බන්ධනාගාර රෝහලෙන් පැන යන්න යෙදු උපාය වරදී වැලිකඩ බන්ධනාගාර රෝහලේ අංක 5 මානසික රෝගී වාට්ටුවේ රැඳවියන් 5දෙනෙක් එහි සිරකුටියක දැළක් කපා පිටතට පැන යාමට කළ උත්සාහයක් එහි නිලධාරීන් විසින් වළකා ඇතැයි රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි. 26 September 2018
මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිළ ඉහළට කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195 කින් වැඩි කිරීමට පාරිගෝගික අධිකාරිය ගෑස් සමාගම්වලට අවසර දී තිබේ. 26 September 2018
ගල්කිස්ස-රඹුක්කන අතර විශේෂ දුම්රිය අවලංගුයි රුපියල් 3000ක ගාස්තු අයකිරීමක් යටතේ ගල්කිස්ස හා රඹුක්කන අතර ධාවනයේ යෙදවූ දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද(26) පියවර ගත්තේය. 26 September 2018
ළමාරක්ෂක අධිකාරියේ ප්‍රාදේශිය පත්වීම්වලට දේශපාලන බලපෑම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුසුකම්ලාභීන් 116 දෙනාටම පත්වීම් ලබාදීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල තීරණයක් ගෙන තිබියදී ළමා හා කාන්තා කටයුතු ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය හිතාමතාම එම කටයුත්ත කල් දමන්නට කටයුතු කරමින් සිටින බවට අමාත්‍යංශයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. 26 September 2018
කුඩු ජාවාරම්කරුට මරණ දඬුවම කොළඹ ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ හෙරොයින් බෙදා හරිනු ලැබු වයස අවුරුදු 23 ක කුඩු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(26) මරණ ද`ඩුවම නියම කළේය. 26 September 2018
පුද්ගලයින් 11 අතුරුදන් වීමේ සිද්ධියට නාවික හමුදාවේ හිටපු උසස් නිලධාරීන් වගකිවයුතු යයි ප්‍රකාශයක් පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සහ කොමදෝරු සුමිත් රණසිංහ මහතා යන අය වගකිව යුතු යැයි විශ්‍රාමික රියර් අද්මිරාල් ශ්‍යාමල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (26)කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ජීවනි බද්දේගල මහත්මිය හමුවේ සඳහන් කළේය. 26 September 2018
කෘෂිකර්ම ඇමතිගේ යෝජනාවට ජාතික සංගම් එරෙහිවෙති වල් ඌරු මස් ප්‍රවාහනය කිරීමට හා විකිණීමට නීතිමය අවසර ලබාදීමට කෘෂිකර්ම ඇමතිවරයා කර ඇති යෝජනාව වහාම නතර කරන ලෙස සිංහලේ ජාතික සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් රජයෙන් ඉල්ලා සිටී. 26 September 2018
පිඳුරංගල ගලමත නිරුවත් ඡායාරූප ගත් තිදෙනෙක් අත්අඩංගුවට පිදුරංගල ගල මත නැඟ නිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධියට අදාල තරුණයින් තිදෙනකු අද (26) දහවල් ගලේවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 26 September 2018
‘ගෝල් මැරීනා‘ සංචාරක ව්‍යාපෘතිය ගැන දිස්ත්‍රික් කමිටුවේදී සාකච්ඡා කරන්න ‘ ගාල්ල වරායේ කොටසක් යොදාගෙන ක්‍රියාත්මක කිරීමට යන ගෝල් මැරීනා සංචාරක ව්‍යාපෘතිය ගැන දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සාකච්ඡාවට ලක්කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි. 26 September 2018
අ‘පුර ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගැසීයැයි නඩුව ලබන වසරට කල් යයි රෝගියෙකුට ප්‍රතිකාර ලබා ගැනිමේ මුවාවෙන් පැමිණි තමාට ඇසිඞ් ප්‍රහාරයක් එල්ල කර එක් ඇසක් අන්ද කර අනෙක් ඇසට සහ ශරීරයේ ස්ථාන කිහිපයකට බරපතල තුවාල සිදු නිසා සිදු වූ හානිය වෙනුවෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුගෙන් රුපියල් කෝටි පහමාරක වන්දි මුදලක් ඉල්ලා උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා පවරා ඇති නඩුවක් සලකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් චමරී ධනන්සූරිය මෙනවිය මෙම නඩුව ලබන වසරේ පෙබරවාරි මස 18 වන දා 26 September 2018
