(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂ සමඟ කළ සාකච්ඡාව ඉතා සාර්ථක බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලංකාදීපයට පැවැසීය.
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර ඉකුත් අඟහරුවාදා (10) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ගත් තීරණයක් මත සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර සාකච්ඡාව ඊයේ (14 ) රාත්‍රී පැවැත්වුණේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදීය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ සමඟ සාකච්ඡා කරන ලෙස අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබිණි.
ඒ අනුව පැවැත් වූ මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පෙර පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් වන මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, උසස් අධ්‍යාපන නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, කඳුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් අමාත්‍ය පලනි දිගම්බරම් ,රාජ්‍ය භාෂා සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහත්වරුන් සහභාගි වූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එම සියලුම පක්ෂ නායකයන් සමඟ කළ සාකච්ඡාව ධනාත්මක මෙන්ම අතිශය සාර්ථක වූ බව ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සතිය ඇතුළතදී ම ජනපති අපේක්ෂකත්වය පිළිබඳව අවසන් තීරණයකට එළඹීමටත් එලෙස අවසන් තීරණයකට එළැඹෙන තුරු සාකච්ඡා කරන තොරතුරු පිළිබඳව මාධ්‍යයට හෙළි නොකිරීමටත් මෙම සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණි බවද වාර්තා වේ.
මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් අද (15) පැවැත්වීමට නියමිතව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයිත් එක එක්කෙනා එක්ක කුටුකුටු ගාලා තවත් වින්නැහියක් කරන්න නේද ඔය හදන්නේ? බලයට එන්න ඔච්චර පාවාදීම්වලට යන්න ඕනෑද? අන්තිමට ඔබට රජවෙන්න රටක් තියේද? ඔහොම ගියාම... පොඩ්ඩක් හිතලා බලන්න. සාකච්ඡා සාර්ථකයි කියන්නේ ඔබ විතරයි. අනිත් අය කට අරින්නේ වත් නැහැ. අපිව අන්දන්න නේද හදන්නේ...?
තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම කෙනෙක් ළඟ දණ ගහන්න මේ මනුස්සයා දෙපාරක් හිතන්නේ නැහැ. ආයේ අමුතුවෙන් දෙයක් නැහැ. එදා 2015 ඉඳන් මේ වෙනකම් මේ වෙනකම් මේ කට්ටිය හිටියේ එකට.. අන්තිමට බෝම්බ පිපිරෙන රටක් හැදුවේ මේ කට්ටියම තමයි. දැන් ආපහු කාවද මේ රවට්ටන්න හදන්නේ? බදුර්දීන්, හකීම් විරුද්ධ වෙන පක්ෂයකට ඡන්දය දෙන්න මේ පාරවත් සිංහල ජාතියට මොළේ පෑදේවා..!!!
රට දියුණුකිරීමේ සාර්ථක දැක්මක්, නායකයින් යැයි කියාගන්නා කිසිවෙක් යූ.එන්.පී.යේ නැතිබව ඉතාමත්ම පැහැදිලියි. එදාවේල දේශපාලනය හැර සාර්ථක දේශපාලනයක් මේ අයට කොහින්ද? රටේ ජනතාව එදාවේල දේශපාලකයින්ට නොරැවටී, දැක්මක් ඇති නායකයෙක් පත්කර ගැනීමට බුද්ධිමත් විය යුතුයි.
