(අංජුල මහීක වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුව අනිද්දා (10) පැවැත්විමට නියමිතව ඇතැයි එ.ජා.ප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳ හන් කරයි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පමණක් හමුවී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබදව තීරණය කළ යුතු බව ඉකුත් සිකුරාදා(6) පැවති විශේෂ සාකච්ඡාවකදී ගත් තීරණයකට අනුව මෙම හමුව සිදුවෙයි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එ. ජා. ප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අතර පැවති මෙම හමුවේදී අද(8) දින ‘‘රනිල්, සජිත්’’ හමුව පැවැත්විය යුතුයැයි තීරණය විය.
කලින් යොදාගත් සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීම සඳහා නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට හම්බන්තොටට යාමට සිදුවී තිබීම මෙන්ම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද යාපනය සංචාරයෙන් පසු කොළඹ පැමිණයේ අද(8) දිනයේ බැවින් මෙම හමුව මදක් කල් දමන්නට සිදුවූ බව එක්සත් ජාතික පක්ෂ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂ පූර්ව කැබිනට් රැස්වීම අද (8) පැවැත්වීමට නියමිතව තිබුනද ඊටද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ පැමිණීම තහවුරු කර නොතිබිණි.
මේ අනුව අනිද්දා(10) කැබිණට් මණ්ඩළ රැස්වීමෙන් අනතුරුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අතර විශේෂ සාකච්ඡාව පැවැත්වෙනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග තහවුරු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාලගිරි අද නොවෙයි හෙට..
ඔය දෙන්නම එපා... අපට ඕනෑ කරු, චම්පික, රාජිත හෝ ෆීල්ඩ් මාර්ෂල් යන අයගෙන් කෙනෙක්...
ඔය 225ම අපට එපා..
බණ්ඩා මහතාගේ ඉල්ලීම ගැන අපගේ සහයෝගය...
හමුවෙන්නේ ඡන්දෙන් පස්සේ...
වැඩ වැඩිකම නෙවේ, මේ හමුව කල්ගියේ සජිත් ප්‍රේමදාස යතාර්ථයට මුහුණ නොදී මඟ හරින නිසයි. දේශපාලන බලය ලබාගැනීමට කෙටි පාරවල් හොයමින් තමන්ට වාසිදේ පමණක් ගැන දොඩවන එජාපයේ ඉතිහාසය ගැන වැඩි දැනීමක් නැති පිරිසක් එකතුව මේ හදන්නේ "වෙනත් කෙනෙකුගේ පදවලට නටන එකද" කියාත් සමහරු අහනවා. සජිත් ප්‍රේමදාස එජාප නායකත්වය සඳහා බොහෝ සටන් දියත්කළ අයෙකි. ඒ සියල්ල අවසන් වුනේ රනිල් "තමන්ට කැමති ජාතියේ ගිවිසුම්වලට" සජිත් පොළඹවා ගැනීමෙනි. සජිත් වෙනුවෙන් පෙනීසිටි දයාසිරි, මෛත්‍රී ගුණරත්න, ශිරාල් වැන්නවුන් අද ඉන්නේ වෙනත් තැන්වල හුදෙකලා වෙලාය. හරීන්, බුද්ධික වැනි අය බේරුනේ අනූනවයෙනි. සජිත් සමඟ රටවටේ නටනටා යන කට්ටිය රනිල්ගේ පැසුණු බුද්ධියට සමච්චල් කළයුතු නැත. ඔවුන් මුලින්ම එජාපයේ ඉතිහාසය ඉගෙනගත යුතුය. අද අපි දකින්නේ එක්තරා නාලිකාවක හිමිකරුවෙකු රනිල්ට එරෙහිව වසර ගණනාවක් පුරාවට ක්‍රියාත්මක කළ පළිගැනීමේ ක්‍රියාවලියක කුටාප්‍රාප්තියයි. සියල්ලටම පෙර මේ නොමිනිස්සුන්ගෙන් රට බේරාගැනීමට කාලය පැමිණ ඇත..