පිදුරන්ගලදී අසභ්‍ය ඡායාරූප ගත් දෙදෙනකු හඳුනා ගැනේ ඓතිහාසික සීගිරිය පිදුරංගල ගල මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බව කියන තරුණයන් දෙදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි පරීක්ෂණ පවත්වන සීගිරිය පොලිසිය කියයි 26 September 2018
බණ්ඩාරනායක ගුණ සැමරේ දිවංගත එස්. ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරණායක මහතාගේ 59 වැනි ගුණ සැමරුම බදුල්ල මහනගර සභා ගොඩනැගිල්ලේ බණ්ඩාරනායක ස්මාරකය අභියසදී අද (26) පැවැත්විණ. 26 September 2018
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 400 ක පරිත්‍යාගයක් ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 480 ක් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට තීන්දු කර ඇත. ඇමෙරිකානු රජයේ සහශ්රක අභියෝගතා අරමුදලින් මෙම පරිත්‍යාගය ලබාදෙන බව එම අරමුදලේ ප්‍රධාන විධායක ජූඞ් බියමන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා සිටියේය. පසුගිය 24 වැනිදා 26 September 2018
අගරදගුරුතුමන් ජනප්රියවීමට ගන්නා සෑම උත්සාහයක්ම වරද්දාගන්නවා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මානව හිමිකම් සම්බන්ධයෙන් ඉකුත්දා කළ ප්‍රකාශය පිළිගත නොහැකි බවත් අගරදගුරුතුමන් ජනප්රියවීමට ගන්නා සෑම උත්සාහයක්ම වරද්දා ගන්නා බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත. 26 September 2018
තුන්දාහේ සැප කෝච්චිය නිකම්ම එහාමෙහා ගිහින් දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් ගල්කිස්ස සහ රඹුක්කන අතර ඊයේ (25) සිට ධාවනයට යොදවන ලද විශේෂ දුම්රියෙන් රුපියල් තුන්දාහක ගාස්තුවක් ගෙවා ගමන් කිරීමට කිසිදු මගියකු ඉදිරිපත් නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. 26 September 2018
පිදුරංගල නිරුවත් වැඩේ බෝකළේ පිටරට කතක් පිදුරංගල රජමහා විහාරස්ථ පිදුරංගල පර්වතෙයේ සිට සීගිරිය දෙසට හැරී නිරුවත් ඡායාරූප ගෙන ඒවා මුලින්ම ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ විදේශීය කතක් ඇතුළු තරුණ පිරිසක් විසිනැයි මූලික විමර්ශනවලින් හෙළිවී ඇතැයි සීගිරිය පොලිසිය පවසයි. 26 September 2018
බෙලිහුල්ඔය සිට ලෝකාන්තයට කේබල් කාර් ව්‍යාපෘතියක් සමනලවැව ජලාශය ආසන්නයේ බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් ඩුබායි රජයේ ආධාර ඇති නුදුරු කාලය තුල අරඹන බව සබරගමු පළාත් ආණ්ඩුකාරවර නිලූකා ඒකනායක මහත්මිය සබරගමුවේ උසම ගම්මානය වූ නැග්රැක් ගම්මානයේ දී ප්‍රකාශ කළාය. 25 September 2018
පෞද්ගලික පාසල් ගැන නීති වෙනස් කරන්න එකඟවූ බව ගුරු සංගමය කියයි රජයේ ආධාර ලබන පාසල් සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක පනත සංශෝධනය කිරීම පිළිබඳව ජාතික අධ්‍යාපන කොමිසම එකඟතාවය පළ කළ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවැසීය. 25 September 2018
හිරුණිකාගේ නිවසට හොරු පනිති පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ හෝකන්දර අරංගල නිවසට බිඳ එහි අල්මාරියක තිබු රුපියල් ලක්ෂ 5 ට අධික වටිනා තිබු රන් බඩු හා, වටිනා ඔරලෝසුවක් ඇතුලු භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 25 September 2018
වාස් ගුණවර්ධනයේ අභියාචනය ලබන වසරට කල් යයි බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සමබ්නධයෙන් පැවති අධිචෝදනා නඩු විභාගයෙන් මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් සය දෙනා විසින් ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම් ලබන වසරේ ජනවාරි මස 29 දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. 25 September 2018
