පොලිස් නිලධාරියකුට අල්ලසක් දෙන්න ගිය අයෙක් අත්අඩංගුවට මොණරාගල මහධිකරණ භූමියේදී පොලිස් නිළධාරියෙකුට රුපියල් 100,000ක අල්ලස් මුදලක් ලබාදීමට තැත්කළ පුද්ගලයෙකු අද (7) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් එම ස්ථානයේදීම අත්අඩංගුව ගෙන තිබේ. 07 March 2019
රජයේ සේවකයින්ට අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් රජයේ සේවකයින්ට අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැලසීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද (7) පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 March 2019
වී මිල ඉහළට යල කන්නයේ සිට වී මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි. 07 March 2019
දියමන්ති කොල්ලයට යොදාගත් ගිනි අවි 2ක් සොයාගනී පාතාල සාමාජිකයකු වන ‘වෙඩිකන්දේ කසුන්’ නමැත්තා පදිංචි වත්තල වෙඩිකන්දේ වත්තේ වල දමා තිබූ විදේශයේ නිෂ්පාදිත ගිනි අවි දෙකක්, නයින්.එම්.එම් වර්ගයේ උණ්ඩු නවයක් හා මැගසින් දෙකක් සොයාගත් බව පෑලියගොඩ පොලිසිය කියයි. 07 March 2019
ශ්‍රීලනිප පොදුජන පෙරමුණු සන්ධානය පිහිටුවීමේ මීළඟ සාකච්ඡාව 14 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ඒකාබද්ධ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා පවත්වාගෙන යන සාකච්ඡා මාලාවේ මීළඟ සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම මස 14 වැනිදා පැවැත්වෙන බව එම සාකච්ඡා කමිටුවේ සාමාජික, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය. 07 March 2019
අපරාධකරුවන් පැය 48 ක් රඳවාගන්න අවසර ඉල්ලයි අපරාධකරුවන් පැය 48 ක් දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අදාළ නියෝග තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම අනුමැතිය ලබා ගැනීම සඳහා එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. 07 March 2019
මරිනි ද ලිවේරා ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 10 අතරට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සකසන 2019 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දස දෙනාට අතරට ශ්‍රී ලංකාවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනියක හා ප්‍රකට නීතීඥවරියක වන නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය තේරී පත්ව ඇතයි මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටී. 07 March 2019
කරන්නාගොඩ අත්අඩංගුවට නොගන්නැයි නියෝග හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම හෝ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියෝග නිකුත් කර තිබේ. 07 March 2019
මන්ත්‍රී ලාල්කාන්තට ඇප බීමතින් රිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇප මත නිදහස් කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා අද (7) නියම කළේය. 07 March 2019
ශ්‍රී ලංකාවේ ස්ථාවරය අවසන් මොහොතේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී අනුගමනය කළ යුතු ස්ථාවරය ගැන අවසන් මොහොතේ දී තීරණය කිරිමට රජය අදහස් කර සිටියි. 07 March 2019
මන්නාරම අස්ථි කොටස් 1499-1719 කාලයට අයත් මන්නාරම සමූහ මිනීවලෙන් සොයාගෙන ඇමෙරිකාවේ බීටා ඇනලටික් ආයතනයට යවන ලදැයි කියන අස්ථි සාම්පල හය 1499-1719 කාලයට අයත් බවට අද (7) ප්‍රසිද්ධ කළ කාබන් කාල නිර්ණය වාර්තා පිරික්සද්දී පෙනී යයි. 07 March 2019
‘ජනපති වැය ශීර්ෂය පරාජය කරන්න හැකියාවක් නෑ’ ජනාධිපති,අගමැති,විපක්ෂනායක යන සියලු තනතුරුවල වැය ශිර්ෂ සියල්ලම ඇත්තේ එකට වන හෙයින් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පමණක් පරාජය කරන්නට හැකියාවක් නැතැයි අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති ජේ.සී.අලවතුවල මහතා මාධ්‍ය හමුවකදී අද (7) පැවැසීය. 07 March 2019
ජම්මුහි බස් නැවතුම්පළක බෝම්බ පිපිරීමකින් 30කට තුවාල ජම්මුහි ප්‍රධාන බස් නැවතුම්පළකට අද(07) එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 30ක් තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 07 March 2019
ගෘහසේවිකාවන්ට දඬුවම් බද්දක් විදෙස් ගමන් බලපත් එක්දින සේවා ගාස්තුව රුපියල් 15,000 දක්වා වැඩිකිරීමට අයවැයෙන් ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනි සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි. 07 March 2019
ජනපති කොමිසමේ පැමිණිලි කාලය සතියකින් දීර්ඝ කෙරේ රාජ්‍ය ආයතනයන්හි දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිලි භාරගැනීම ජනාධිපතිවරයාගේ නියෝගය මත අද(7) සිට තවත් සතියක් දීර්ඝ කර ඇත. 07 March 2019
