(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්පැන් පානය කර පාසල් සිසුවියන් රැගෙන යාම සඳහා නුගේගොඩ පාසලක් ඉදිරිපිට සුදානමින් සිටියදී අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනා අද (11) ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හරිස්චන්ද්‍ර පැල්පොල මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූයේ පිළියන්දල පදිංචි ඉන්දික සුදත් ,පාදූක්ක පදිංචි ශාන්ත ලලිත් නැමැත්තන්ය.
පාසල් වෑන් රථ රියදුරන් මත්පැන් පානය කර සිටින බවට කොහුවල පොලිසියට ලැබුණු තොරතුරක් මත කළ සෝදිසියකදී මොවුන් ඊයේ ( 10) අත්අඩංගුවට ගැණිනි.
එහි එක් වෑන් රථයක සිසුවියන් 12 දෙනෙකු පමණ සිටි බවත් අනෙක් වෑන් රථයේ සිසුවියන් 10 දෙනෙකු පමණ සිටි බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප විශ්වාස කරනවා මෙම තිරිසනුන් දෙදෙනාට ගරු අධිකරණය විසින් අනෙකුත් රියදුරන්ටත් එය පාඩමක් ලෙස උපරිම දඬුවම් ලබාදී සමාජයට වැදගත් පණිවිඩයක් ලබාදෙයි කියා...
දැඩි දඬුවම් දියයුතුයි..
සමහර වෑන් පාරෙ යන විදිය දැක්කා නම් දෙමාපියන් එ්වායේ තමුන්ගේ ළමයි යවන්නේ නැහැ. පාර පුරා අධික වේගයෙන් යන්නේ... ඉතාම අනතුරුදායකයි...
රටේ නීතිය ඇතැම් ට්‍රැෆික් පොලිස් කාරයින්ගේ සාක්කුවේ හිලෙන් මතුවෙලා මෙයාලා නිදහස් කරාවි. එහෙම නැතිනම් දේශපාලකයන්ගේ, ගෝලයින්ගේ සාක්කුවට පන්දාහේ නෝට්ටු කොළ බර දාලා නිදහස් වේවි...!!!