නාමල් කුමාරගේ නිවසට පැමිණි ඉන්දීය ජාතිකයා රඳවා ප්‍රශ්න කිරීමට අවසර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියේ පැමිණීලිකරු වූ නාමල් කුමාර යන අයගේ නිවසට පැමිණී බව කියන ඉන්දියන් ජාතිකයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රකාරව තවදුරටත් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට සූදානම් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (25) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ සදහන් කළේය. 25 September 2018
රුපියල බාල්දුවීම ගැන මහින්දගෙන් නිවේදනයක් රටට ආවේණික ආර්ථික කළමණාකරන ක්‍රමවේදයක් නොමැතිවීම හා වත්මන් ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්ති නිසා රුපියල දිනෙන් දිනම බාල්දුවී ආර්ථික අර්බුධ නිර්මාණය වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 25 September 2018
අඹේපුස්ස කඳවුරේ සෙබළා ඝාතන සිද්ධියේ දෙන්නෙක් අත්අඩංගුවට අඹේපුස්ස යුද හමුදා කඳවුරේ රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබළකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඔහු බාරයේ තිබු ටී 56 ගිනි අවිය පැහැරගත් සැකකරුවන් දෙදෙනකු අද (26) අත්අඩංගුවට ගෙන ඇත. 25 September 2018
රංගජීවට ඇප 2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂක අංශ විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කරන ලදී. 25 September 2018
ක්ෂේත්‍ර හතරක රැකියා ඇබෑර්තු 25000 ක් ඉදිකිරීම්, හෝටල් හා සංචාරක, හෙද හා මෝටර් රථ යන ක්ෂේත්‍ර හතරේ රැකියා ඇබෑර්තු 25000 කට අධික ප්‍රමාණයක් ඇතත් පුහුණු වෘත්තිකයන් හිඟයක් ඇතැයි ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (නයිටා) කළ අධ්‍යයනයක දී හෙළි වී ඇත. 25 September 2018
බසයක් පෙරැළී 25ක් රෝහලේ මිගස්වැව සිට මැදිරිගිරියේ ඇගළුම් හලක සේවක සේවිකාවන් රැගෙන එමින් තිබු බස්රථයක් අද (25) දියසෙන්පුර පැරකුමි හංදියෙදි කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පෙරැළී සිදු වු අනතුරින් එහි ගමන් ගත් 25 දෙනෙකු මැදිරිගිරිය රෝහලට ඇතුළත් කළ බව මැදිරිගිරිය පොලිසිය කියයි. 25 September 2018
වැඩි මිලට සීනී අලෙවි කළොත් වැඩ වරදී වැඩිමිලට සීනි බෙදාහරින සහ අලෙවිකරන ආනයන කරුවන්ට එරෙහිව දැඩි නීති පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන්කරයි. 25 September 2018
ආණ්ඩුවෙන් ඉවත් වු මන්ත්‍රීවරුන් 15ට මහින්දගෙන් සංවිධායක ධුර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 15 දෙනාට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සංවිධායක ධූර එපරිද්දෙන්ම ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ජේ. සෙනෙවිතරන මහතා පැවසීය. 25 September 2018
පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝණය ගැන මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝණය වීම් ගැන ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව සහ පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරය එක්ව ජිනීවාහී එක්සත් ජාතීන්ගේ ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් කමිටුවට අද (25) දින සංදේශයක් බාර දී ඇත. 25 September 2018
නාමල් කුමාරගේ කටහඬ පරීක්ෂාවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන දුරකථන සබඳතාව සම්බන්ධයෙන් කටහඬ පරීක්ෂාව සදහා දුෂණ විරෝධී බලකායේ විධායක අධ්යක්ෂ නාමල් කුමාර හෙට (26) පෙරවරු 10.00ට රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (25) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. 25 September 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026