(අජන්ත කුමාර අගලකඩ)
රාජ්‍ය පරිපාලන චක්රලේඛනයට අනුව නිල මට්ටමින් වාහන හිමිකම් ඇති නිලධාරීන්ට එක් වාහනයක් වන පරිදි වෙන්කර තියෙන වාහන හැර රජයේ අනෙකුත් සියලුම වාහන ඡන්ද විමසීමේ කටයුතු සඳහා ලබාදිය යුතු යැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ඉකුත් 30 වැනිදා විශේෂ චක්‍රලේඛයක් යවමින් මෙම දැනුම් දීම කර තිබේ.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සතු මනා ධාවන තත්ත්වයකින් යුත් සියලුම වාහන පිළිබඳ විස්තර චක්‍රලේඛය ලැබී සති දෙකක් ඇතුළත ලබා දෙන්නැයි එම චක්‍රලේඛය මගින් උපදෙස් දී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ, දෙහිවල, ගල්කිස්ස හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන මහනගර සභා බල ප්‍රදේශවල සහ සෙත්සිරිපාය 1 හා 11 සුහුරුපාය යන කාර්යාල සංකීර්ණයන්හි පිහිටි කාර්යාලවල වාහන පිළිබඳ විස්තර මැතිවරණ කොමිසන් සභාවේ අධ්යක්ෂ ලේකම්වරයා වෙතද කොළඹ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවල පිහිටි රජයේ කාර්යාලයන්හි වාහන පිළිබඳ විස්තර කොළඹ මැතිවරණ කාර්යාලයන්ට ද අනෙකුත් දිස්ත්‍රික්කවල පිහිටි රජයේ කාර්යාලයන්හි වාහන පිළිබඳ විස්තර අදාළ දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලවලටද ලබාදෙන්නැයිද එම චක්රලේඛයෙන් උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද? එතකොට කොහොමද ගෙදර උන්දැලා, භාර්යාව.. නැහැ.. නැහැ සමාවෙන්න "ආර්යාව...ආර්යාව " පොල්ගෙඩියක්, සීනි 100 ග්‍රෑම් තේ කොල 50 ග්‍රෑම් වගේ බඩු ගේන්න කඩේ යන්නේ. පයින් යන්නද කියන්නේ? නැත්නම් පාරේ බස් එකේ යන්නද කියන්නේ... පොඩ්ඩක් කල්පනා කරන්නකෝ අපේ තත්වේ..? එහෙම පාරේ බස්වල යන්න පුලුවන්ද අපේ ආර්යාවන්ට හලෝ...
ඔන්න ඡන්දෙ තියෙන ගුනේ පේනවා නේද? දැන් ඉඳන් ඡන්දෙ ඉවර වෙනකල්, වැවක් කඩාගෙන ගියත් නිලධාරීන් එවන්නේ නැහැ,... වාහන නැති නිසා. ඊට වැඩියෙන් රටට ප්‍රයෝජනවත් මේ මැතිවරණේ..
නිලධාරියෙකුට එක් වාහනයක් තියාගෙන අනෙක් වාහන මැතිවරණ රාජකාරි වලට ඉල්ලයි. බලන්නකෝ කාර්යාලයක නිලධාරීන් කොපමණ ඉන්නවද කියලා. එ් නිසා අපිට වාහන තියෙන්නේ ටිකයි.. නිලධාරීන් මෙපමණයි. තව වාහන දෙන්න නොකිව්වොත් තමයි පුදුමේ...