විදුහල්පතිවරු යළිත් වර්ජනයකට සැරසෙති මෙවර අයවැය මගින් ගුරු හා විදුහල්පති සේවාවල පවතින ගැටලු විසඳීමට රජය කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ කරමින් ලබන 13 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ලංකාදිපයට පැවැසීය. 06 March 2019
රේගු බදු වංචාවේ සැකකරුට ඇප රුපියල් කෝටි 12ක රේගු බදු වංචා කරමින් ටොන් 12ක බීඞී කොළ කන්ටේනරයක් මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන මාස 21ක පමණ කාලයක් රිමාන්ඞ් බාරයේ රඳවා සිටි රේගු නිශ්කාශන සමාගමක හිමිකරු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (6) නියම කළේය. 06 March 2019
හෙරොයින් සමඟ රත්මලාන අංජුගේ ගෝලයින් දෙදෙනකු දැලේ රුපියල් ලක්ෂ 8 ට ආසන්න හොරොයින් මත්කුඩු තොගයක් සමග රත්මලාන අංජු නැමැත්තාගේ ගෝලයන් දෙදෙනෙක් අද (6) පස්වරුවේ රත්මලාන කල්දෙමුල්ල හංදියේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි. 06 March 2019
පළාත් කිහිපයකට හෙට දැඩි උණුසුමක් දිවයිනේ පළාත් කිහිපයක හෙට (7) දිනයේදී දැඩි උණුසුමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 March 2019
බහුතරයක් නැති ආණ්ඩුවට අයවැය සම්මත කරගැනීම අසීරු බව දයාසිරි කියයි ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොමැති බැවින් අයවැය සම්මත කරගැනීම අසීරු විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 06 March 2019
දේශීය චිත්‍රපට නිෂ්පාදනයට බදු සහන දේශීය චිත්‍රපට නිෂ්පාදනය සඳහා බදු සහන ලබාදීමට කටයුතු කරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද(06) පැවසීය. 06 March 2019
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරා ගනී දකුණු අප්‍රිකාවට එරෙහිව අද (6 වැනිදා) සෙන්චූරියන්හිදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තේය. 06 March 2019
නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා අද (06) ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 06 March 2019
20 ට සහය ගන්න ජවිපෙ මහින්ද හමුවට විශේෂ සාකච්ඡාවක් සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ පිරිසක් මේ වන විට කොළඹ මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට පැමිණ තිබේ. 06 March 2019
කරන්නාගොඩ ඇතුළු සැකකරුවන්ට නඩු පවරන්න යයි තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සියලුම සැකකරුවන්ට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 296 වැනි වගන්තිය යටතේ නඩු පැවරීමට දැනටමත් නීතිපතිවරයා තීරණය කර ඇතැයි රහස් පොලිසිය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 06 March 2019
ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න වැඩපිළිවෙළක් වර්තමානයේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කෙටිකාලීන හා මධ්‍යකාලීන වැඩපිළිවෙළක් යෝජනා කර ඇත. 06 March 2019
ලෝටස් පාර වහයි විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලුමුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇතැයි පොලිසිය පවසයි. 06 March 2019
‘බොහෝ ඇමැතිවරුන්ට ආර්ථික අර්බුදය ගැන අවබෝධයක් නෑ’ බොහෝ අමාත්‍යවරුන්ට, මන්ත්‍රීවරුන්ට මෙන්ම ඇතැම් දේශපාලනඥයන්ට වර්තමානයේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබඳව කිසිදු අවබෝධයක් නැතැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩීව් ගුණසේකර මහතා අද (6) ප්‍රකාශ කළේය. 06 March 2019
ටවුන්හෝල් අවට මාර්ග තදබදයක් විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නොළුම් පොකුණ,නගර ශාලාව අවට මාර්ග අවහිර වී තිබේ. 06 March 2019
‘ලංකාව ගැන ඇති යෝජනාව ලිහිල් කරන්න ජාත්‍යන්තරය සූදානම්’ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව ලිහිල් කිරීමට ජාත්‍යන්තරය කැමැත්ත පළ කර ඇතැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද(06) පැවසීය. 06 March 2019
පොලිසියේ අභ්‍යන්තර කතාව ඛේදවාචකයක් පොලිස් නිලධාරීන් 250ක් පසුගිය වසරේ සේවයේ යෙදී සිටියදී අසනීප හේතුවෙන් මියගොස් ඇතැයිද පොලිසිය අභ්‍යන්තරයේ කතාව ඛේදවාචකයක් බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොටුව ජනාධිපති මන්දිරයේදී අද(06) පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 06 March 2019
