අල්ලස් ගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට මොරොන්තුඩුව පොලිසියේ අධිකරණ කටයුතු බාරව සිටින පොලිස් කොස්තාපල්වරයෙකු පානදුර අධිකරණ පරිශ්‍රය තුළදී රුපියල් 10000 අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී අද (5) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 05 March 2019
මාලදිවයිනෙහි අත්අඩංගුවට පත් ලාංකික ධීවරයින් 21 දෙනා නිදහස් මාලදිවයින මගින් පසුගියදා අත්අඩංගුවට ගත් ධීවරයින් 21 දෙනා නිදහස් කර ඇතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය පවසයි. 05 March 2019
මරණ දඬුවම දුන්නොත් ලංකාවේ කිර්තීනාමයට පළුද්දක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිරකරුවන් 13 දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් බව වාර්තා වී ඇති බවත් එමගින් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් පවත්වාගෙන පැමිණි කීර්තිනාමය දැඩි ලෙස පළුදු වනු ඇති බවත් ප්රජාතන්ත්රවාදය සඳහා නීතිඥයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 05 March 2019
නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සා මම නෙමේ කාශ්මීරයේ ප්රශ්නය විසඳන පුද්ගලයා වන්නේ කවුරුන්ද ඔහුට නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසයි. 05 March 2019
දුම්රිය වර්ජනය අත්හිටුවයි දුම්රිය රියදුරන් අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරිමට නියමිතව තිබු අඛණ්ඩ වැඩවර්ජනයක් අත්හිටුවීමට තීරණය කළ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. 05 March 2019
පළාත් මැතිවරණ පවත්වන්නැයි බලධාරීන්ට එරෙහි පෙත්සම් විභාගය කල් යයි කාලසීමාව අවසන් වීමෙන් පසුව විසුරුවා හැර ඇති සියලූම පළාත් සභාවල මැතිවරණ වහාම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා සබරගමුව සහ උතුරුමැද පළාත් සභා වල හිටපු මහ ඇමතිවරුන් ගොනු කළ රිට් පෙත්සම් ලබන 11 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (05) නියම කළේය. 05 March 2019
වෙල්ගමගේ පෙත්සම සළකා බැලීම කල්යයි ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී වංචා සහ අක්‍රමිකතා සිදුවූ බවට කරන විමර්ශනවලට අදාළව තමා අත්අඩංගුවට ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මැයි 05 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (5) තීන්දු කළේය. 05 March 2019
බෝනොවන රෝග සමීක්ෂණය මාර්තු අගදී බෝ නොවන රෝග පිළිබඳ ශ්‍රි ලංකාවේ පළමු ජංගම දුරකථන සමීක්ෂණය මාර්තු මාසය අවසානයේ ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය කියයි. 05 March 2019
මව - දරුවන්ගේ විලාප මැද කුඩු ජාවාරම්කරුට මරණ දඬුවම කුඩු ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මරණීය දඬුවම් නියම කරන අවස්ථාවේදී ඔහුට විත්තිකූඩුව තුළ සිටගෙන සිටීමටවත් නොහැකි වන අන්දමට කකුල් පණ නැතුව ගිය අතර ඔහුට මරණ දඬුවම නියම නොකරන්නැයි ඉල්ලමින් ඔහුගේ මව සහ දරු දෙදෙනා අධිකරණ ශාලාව දෙවනත් කරමින් කෑකෝ ගසමින් ඇඬුහ. 05 March 2019
ඉන්ධන මිල සූත්‍රය හංගලා ඉන්ධන මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඇති බව ආණ්ඩුව ප්‍රකාශ කළ ද රාජ්‍ය මුදල් කාරක සභාවට එය ලබාදීම මුදල් අමාත්‍යංශ නිලධාරින් දිගින් දිගටම පැහැර හරින්නේ යැයි එහි සභාපති දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය. 05 March 2019
පැය දෙකකට පසු මංගලගේ අයවැය කතාව අවසන් 2019 වසර සඳහා වූ අයවැය අද (5) පස්වරු 2.00ට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය. 05 March 2019
ආදිවාසීහු ‘සේනා’ සේනාව පරදවති දඹාන ආදීවාසීන්ගේ බඩඉරිඟු අස්වැන්න තරමක් අඩු වුවද පාරම්පරික කෙම් විධි අනුගමය කිරීමෙන් ‘සේනා’ දළඹුවා පැරදූ බවත් ආදීවාසිනායක වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ පැවසූහ. 05 March 2019
පාර්ලිමේන්තු වටරවුම තාවකාලිකව වසයි ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට එන මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි. 05 March 2019
‘වෙසක්වලට පෙර කසිප්පු රටින් තුරන් නොකළොත් පොලිසිය වැඩබැරි ආයතනයක් සේ සළකනවා’ වෙසක් පෝයට පෙර එනම් ඉදිරි මාස තුන ඇතුළත කසිප්පු මත්ද්‍රව්‍යය රටින් තුරන් කිරීමට කටයුතු නොකළොත් පොලීසිය වැඩබැරි ආයතනයක් ලෙස සළකන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 05 March 2019
පරණවිතාන ශූරීන්ගේ නිවස සංචාරක නිකේතනයක් වෙයි හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් සීගිරිය ගවේෂණය කිරීම සඳහා නැවතී සිටි බව පැවසෙන ඉපැරණි නවාතැන්පොළ සංචාරක නිකේතනයක් ලෙස නම්කර දෙස් විදෙස් සංචාරකයන්ට කුලියට ලබාදීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 05 March 2019
අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් ඉහළට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (5) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන 2019 අයවැය ලේඛනයෙන් ගොවීන්ට පොහොර නොමිලයේ ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. 05 March 2019
කෝටි 700 දියමන්තිය අසුවෙයි පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් පැහැරගන්නා ලද රුපියල් කෝටි 700 කට අධික වටිනාකමකින් යුත් නිල් දියමන්තිය ඊයේ (4) රාත්‍රී 9.00 ට පමණ පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසකින් අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 05 March 2019
ලංකාව ගැන යෝජනාවක් හෙට මානව හිමිකම් කවුන්සිලයට බි්රතාන්යය ඇතුළු තවත් රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නව යෝජනාවේ කෙටුම්පතක් හෙට (05) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය හමුවට ඉදිරිපත් කෙරෙන බව ජිනීවා හි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 04 March 2019
රත්ගම ඝාතනයට දකුණේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිත් අත්අඩංගුවට දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ මහතා අද සවස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 04 March 2019
ඔක්තෝබර් 26 ගියානම් ජනතාවට මොකුත් නෑ “මහදැනමුත්තා” ඇරඹූ මිරිජ්ජවිල ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා දහයක්වත් නැතැයි ද, අක්කර 1200ක් වන බිංගිරිය වෙළෙඳ කලාපයෙන් පසු උතුරු නැගෙනහිර ඇතුළු රට පුරා වෙළෙඳ කලාප ඉදි කරන බව ද, ඔක්තෝබර් 26 වෙනිදා ගෙදර ගියා නම් රටේ දැන් සිදුවන සංවර්ධන කටයුතු කිසිවක් ජනතාවට ලැබෙන්නේ නැතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බිංගිරියේදී අද (04) පැවැසීය. 04 March 2019
අයවැයේ ඡන්දය දෙන ආකාරය ගැන සන්ධාන තීරණය හෙට අයවැයට සම්බන්ධයෙන් ඡන්දය භාවිතා කළ යුත්තේ කෙසේද යන්න ගැන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ තීරණය හෙට (5) පෙරවරුවේ ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා අද (4) පැවසීය. 04 March 2019
ටෙලි නිලිය ඇතුළු 17 ක් රිමාන්ඩ් ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහදුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තවත් 17 දෙනෙකු ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා නියෝග කළේය. 04 March 2019
හෙට මැදියම් රෑයේ සිට දුම්රිය වැඩවර්ජනයක් දුම්රිය රියදුරන් හෙට (5) මධ්‍යම රාත්‍රීයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට තීරණය කර ඇතැයි ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. 04 March 2019
රත්ගම සිද්ධියේ කොස්තාපල් හා බීට්ටු නිලධරයා රිමාන්ඩ් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයකු සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු නිලධාරියකු ලබන 13 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4) නියෝග කළේය. 04 March 2019
නෝර්වේජියානු විදෙස් කටයුතු රාජ්‍ය ලේකම්වරිය හෙට ලංකාවට ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා නෝර්වේජියානු විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මැරීයන් හේගන් මහත්මිය හෙට (5) දිවයිනට පැමිණීමට නියමිතය. 04 March 2019
ඇමැති නිල රථ ගැන ලේඛනයක් නැති බව හෙළිදරව්වක් ඇමැතිවරුන්ට ලබාදෙන නිල රථ සම්බන්ධයෙන් ලේඛන පවත්වාගෙන යෑම මුදල් අමාත්‍යංශය පැහැර හැර ඇතැයි රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා චෝදනා කරයි. 04 March 2019
කුඹුරුවල බැකෝ වලින් පතල් කපන්න තිබූ තහනම ඉවතට කුඹුරු ඉඩම්වල යාන්ත්‍රික පතල් කැපීමට යළි අවසර දීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පියවර ගනී. කුඹුරු ඉඩම්වල යාන්ත්‍රික පතල් කැපීමට අවසර නොදෙමින් නිකුත් කළ 24/2018 දරණ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛයට සංශෝධනයක් එක්කරමින් පෙබරවාරියේ සිට නිකුත් කළ 24/2018 (සංශෝධන) චක්රලේඛයෙන් එකී අවසරය ලබාදී ඇත. 04 March 2019
පක්ෂ ගිණුම්, ව්‍යවස්ථා මැතිවරණ කොමිසම් වෙබ් අඩවියට දේශපාලන පක්ෂ සියල්ලේම වාර්ෂික ගිණුම් වාර්තා, ප්‍රතිපත්ති ප්‍රකාශ හා පක්ෂ ව්‍යවස්ථා සිය වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. 04 March 2019
කොකේන් සහ මත්පෙති සමඟ 17ක් අත්අඩංගුවට ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහඳුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත් පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තරුණ තරුණියන් 17දෙනෙකු අද (03) මාතර පොල්හේන ප්‍රදේශයේ හෝටලයක් තුලදී අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි. 03 March 2019
අගමැති තිරුපති කෝවිල වැඳ පුදා ගනී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්හි ඓතිහාසික තිරුපති කෝවිල වැඳ පුදා ගත්තේය. 03 March 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026