ජනපති පරීක්ෂණ කොමිසන් සභාවට පැමිණිලි බාර ගැනීම 7 වැනිදායින් අවසන් රාජ්‍ය ආයතන වල දූෂණ වංචා සෙවීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවට පැමිණිලි බාර ගැනීම මේ මස 7 වැනිදා අවසන් කෙරෙන බව එම කොමිසම සඳහන් කරයි. 03 March 2019
මාතර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ සිසුන් 13 ක් අත්අඩංගුවට මාතර විශ්ව විද්‍යාලයේ විද්‍යායතන භූමියේ පිහිටි රජයේ වී ගබඩාවට වී තොග රැගෙන ඒමට ඉඩ ලබානොදී පොලිස් රාජකාරියට බාධා කර අධිකරණ නියෝගය උල්ලංඝනය කළ බව කියන සිසුන් 13 දෙනෙකු අද (03) සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය පවසයි. 03 March 2019
රත්ගම ඝාතනයට වන නිලධාරියෙකුත් දැළේ රත්ගම රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කර සිරුරු පුලුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට කණුමුල්දෙණිය රක්ෂිතයේ බීට්ටු වන නිලධාරීයා හා පොලිස් කොස්තාපල්වරයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 03 March 2019
ඩෙවොන් ඇල්ල නරඹන්න එන සංචාරකයින්ගෙන් මුදල් අය කරයි හැටන් දිඹුල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඩෙවොන් දිය ඇල්ල නැරඹීමට දිනපතා දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන වාහන වලින් කොටගල ප්‍රාදේශීය සභාව කිසිඳු පොදු පහසුකමත්වත් ලබා නොදී අයතා ලෙස මුදල් අය කිරීම හේතුවෙන් සංචාරකයන් දැඩි අසීරුතාවයට පත්වී ඇත. 03 March 2019
රත්ගම ව්‍යාපාරිකයින්ගේ ජංගම දුරකතන සොයා ගනී ඝාතනය කරන ලද රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ජංගම දුරකතන දෙක දික්වැල්ල නගරය ආසන්නයේ ඇති නව බෙලිඅත්ත මාර්ගයේ සපත්තු පාළම අසළ කලපුවට දමා තිබියදී ගාල්ල නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් යොදා අද (03) සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි. 03 March 2019
කංජිපානිගේ ගෝලයින් තිදෙනෙක් වැල්ලම්පිටියෙන් අල්ලයි පාතාල නායක මාකඳුරේ මදූෂ් නැමැත්තා සමග ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු හෑෂ් සහ කේරල ගංජා සමග අද (03) වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පැවසීය. 03 March 2019
ශ්‍රී ලංකාව 231 කට දැවී යයි දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග් නුවරදී අද පැවැත්වෙන පළමුවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 47 ක් අවසානයේදී ලකුණු 231 කට දැවී ගියේය. කුසල් මෙන්ඩිස් ලකුණු 60 ක් ලබාගත්තේය. 03 March 2019
සවුත්ලන්ඩ් විදුහල්පතිනියට බැණ තර්ජනය කිරීම ගැන විමර්ශනයක් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිනියට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් ගැන විමර්ශනයක් ආරම්භ කළ බව ගාල්ල පොලිසිය කියයි. 03 March 2019
කිරිවෙහෙර විහාරයේදී ගිනි තබාගැනීමෙන් විහාරස්ථානයට හානි කතරගම දේවාල භූමියේ පිහිටි පුරාණ කිරි විහාරය තුළදී අද (03) පුද්ගලයකු ගිනි තබා ගැනීම හේතුවෙන් විහාරස්ථානයට සුළු හානි වී ඇත. 03 March 2019
ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් ඕනෑ යයි උතුරේ දේශපාලන පක්ෂ 6 ක් කියයි යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් මෙරට ස්ථාපිත කළ යුතු බවට හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඒ වෙනුවෙන් නිත්‍ය නියෝජිතයෙකු පත් කළ යුතු බවට ඉලංගයි තමිල් අරසුකච්චි පක්ෂය ප්රමුඛ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හයක් පවසයි. 03 March 2019
නොබෙල් සාම ත්‍යාගයට ඉම්රාන් ඛාන් නිර්දේශ කිරීමට සැරසේ කලාපයේ සාමය උදෙසා ලබාදුන් දායකත්වය වෙනුවෙන් පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ කිරීමට නියමිතය. 03 March 2019
කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (3 වැනිදා) පැවැත්වෙන පළමු වැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. 03 March 2019
ලක්ෂ 5ක කොකේන් සමඟ නයිජීරියානුවන් දෙදෙනකු අත්අඩංගුවට රුපියල් 500,000ට අධික වටිනාකමින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි නයිජීරියානු ජාතිකයන් දෙදෙනෙකු හා ත්‍රීරෝද රථ රියදුරු ගල්කිස්ස බේකරිය හන්දියේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 03 March 2019
ඉහළ කොත්මලේ ජලාශයේ ජලය ඉවත් කෙරේ නඩත්තු කටයුත්තක් සඳහා තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ ජලය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට අද (03) ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ. 03 March 2019
පාතාල සාමාජිකයකු බව අඟවා තර්ජනය කළ මන්ත්‍රීවරයකු ගැන පරීක්ෂණ බෝගම්බර හිර ගෙදර සිටින පාතාලයෙකු බව හඟවා වෙන්නප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන එල්ල කළ බව අනාවරණය වූ වෙන්නප්පුවප්රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. 03 March 2019