ඔබ රටේ ජාතික නායකත්වයට තවම කිසිසේත්ම සුදුසු නොවේ. ජාතික නායකත්වයක් හෙබවීමට තිබිය යුතු සුදුසුකම් රාශියකි. බලය ලබා ගැනීමෙන් පසු රට නවීන ලෝකයත් එක්ක සමාන්තරව පවත්වා ගැනීමට නම් පරිණත බව, ප්‍රමාණවත් බුද්ධිය හා දේශපාලන හා පරිපාලන පරිචය, මූලිකයි. එයට අමතරව ආර්ථිකය, දේශපාලනය, නීතිය පිළිබඳ මූලික දැනුමක් අවශ්‍යයි. මේවා තීරණ ගැනීම හා ගැටළු විසදීමේදී තමාට උපදේශකයන් සිටියත් තිබිය යුතුමය. ඔබගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණයේදී කැපවීම හැරුණු විට මෙම සුදුසුකම් ප්‍රමාණවත් නොවන බව මගේ නිගමනයයි. හරි හැටි නොදන්නා කවුරු මොනවා කිව්වත් ලංකාව නූතන සමාජයක් කරා ගෙනයාමට අවශ්‍ය දැනුම අත්දැකීම හා පරිචය සතු ප්‍රධාන පෙලේ නායකයා රනිල් වික්‍රමසිංහයි. එහෙත් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළ පිළිවෙත ගැන කිසිසේත්ම සැහීමකට පත්විය නොහැක. එබැවින් ඒ වෙනුවට අාදේශ කළහැකි නායකයා කරූ ජයසූරියයි. මා කියන්නේ රට ගැන සිත මෙම අවස්ථාව ඔබගේ ජ්‍යෙෂ්ඨ කෙනෙකුට මේ අවස්ථාවේ ලබාදෙන ලෙසයි. ඔබට තව කල් තිබේ. එසේ නොවුණහොත් විපක්ෂය බලයට එම නොවැළැක්විය හැක...
සාකච්ඡා අසාර්ථකයි..
මහත්තයෝ ඔබතුමා" සාර්ථකයි" කියලා කියන කොට අපි පිළිගන්න ඕනෑ " මගේ වැඩේ හරි " කියන එකද? "පක්ෂයේ නිල අනුමැතියක් නොමැතිව එක්තරා නාලිකාවක හිමිකරුවෙකුගේ උසිගැන්වීම මත ඔබතුමා මේ කරන්නේ එජාපයට ජයගැනීමට ලැබී ඇති හොඳම අවස්ථාව නැතිකිරීමේ උත්සාහයක්ය" කියලා කියන අයත් ඉන්නවා මහත්තයෝ. මම දැක්කා තව කෙනෙක් අහලා තියෙනවා "රීරි යකෙකුට එරෙහිව සටනකට එජාපයෙන් යොදවන්නේ ජෝකරයෙක්ද?" කියලත්. එම ප්‍රකාශයේ මෙහෙමත් සඳහන් වෙනවා. "තමාට නිතර පුරුදු සීමිත ‘වචන සෙට්’ එකක් පමණක් කතා කරන, නිර්මාණ ශක්තියෙන් හෝ කිසිඳු දේශපාලන ප්‍රතිභාවයක් නැති, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා හරිහැටි නොදන්නා බව ඔප්පු කර ඇති, අවම වශයෙන් පසුගිය අවුරුදු 4 ඇතුළතදී හෝ පාර්ලිමේන්තුවේ විවාදයකදී ප්‍රබල, බුද්ධිමත් කතාවක් කර නොමැති, ෂැන්ට් ගෙවල් හා විහාර හදනවාට වඩා වැඩි ප්‍රතිපත්තියක් ගැන නොදන්නා කෙනෙකුට මේ අභියෝගය ජයගත හැකිවේවිද? 2015 අරගලය අවංකවම ඉදිරියට ගෙන යා හැකි එඩිතර, පැනසර, නායකයකු සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට එජාපය අපොහොසත් වුවහොත් මේ ඓතිහාසික පක්ෂයටද දැවැන්ත ඛේදවාචකයකට මුහුණ දීමට සිදුවනු ඒකාන්තය. " උපුටා ගැනීම අවසන්. "
මට නම් පේන්නේ ලොක්කා මෙයාව අහසේ තරුයි, මුහුදේ මඩයි ගේන්න යවලා කියලයි.
හරිම කණගාටුයි.. මේ වගේ කෙනෙක් ජනාධිපති වෙන්න ඉල්ලනවට...
