‍රහය දක්වපු එකටයි.