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට හදිසි මාරුවක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 07 March 2019
‘සමඅනුග්‍රහ‘ යෝජනාවට එරෙහිව විරෝධතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකා එක්සත් ජනපදයේ ද සහායෙන් ඉදිරිපත් කළ සම අනුග්‍රහ යෝජනාව ඉවත්කරගන්නැයි බල කරමින් ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය ලබන 10 වැනිදා එම කවුන්සිලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් හා ජන රැළියක් පවත්වන බව එහි සභාපති වසන්ත කීර්තිරත්න මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 07 March 2019
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඉවත් කරන්න යයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන්ත ධනසිංහ මහතා එම තනතුරින් ඉවත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි බන්ධනාගාර අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි. 07 March 2019
“රත්තරන් මල්ලී’’ අත්අඩංගුවට බන්ධනාගාරයේ සිට හෙරොයින් ජාවාරම් මෙහෙයවන පාතාල සාමාජිකයකුගේ ගෝලයකු වන ’’රත්තරන් මල්ලී’’ නැමත්තා බදුල්ල නගරය ආසන්නයේදී හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 800ක් ද සමගින් ඌව දිසා විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 March 2019
අලි රොෂාන් ඇතුළු සැකකරුවෝ නිදහස් නීති විරෝධීව වන අලින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල අද නියෝග කළේය. 07 March 2019
නීතී විරෝධී ලෙස ලංකාවෙන් පනින්න හැදූ 30ක් අත්අඩංගුවට නීතී විරෝධීව මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 30 දෙනකු අද ( 07) අලුයම නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 07 March 2019
දකුණු අප්‍රිකාව දෙවැනි එක් දින තරඟයත් ජය ගනී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හිදී පැවැති දෙවැනි එක් දින තරඟයේදී ළකුණු 113ක ජයක් දකුණු අප්‍රිකාවට හිමි විය. 06 March 2019
මාර්තු 8න් පසු කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරියක් මාර්තු අට වැනිදාට යෙදී තිබෙන කාන්තා දිනය වෙනුවෙන් කාර්යාල දුම්රියවල කාන්තාවන් සඳහා වෙනම මැදිරි වෙන් කිරීමට සැලසුම් කර ඇති බවත් එළඹෙන අටවැනිදා වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් උදෑසන 6.59 මංගල ගමන ඇරඹෙන බවත් දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 06 March 2019
සුරක්ෂා රක්ෂණය දී ඇති සමාගමේ ටෙන්ඩරය අවලංගු කරන්නැයි ජනපති නියෝග පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණය දී ඇති රක්ෂණ සමාගමේ ටෙන්ඩරය අවලංගු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇතැයි වාර්තාවේ. 06 March 2019
පුරාවිද්‍යා ස්ථාන හානි කිරීමේ දඩ මුදල වැඩි කරයි පුරාවිද්‍යා ස්ථානවලට හානි කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට පැනවෙන දඩ මුදල වැඩි කිරීමට රජය තීරණය කර ඇත. 06 March 2019
බැදුම්කර නඩුව ගණනය කරන්න වෝහාරික විගණනයක් මහ බැංකුවේ බැදුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති පාඩුව ගණනය කිරීම සඳහා වෝහාරික විගණනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත. 06 March 2019
දකුණු අප්‍රිකාව 251 කට දැවී යයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි එක් දින තරඟයේදී දකුණු අප්‍රිකානු පිල ඕවර 45.1 කදී සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස්කළේය. 06 March 2019
උණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් හමුදා සෙබළා රිමාන්ඩ් ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කළහැකි ජීව උණ්ඩ තොගයක් ලඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු අද (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහියංගන මහේස්ත්‍රාත් ඒ.ඒ ලක්ෂාන් මහතා නියෝග කළේය. 06 March 2019
ඡන්ද ක්‍රමය-13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් වෙනස් විය යුතු බව මහින්ද කියයි විධායක ජනාධිපති ක්‍රමය වෙනස්වන්නේ නම් වර්තමාන ඡන්ද ක්‍රමය හා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (6) පැවැති සාකච්ඡාවේදී පැවසූ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. 06 March 2019
පළාත් කෘෂි ඇමැති මල් සභාපතිට පහර දෙයි ඌව පළාත් කෘෂිකර්ම ඇමති උපාලි සමරවීර මහතා අද (06) තමාට කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පහර දුන්නේ යයි ඇල්ල මල් සංගමයේ සභාපතිවරයා බදුල්ල පොලීසියට පැමිණිලි කර තිබේ. 06 March 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026