(මනෝප‍්‍රිය ගුණසේකර)
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (12) සිතාසි නිකුත් කළේය.
චෝදනා 7573 ක් යටතේ නීතීපතිවරයා විසින් පවරන ලද නඩුවේ අධි චෝදනා පත‍්‍ර බාරදීම සදහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් කොළඹ මහාධිකරණයට කැදවමින් මෙලෙස සිතාසි නිකුත් කළේය.
නීතීපති දප්පුල ද ලිවේරා මහතාගේ ඉල්ලීමක් පිළිගනිමින් මෙම නඩුව විභාග කිරීම සදහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත් කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරන ලදී.
චෝදනා 7573 ක් යටතේ විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර අධිකරණ ඉතිහාසයේ එක් නඩුවක මෙවැනි අධිචෝදනා ප‍්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත්තේ ප‍්‍රථම වතාවටය.
මෙම සිද්ධිය හේතූවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම ඉල්ලීම කොට ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ පිටිපස්සෙන් හිටිය "මහා මොළ කාරයාට" නඩු නැද්ද? ඒ වගේ එක්කෙනෙක් "ළඟ එන ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්නට බලාපොරොත්තුවෙන නිසා තමන්ගේ පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකෙරෙන කාලසීමාව තුළ තමන්ට එරෙහි නඩු විභාගය ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙහි පැවැත්වීම තම මැතිවරණ ව්‍යාපාරයට ඉතාම අගතිදායක නිසා එය ජනාධිපතිවරණය අවසන් වනතුරු කල්තබන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට" යනවා කියලත් ආරංචියි. කතාව නම් දෝලාවෙන්... ඒ වුණාට යන්නේ පයින්. අනේ අනිච්චං...
අලාභය ගණනය කරන්නේ කොහොමද? මීට ප්‍රථම මෙවැනි ව්‍යාපාරයක් තිබුණාද? අපේ ආණ්ඩුවට මෙවැනි ව්‍යාපාරයක් පවත්වන්නට පුළුවන්ද? නාවික හමුදාවට කරන්න බැහැ.
අපි ළඟදී හෙලිකරන්නම් මුදල් අවභාවිතයෙන් ලොස් ඇන්ජලිස් වල මිලියන 18ක නිවසක් අරගෙන තිබෙන්නේ කොහොමද? කාගේ නමටද? එය තිබෙන්නේ ගත්තේ කොහොමද කියා... මේ සිද්ධිය ඇදිලා අාපු වෙලේ ඒක යටගහන්න උදව් කලේ සූත්තර පුංචා කියන එකත් මතක් කරමි. නමුත් අපි මේවා යටයන්න ඉඩ නොදෙමි. මොවුන් මේ රජ සැප විඳින්නේ දුප්පත් මහජනයාගේ සල්ලි හොරා කාලයි. අනේ මිනිසුනේ ඔබලා මේ වගේ හොරුන්ව මහපුටුවට ඔසවා තබන්න පෙළඹෙන්න එපා...