(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සහයකයින් බඳවා ගැනීමේදී පැවැති සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල වහාම අවලංගු කරන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අදාළ නිලධාරීන්ට නියෝග කර ඇත.
සෞඛ්‍ය සේවා සහයකයින් 454 දෙනෙකු සඳහා පැවති පුරප්පාඩු වලට බඳවා ගැනීම සඳහා අපේක්ෂකයින් 1923 ක් අයදුම් කර තිබූ අතර බඳවා ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා හේතුවෙන් මෙලෙස ප්‍රතිඵල අත්හිටුවීමට නියෝග කර තිබේ.
ප්‍රතිඵල අවලංගු කරන ලෙස නැවත සම්මුඛ පරීක්ෂණ පවත්වා මාසයක් ඇතුළත අදාළ පුරප්පාඩු වූ තනතුරු සඳහා නිලධාරීන් බඳවා ගැනීමට ආණ්ඩුකාරවරයා උපදෙස් දී තිබේ.
ඒ අතර එහි විනිවිදභාවය ආරක්ෂා වීම සඳහා කණ්ඩායම් 24ක් පත් කර ඇති අතර සෑම කණ්ඩායමකටම නිලධාරීන් 3 දෙනෙකු සිටින සිටී.
ඊට අමතරව උතුරු පළාත් මහජන නියෝජිතයන්ගෙන් එක් නියෝජිතවරයෙකු සහ සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වන අයදුම්කරුවන් විසින් නම් කරන අයෙකු නිරීක්ෂකයන් ලෙස සහභාගී වේ.
ව්‍යාජ සහතික සහ ලියකියවිලි සහිතව ඉදිරිපත් වන්නන් සඳහා නීතිමය පියවර ගන්නා බවට ආණ්ඩුකාරවරයා විසින් අනතුරු අඟවා ද ඇත.
එමෙන්ම මෙම රැකියාවලට බඳවා ගැනීමේදී 2020 ජනවාරි 1 වන දින සිට ආබාධිත පුද්ගලයින් සඳහා උතුරු පළාත් බඳවා ගැනීමේ කෝටාව සියයට 6 ක් ද, කාන්තා මූලික පවුල් සඳහා සියයට 5 ක් ද අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා සියයට 3 ක් සහ සංක්‍රාන්තික ලිංගිකයන් සඳහා සියයට එකක් ලෙස වෙන් කිරීමට තමා බලාපොරොත්තු වන බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට, මෙහෙම අය තමයි රටට ඕනේ...
"එමෙන්ම මෙම රැකියාවලට බඳවා ගැනීමේදී 2020 ජනවාරි 1 වන දින සිට ආබාධිත පුද්ගලයින් සඳහා උතුරු පළාත් බඳවා ගැනීමේ කෝටාව සියයට 6 ක්ද, කාන්තා මූලික පවුල් සඳහා සියයට 5 ක්ද අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා සියයට 3 ක් සහ සියයට එකක් ලෙස වෙන් කිරීමට තමා බලාපොරොත්තු වන බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසා ඇත." මේ විදිහටම ක්‍රියාත්මක කරනවා නම් එ්ක ඇත්තෙන්ම විශිෂ්ඨ ආරංචියක් මහත්මයාණෙනි...
අවංකවම සාධාරණයි.
මෙන්න යහපාලනය. නියමයි ජයවේවා…!!!
ජාති, ආගම්, කුලමල නොතකන මෙවැනි මිනිස්සු තමයි රටකට ඕනේ...
ජාති, ආගම් භේද නොසලකා මෙතුමා ජනපති කළ යුතුයි.. නැත්නම් මෙවන් පුද්ගලයෙකු පත්කළ යුතුයි.
එ් කියන්නේ සංක්‍රාන්තිකයිනුත් සෑහෙන්න ඉන්නවා වගේ යාපනේ...
සිංහල පත්වීම් දීපුවා අවලංගු කරන්න හදන්නේ... සිරිසේන සහ රාගවන් එකතුවෙලා කරන වැඩ මේවා..!!!
ඔබට ජයවේවා..!!! ඉතා අගනා පැසසිය යුතු ක්‍රියාවක්.