(රංජිත් රාජපක්ෂ)
ප්රීමා සමාගමේ නිෂ්පාදිත සෑම තිරිඟු පිටි කිලෝවක්ම අද (06) සිට රු 5.50 කින් ඉහළ දමන්නැයි එම සමාගමේ පාලන අධිකාරි මගින් දිවයිනේ සියලුම ප්රීමා පිටි ඒජන්තවරුන්ට දැනුම් දී ඇත.
මේ අනුව අද සිට ප්රීමා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 92 කි.
පිටි මිල ඉහළ යාමට හේතුව සමාගම විසින් මෙතෙක් දැනුම් දී නොමැති අතර වෙළදපොළේ තිරිඟු පිටි කිලෝවක් සදහා පාලන මිලක් පාරිභෝගික සේවා අධිකාරිය මගින් ප්රකාශයට පත් කර ඇත.
තිරිඟු පිටි වැඩිවීමට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ යන බව බේකරි හිමියෝ පවසති. ප්රීමා සමාගම විසින් ඉකුත් ජුලි මස 16 වැනි දින තිරිඟු පිටි කිලෝවක මිල රු 8 කින් ද ඉහළ දමා තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ බුද්ධික ඇමතිතුමා...?
අනුමත මිලට වැඩියෙන් විකුණන පුද්ගලයින්ට නීතිය ක්රියාත්මක කළයුතුයි. පාන් කන්න එපා. බත්, කොස්, පොළොස් අල වර්ග තියෙන්නේ...