( ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා )
කරාපිටිය ශික්ෂණ රෝහලේ සැරි සරමින් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් කටයුතු කරන ලද පුද්ගලයෙක් අද (09) දහවල් සැක පිට අත්අඩංගුවට ගත් බව කරාපිටිය රෝහල් පොලීසිය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ළඟ වෙද නළාවක්, දිනපොතක් සහ ජංගම දුරකථනයක් තිබූ බව පොලීසිය පවසයි.
අවුරුදු 25 ක් වන සැකකරු දික්වැල්ල බතීගම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙක් බව මූලික විමර්ශනයේදී අනාවරණය කර ගෙන ඇත. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල පොලීසියට භාර දීමට නියමිත බව ද පොලීසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහල් පොලිසිය සහ ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා... !! මෙයා ගැන හෙට අසනීප වෙන්න යනබව ඊයේ දන්නා රාජ්‍ය පරිපාලන අයට කියන්න තිබුණනේ. හොර වෛද්‍ය සහතික ටික ලියාගන්න...
සයිටම් යන්න බැරි වුණු ළමයෙක්...