කරුණාකර අපගේ මෙම අදහස් කිසිවෙකු හට පුද්ගලිකව අපහස කරනවා නොවේ. හොඳින් නිශ්ශබ්දව අපගේ මෙම අදහස් සොයා බැලීමට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. මෙතෙක් දේශපාලන ඉතිහාසයේ අපගේ මාතෘභූමිය කිසිවෙකු පාවාදීමක් කළේද? කිරීමට උදව් කළේද? එම ද්‍රෝහීන්ගේ මුළු ජීවිතයම අසාර්ථකවී ගොස් ඇති අතර පවුල්ද අසාර්ථක වී ඇති බව හොඳින්ම පැහැදිලිය. කාරුණිකව හොඳින් සොයා බලන්න. දරුපවුල් සීසීකඩ ගොස් හෝ අයාලේ ගොස් ඇත. එසේත් නැත්නම් පරම්පරාව ඉදිරියටවත් ගෙනයාමට දරුමල්ලෝ නැතිවීම අනේකවිධ ලෙඩරෝග, එකී මෙකී අනේකවිධ ගැටලුවලින් පරිපූර්ණ වී ඒ ඒ ජීවිත විනාශ වී ගොසින් නොවේද? සමහරුන්ගේ මියගිය ශරීරයද හඳුනා ගැනීමට බැරිලෙස දඬුවම් ලැබී තිබෙනවා නොවේද? ඉතිහාසය අපට මේ පිළිබඳව හොඳින් කියාදී තිබෙනවා නොවේද? එබැවින් කව්රු කව්රුත් දැන්වත් තමන් උපන් රටට අවංක වෙන්න..
ඔබ කුමක් කීවත් මම ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබට ඡන්දය දෙන්නේ නෑ. ඔබට ඔබේම පක්ෂයේ නීති පිළිපැදිය නොහැකි නම් ඔබ රටේ නීති පිළිපදින්නේ කෙසේද? විනය නොමැති කිසිවෙකුට මම කිසිවිටෙකත් ඡන්දය දෙන්නේ නෑ.
උතුර දෙමළුන්ටයි, නැගෙනහිර මුස්ලිම් අයටයි කැමති වුනාද? එතකොට මලෙයිනාඩුවක් පිහිටුවන්නත් පොරොන්දු වුණාද? ෂරි ෂරි...!!!
කැමති දේ අත්පත් කරගැනීමට පළපුරුද්ද නැති තීන්දු තීරණ ගනිමින් කායික හා මානසික වේගවත් බවෙන් ක්‍රියාකරන තරුණයන් ඔවුන්ට හා සමාජයට බලවත් හානි පමුණුවන අතර පළපුරුද්ද වැඩි විමසීමෙන් තීන්දු තීරණ ගනිමින් අනවශ්‍ය වේගයකින් තොරව ක්‍රියාකරන වැඩිහිටියන් ඔවුන්ට මෙන්ම සමාජයට යහපත පමුණුවයි. එහෙත් තරුණයන් මෙන්ම වැඩිහිටියන් ඇතුළු පණ ඇති මිනිසුන් වන අප හැමෝම සාපේක්ෂ වටිනාකම් හා දුර්වලකම් වලින් යුක්තය. සජිත් වැනි දේශපාලන පළපුරුද්ද ඉතාම අඩු අයෙකු දමාගන මනස වේගවත් කරගන ඔවුනුත් විනශ වී, පක්ෂයත් විනාශ කරගන්න දඟලද්දී වැඩිහිටියන් මොවුන්ගෙන් පක්ෂයත්, මොවුනුත් බේරගන්න යත්න දරමින් සිටින බව පැහැදිලියි. සජිත් ජනපති අපේක්ෂකයා කළොත් ඔහුගේ පියා මෙන් පරිණත දේශපාලනඥයකු නොවීම නිසා පක්ෂයත්, මොහුත් විනාශ කරනු නියතයි. එසේ සජිත්ගේ පියාද මැරබලය රාජ්‍ය ත්‍රස්තවාදය උපයෝගයෙන් තම සිතැඟි මුදුන් පැමිණවීම දේශපාලන පරිණතභාවය යයි සිතා නැත්තටම නැතිකළ එජාපය අද තත්වයට ගොඩ නගන්නට ඉවසීමෙන් හිස නවාගන පැරදි පැරදී මේ මොහොතේත් ක්‍රියාකරන රනිල් වැන්නෙකු සිටීම එජාපය ලැබූ ලොකු වාසනාවකි.