මේ ඉරිදා වාගේ නොවන්න. මාගේ පැතුම් මාගේ සිතුම් සුන් නොකරන්න. පරණ සින්දුම තමයි ගහන්නේ...
වලපයයි, ගොඩපයයි මහල්ලන් ගෙදර යායුතුය.. නැත්තම් මේක මහල්ලන්ගේ ජනාධිපතිවරණය විදියට නම් වෙනස් කලයුතුය..
උගත්කම ඇත, වැඩ බැරිය. අනෙකාට උගත්කම නැත. උගත්කමත්, හැකියාවත් ඇති කෙනෙක්, චම්පික... එයාට දෙන්න බැරි නම් කරු, යම් ප්‍රමාණයකට උගත්කමත් හැකියාවත්, පරිණත භාවයත් සමගින්...
රනිල් කියන්නේ කවදාවත් සාමාන්‍ය ජනතාව ගැන තියා පාක්ෂිකයින්ගේවත් ප්‍රශ්න ගැන සොයාබලපු මිනිහෙක් නෙවෙයි. 1994 ඉඳලා 2002දී සහ 2015 දක්වා දේශපාලන පළිගැනීම්වලට ලක්වෙච්ච පාක්ෂිකයින්ට අවුරුදු 4ක් ගතවෙලත් මොනවද කලේ? තමන්ගේ හිතවතුන්ට සහ නෑදෑයින්ට නම් හොඳ තැන්වල පත්වීම් දීලා හොරකම් කරන එක කරන්න දුන්නා. උදා ශ්‍රී ලන්කන් එකට හිතවතාගේ මල්ලිව දැම්මා. එයාට යූඑන්පී වෘත්තීය සංගම් එක්ක කතාකරන්න වෙලාව තිබුණේ විනාඩි 5ක් පමණයි. දැන් ඉදිරි ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පොදුපෙරමුණ දිනුවම රනිල්ට ගෙදර ඉඳගෙන ඉගෙන ගන්න පුලුවන්... කොහොමද දේශපාලන පළිගැනීම්වලට ලක්වෙච්ච පාක්ෂිකයින්ට සලකන්නේ... කියලා.. දෙයියන්ගේ නාමෙට ගෙදර ඉන්න.
රනිල්ට සහ රනිල් හිතවාදීන්ට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැතිනම් මොකද කරන්නේ? පසුගිය අවුරුදු 25 පැරදුණා වගේ දිගින් දිගටම පැරදි පැරදී ඉන්න පුළුවන්...
අපේ රටට සුදුසුම නායකයා... අරාබි රටේ නායකයෙක් මිසක් වෙන කවුරුත් නෙමේ.. හොරකම්, මිනීමැරුම්, දුෂණ, එන්න එන්නම දරුණු ලෙස වැඩිවෙනවා.. එක නඩුවක් අහන්න අවුරුදු 30ක් යනවා. නඩු ඉවර වෙනකොට, පැමිණිලිකරු ජිවිතයෙන් සමුඅරගෙන... ලෝකේ කොහෙවත් නැහැ ලොක්කන්ගේ පදේට නටන තැන්... ඒකනේ ලෝකෙන්ම උතුම් රට කියන්නේ.., දිව්‍ය ලෝකෙන් උතුම්ම රට වෙනවා අරාබි නායකයකුට දීලා රටට සුද්දයක් දුන්නා නම්... උදේට නඩුව අැහුවා හවසට එල්ලුවා...
මේ 225ම හොරු...
කෝට්ටේ පෙරහරෙදී කුලප්පු වූ අලියෙක් ඉදිරියට දුවගෙන ඇවිත් ඉදිරියෙන්ම යන කරඬුව ගෙනියන ඇතා ගාවට ආපු ගමන් ක්ෂණිකව "බ්රේක්" පාරක් ගහලා නතර වුණා. සජිත්ට වෙන්නෙත් ඒ ටික තමයි...!!!
මහබැංකු හොරකම එක්සත් ජාතික පක්ෂය විනාශ කරා...