අනුරාධපුර රෝහලේ ලක්ෂ 63 ක් හොරු ගනිති අනුරාධපුර ශික්ෂණ රෝහලේ සරප් නිලධාරියාගේ කාර්යාල කාමරයේ ලිපි ගොනු කිහිපයකට ගිනි තබා ගණකාධිකාරිවරයාගේ මුදල් සෙප්පුව කඩා එහි වූ රුපියල් 6,300,000ක මුදලක් අද(03) සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 03 March 2019
කෝටි 3ක වාලම්පුරියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට රුපියල් කෝටි 3කට මිලකර තිබූ වාලම්පුරියක් රුපියල් දෙකෝටි අනූපන් ලක්ෂයකට අලෙවි කිරිමට උත්සාහ කළ සැකකරුවෙකු හාලිඇල උඩුවර 7 කණුව ප්‍රදේශයේ තේ වත්තක කම්කරු නිවාසයකදී එම වාලම්පුරිය සමග අත්අඩංගුවට ගැනීමට ඌව නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා යටතේ පවතින බදුල්ල දිස්ත්‍රික් වැටලීම් ඒකකය අද (02) රාත්‍රී සමත්විය . 02 March 2019
මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් උතුරේ සියලුම පාසල් 05 වැනිදා වසාදමයි ලබන සඳුදා දිනට යෙදී ඇති මහා ශිවරාත්‍රී දිනය නිමිත්තෙන් 05 (අඟහරුවාදා) දිනයේදී උතුරේ සියලුම පාසල් වෙතට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් අද (02) දින නිවේදනය කර සිටියේය. 02 March 2019
පොළොන්නරුවේ විදුලිය ඇණහිටීමෙන් පාසල් දරුවෝ අසරණ වෙති පැයකට වැඩි කාලයක් පොළොන්නරුවේ විදුලිය ඇණහිටීම නිසා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වෙමින් තිබෙන සමස්ත ලංකා පාසල් චෙස් තරගාවලියට ඉදිරිපත්ව සිටින පාසල් දරු දැරියෝ මහත් අපහසුතාවට පත්ව සිටිති. 02 March 2019
ශ්‍රී ලංකාවට පූර්ණ සාමාජිකත්වය නැවතත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය නැවත වරක් ශ්‍රී ලංකාවට හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසයි. 02 March 2019
පාසල් සිසුවෙක් - සිසුවියක් දුම්රියේ ගැටී මරුට පාසල් සිසුවෙක් සහ සිසුවියක් දුම්රියේ ගැටි ජීවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි. 02 March 2019
ලාල්කාන්ත රිමාන්ඩ් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථයට ගැටී කාන්තාවක හා ඇගේ ඥාතී දියණියක තුවාල ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මාර්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය නියෝග කළාය. 02 March 2019
පොලිස් වෙස් ගත් සෙබලුන් තිදෙනෙකු අල්ලයි පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් මොරගහහේන ගෝනපොල ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රී මාර්ගයේ ධාවනය වූ වාහන සහ පුද්ගලයන් පරීක්ෂා කරමින් සැකකටයුතු ලෙස රැඳී සිටි පනාගොඩ යුද හමුදා කඳවුරේ සෙබලුන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලීසිය කියයි. 02 March 2019
ගුවන් හමුදා නියමුවා ඉන්දියාවට පැමිණෙයි පාකිස්තාන අත්අඩංගුවට පත්වූ ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් පැය කිහිපයක ප්‍රමාදයකින් පසුව අද (1) රාත්‍රී 9.30ට පමණ පමණ නැවත ඉන්දියාවට පැමිණියේය. 01 March 2019
කැබිනට්ටුවේ අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි නොකළ යුතුයි ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට කැමැති වුවත් කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීමට තමන් කැමැති නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා කොළඹදී පැවැසීය. 01 March 2019
කුඩාවැල්ලෙන් පැනගිය සැකකරු කෑගල්ලෙන් අල්ලයි කුඩාවැල්ල ධීවර වරායේදී වෙඩි තබා හතර දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන දින හතක් නිල නොවන ලෙස රඳවාගෙන සිටියදී පැන ගියැයි කියන සැකකරුවකු කෑගල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි. 01 March 2019
හිටපු මන්ත්‍රී ලාල්කාන්ත අත්අඩංගුවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථය අද (1) අනුරාධපුර බන්ධනාගාරය අසලදී යතුරුපැදියක ගැටීමෙන් කාන්තාවක් හා ඇගේ ඥාතී දියණියක් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය පවසයි. 01 March 2019
පාකිස්තානය - ලංකාව අතර ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවයි පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් මාර්තු මස (4) දින තෙක් ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා අද (1) පැවසීය. 01 March 2019
කෝටි 700 ක දියමන්ති කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට මහරගම පන්නිපිටිය ඇරැව්වල මැණික් ව්‍යාපාරියකු සතුව තිබු රුපියල් කෝටි 700 පමණ වටිනා දියමන්තිය හා මැණික් ගල් කිහිපයක් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු පිළියන්දල දී අද (1) පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 01 March 2019
“ඉදිරි ජනාධිපතිවරණයේදීත් දූෂණ විරෝධී සටනක් කරනවා” පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන්ම එළඹෙන ජනාධිපතිවරණයේදීත් දූෂණයට විරුද්ධ සටනක් ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 01 March 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026