මත්ද්‍රව්‍යයට එරෙහිව ජාතික පොරොන්දුවක් මත්ද්‍රව්‍යවලට එරෙහිව මුළු රටම ලබන 3 වැනි දා එකම වේලාවකදී දිවුරුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (6) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේ දී ප්‍රකාශ කළේය. 06 March 2019
මානව හිමිකම් කවුන්සිලයේ සැසියට ජනපති නියෝජිතයෝ තිදෙනෙක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සාකච්ඡා කිරීමට නියමිත 22 සහ 23 සැසිවාරයට තමාගේ නියෝජිතයන් තිදෙනෙකු සහභාගී කරවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(06) ප්‍රකාශ කළේය. 06 March 2019
සයිටම් පෙත්සම් විභාගය කල් යයි මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක ලියාපදිංචි කරන මෙන් දුන් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සම් විභාගය ලබන අපේ‍්‍රල් 04 වැනිදා සිදු කිරීමට අභියාචනාධිකරණය අද (06) නියම කළේය. 06 March 2019
කොටි රංචුවක් සැරිසැරීමෙන් කම්කරුවෝ බියවෙති කඳුකර කොටි රංචුවක් තලවකැලේ, ලිඳුල, හෙන්පෝල්ඩ්, අග්‍රාකන්ද වත්තේ අද (6) සැරිසැරීම හේතුවෙන් බියට පත්ව සිටින බව වතු කම්කරුවෝ පවසති. 06 March 2019
‘මරණ දඬුවම දෙනවා - දිනය දැන්ම කියන්නේ නැහැ’ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැනටමත් තීරණය කර ඇති නමුත් එය දැන්ම ප්‍රකාශ නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(06) පැවසීය. 06 March 2019
ජනපති ඝාතන කුමන්ත්‍රණ නඩුවේ නාලක ද සිල්වාට ඇති චෝදනා ගැන වාර්තාවක් ඉල්ලයි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණය සැළසුම් කළැයි කියන සිද්ධියට සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති සාක්කි මොනවාද යන්න පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 06 March 2019
'සිහින සහන කරලා - සහන සිහින කරලා' සිහින සහන හැටියටත්, සහන සිහින හැටියටත් පෙන් වූ ඛේමාගේ කොලුවාගේ අයවැයක් බවට 2019 අයවැය පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ලංකාදීපයට පැවසීය. 06 March 2019
කිලිනොච්චියේ ඇළකින් කොටි ආයුධ රැසක් ගොඩ ගනී කිලිනොච්චියේ කන්නගිනගර් ප්‍රදේශයේ ඇළක පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම ඇළේ ජලය හිස් කිරීමෙන් පසුව කොටි සංවිධානයට අයත් යුද උපකරණ රැසක් හමු වූ බවට අක්කරායන්කුලම් පොලීසිය පවසයි. 06 March 2019
රත්මලානේ ‘රතූ‘ කොකේන් සමග අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන‘ රත්මලානේ රතූ ‘නැමැත්තා සමඟ තවත් පුද්ගලයකු කොකේන් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. 06 March 2019
පාකිස්තානය සන්නද්ධ සංවිධානය මර්දනය අරඹයි ඉස්ලාමීය සටන්කාමී සංවිධාන මර්දනය කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් මේ වනවිට තහනම් කරන ලද සටන්කාමී සංවිධානවල සාමාජිකයන් 44 දෙනකු පොලිස් භාරයට ගත් බවත් පාකිස්තානය අද (5) ප්‍රකාශ කළේය. 05 March 2019
මාවනැල්ලේ බස් රථ අනතුරකින් එක් අයෙකු මරුට 35ක් රෝහලේ අක්කරෙයිපත්තුව අට්ටාලචේන ප්‍රදේශයේ සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් මාවනැල්ල පහළ කඩුගන්නාව ඉපැරණි අම්බලම ප්‍රදේශයේදී අනතුරකට ලක් වීමෙන් එක් අයෙකු මිය ගොස් 35 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි. 05 March 2019
රත්ගම ඝාතනයට සම්බන්ධ තවත් තිදෙනෙක් රිමාන්ඩ් රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද තවත් පොලිස් නිලධාරින් තිදෙනෙකුද 13 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (05) නියෝග කළේය. 05 March 2019
රිදීමාලියද්දේ නිවසකින් ගුවන් යානා ප්‍රහාරක උණ්ඩ තොගයක් සොයා ගනී ගුවන් යානාවලට පොළොවේ සිට ප්‍රහාර එල්ල කළහැකි බර අවි සඳහා යොදනු ලබන සී.බී.සී වර්ගයට අයත් විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව උණ්ඩ හැත්තෑ තුනක් ඇතුළු ජීව උණ්ඩ 346 ක්, යකඩ බැරල් දෙකක් ඇතුලු භාණ්ඩ තොගයක් අද (05) සැකකරුවෙකු සමඟ රිදීමාලියද්ද කුරුවිතැන්න තඹගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි. 05 March 2019
කොකේන් තොගයක් සමඟ බොලීවියානු ජාතිකයෙකු අත්අඩංගුවට රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් පහක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි බොලීවියානු ජාතිකයෙකු අද (5) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 05 March 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026