සජිත් කියනවා එයා දිනුවට පසුව රජ ගෙවල්වලට මන්දිරවලට යන්නේ නැහැ ජනතාවත් සමග මහපාරේ ඉන්නේ කියා .මම දන්නේ නැහැ මෙහෙම කියනකොට මිනිසුන් අත්පොඩි ගසන්නේ සිහියෙන්ද අසිහියෙන්ද කියලා ?ජනපති කෙනෙක් මොන රටේද මහපාරේ ජීවත් වෙන්නේ ? මෙහෙම බොළඳ චන්ද දායකයන් ඉන්න සමාජයක ඉන්න නොලැබීම අපිනම් පුරුවේ කල පිනක් .
මොන එකකට හම්බුවෙලා කතා කරනවද? ඔය ටෙලිෆෝන්, ස්කයිප්, වයිබර්, අරව මෙව්වා තියෙන්නේ සාකච්චා කරන්න ඕනෑමනම්. ඔය සාකච්චවත් නිකම් සංදර්ශනයක් විතරයි. අනික ඒ සාකච්චා මාර්ග ගැන නොදන්නවාද? අර යුද්ධ කාලේ ඔව්වගෙන්නේ ලංකාවට යුද්ධ ආධාර දෙන්න එපෝ එපෝ කියල ලෝකේ පුරා නායකයින්ට කිව්වේ?
රටේ ප්‍රශ්න පක්ෂයේ ප්‍රශ්න කිසිවක් නොසොයා පක්ෂ නායකත්වය විතරක් තියාගෙන මොනවා කරන්නද? නිසි වයසේදී විශ්‍රාම යාම දේශපාලන පක්ෂ නායකයින්ටත් පොදු විය යුතුයි.
යමකට තදින් ඇලුම් කරන්නා ඒ දෙය කෙරෙහි ලෝභයෙන් අන්ධ වී එය ලැබීමට බාධා වන අයට ගල්මුල් ගසමින් නොයෙක් අන්ත ක්‍රියා කරමින් මෝඩ කම ප්‍රදර්ශනය කරද්දී ගඳ ඇති තැනට නිල මැස්සෝ රැස්වෙන්නා සේ තම වාසිය ගැනීමට මානබලන පිරිස ඔහු වටා රැස්වෙති. නැතහොත් එවැනි පිරිස් මෙවැන්නෙකු එසේ මෙහෙයවා තම වාසිය අරභයා ක්‍රියා කරති. මෙවැන්නෙකුගෙන් ගතහැකි වටිනාකම් තිබේ නම් ඒවා කාටත් ලැබෙන අයුරු ඔහුව හසුරුවා ගන්න දත් ප්‍රඥාවන්තයෙක් ඔහු කැමති දේ ලබා දී පනින්න හැකි අශ්වයාගේ පිම්ම හරියට පන්නන ජොකියා සේ ඔහුව පාලනයකින් යුතුව හසුරවමින් නිලමැස්සන්ට ඉහඳ තබන්නට නොදී ගඳ නැතිකරන නිසි බෙහෙත යොදනු ලබයි. අශ්වයාට දුවන්න, පනින්න හැකිවුණාට ජොකියාට මෙන් අශ්වයින් පැන්නිය නොහැක. රනිල් ලෝක බලවත් අශ්වයින්ද පන්නා උපාය දත් පළපුරුදු ජෝකියෙකි. රනිල්ට පයින් ගසා අශ්වයා තනි ගමනකට සැරසුනොත් මෛත්‍රීගේ මෙන් කකුල් කැඩෙනු නියතය. එ් නිසා සජිත්ද ජනපති අපේක්ෂකයා වෙනවා නම් රනිල්ට ගරු කරමින් ගමන යායුතුයි. අංගුලිමාල මිනීමරා රහත්වූවා සේ දුර්වලකම් ඇති අප කාටත් හේතු හදාගන නිවැරදි වියහැකි බව බුදුන් පෙන්වා දුන්හ.
රැකියා දේශපාලන ආදී සියලු ක්‍රියාවලදී වයෝවෘද්ධයින් ඉවත්වී තරුණයින්ට දෙන්න කීම පළපුරුදු නැති අයගේ මෝඩ ගීතිකාවකි. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියා බටහිර බුද්ධිමතුන් පවසති. පෙර රජවරුන්ගේ පුරෝහිතයින් වයෝවෘද්ධ සෘෂීන්ය. වර්තමානයේ බලවත් ව්‍යාපාරිකයෝ වයෝවෘධ ඒ ඒ විෂයන් පිළිබඳ පළපුරුදු හා උගත් පිරිස් සමග සාකච්ඡා පවත්වති. මුළු ලෝකයේම රාජ්‍ය නායකයින් වයෝවෘධයෝය. තුන් යානය දේශනාකරමින් උපාය කෞශල්‍ය ඥාණය හා සියුම් ප්‍රඥාවෙන් තරුණ භික්ෂූන් මෙහෙයවූ සියලු බුදුවරුන්ද සත්‍ය වූ මහා ධර්මය දේශනා කරන්නේ පිරින්වන් කාලය පැමිණිවිට සියලු රහතුන්වහන්සේලා වයෝවෘධ අවස්ථාවේදීය. මන්ද වයෝවෘද්ධ වනවිට යමෙකු ක්‍රියාත්මකවූ ක්ෂේත්‍රයෙහි පලපුරුද්ද ලබා පරිණත වන බැවිණි. වත්මන් ලෝකයේ රාජ්‍යතන්ත්‍ර ඥානයෙන් පරිණත වූ එකම පුද්ගලයා රනිල්ය. 1984දී ජේආර් රොනල්ඩ් රේගන් වයිට් හවුස්හිදී මුණගැසී අවුරුදු 18කට පසු 2002දී රනිල් ජෝජේ බුෂ් වයිට් හව්සියේදී මුණගැසුණි. රනිල් නීතිය පිළිබඳ ආචාර්යවරයෙකු බව බොහෝදෙනෙක් නොදනිති. නමුත් 2001 රනිල්ගෙන් උප ඇමතිකම ලබාගත් දවසේ පටන්ම රනිල්ව එලවා පක්ෂේ බලය ගන්න හදන ඒ කිසිම පළපුරුද්දක් නැති සජිත් හොඳයි කියන මෝඩයන් වැඩිය.
Wasudewa රනිල් වැඩක් ඇති දෙයක් නොකළ බවයි ඔබ කියන්නේ. ජේ.ආර් එදා හදපු විධායක බලය තම වාසියට පත්කරගත් හිටපු නායකයෝ ඔවුන්ට විරුද්ධ වූවන් අතුරුදහන් කරමින් 2015 පරාද නොවුණා නම් ලංකාවට තහංචි පනවලා ලෝක යුද අධිකරණයට නියම වෙන්න තිබුණු අතර කපලා තිබුණු ජී.එස්.ටී. නැවත ලබාගන ඒ භයානක අනතුරින් හිටපු නායකයෝ බේරාගෙන 1994 සිට බලයට ආපු සියලු නායකයෝ පොරොන්දු දී නොකළ එකාධිපති ජනපති බලතල අගමැති කතානායක හා ජනපති අතර බෙදා පාර්ලිමේන්තුවේ අවසර නැතිව ජනපතිට කිසිවක් කරන්න බැරි කර ස්වාධීන කොමිෂන් ඇතිකර අධිකරණය ඇතුළු මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ස්වාධීන කර සුදුවෑන් නැතිකර ප්‍රජාතන්ත්‍රවාදය මතුකලේ මෛත්‍රී පරාජය වුණු අයටත් චිට් මන්ත්‍රීකම් හා ඇමතිකම්දී ශ්‍රීලනිපය හදන්න සජිත් සමග ඉන්න සමහරුනුත් අල්ලාගෙන රනිල්ව එලවන්න හදද්දී. මාදුළුවාවේ හිමි රොටිය පිච්චුනා කිව්වේ මේ බව දැකලා.. ආර්. ප්‍රේමදාස නැත්තටම නැතිකළ එජාපය අද දිනන තත්වයට පත්කළෙත් රනිල් තමයි. තව බොහෝ දේවල් කර ඇත.