(බිඟුන් මේනක ගමගේ )
දූෂණ වංචාවලට එරෙහිව පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) කරන නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරින්ට ද නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි එම කාරක සභාවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ‘ලංකාදීප’ යට අද(15) පැවැසීය.
කෝප් කමිටුවෙන් සිදුකරන විමර්ශන නිසා රාජ්‍ය ආයතනවල සිදුවන වංචා දූෂණ විශාල වශයෙන් හෙළිදරව් වන නමුත් ඒවායේ වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ මන්දගාමීව යැයි ද හඳුන්නෙත්ති මහතා චෝදනා කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම ආදී ආයතනත් ඇමැතිවරු හා ජනාධිපතිවරයාත් ඒ සඳහා කඩිනම් මැදිහත්වීම් කළ යුතු යැයි ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
කෝප් කමිටුවේ කටයුතු ජනමාධ්‍යට විවෘත කරගැනීමට ලැබීම ජනතාවට ආශ්වාදයක් මෙන්ම දූෂණවිරෝධී සටනේ ලද ජයග්‍රහණයක් යැයි ද කාමරයක් තුළ දකින තිත්ත ඇත්ත ජනමාධ්‍ය මගින් රටටම සන්නිවේදනය කිරීමෙන් මහජන මතයක් නිර්මාණය කළ හැකි යැයි ද හඳුන්නෙත්ති මහතා කීවේය.
දූෂණවිරෝධී අවංක රාජ්‍ය නිලධාරින්ට ද එය වාසියක් යැයි ද කෝප් විමර්ශන ක්‍රියාවලිය තවත් වසර දෙකක් පමණ මේ ආකාරයෙන් අඛණ්ඩව දියත් කළහොත් දූෂණයට එරෙහිව සංවරණ තුලන තත්ත්වයක් නිර්මාණය කරගත හැකි වනු ඇතැයි ද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය ආයතනවල දේශපාලන මැදිහත්වීම් හරහා සිදුවන දූෂණ, වංචා හෙළිදරව් කිරීම සඳහා ඔබ ඉටුකරන සේවය අති විශිෂ්ටයි.. හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා. නුදුරු දිනකින්ම මේ රටේ ජනතාව ජවිපයට බලය ලබාදී මේරට නව මාවතකට යොමු කිරීමට කටයුතු කරනවා නියතයි.
ඒත් ඉතින් හොරකම් නම් අඩුවක් පෙනෙන්න නැහැ. යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ තව තව හොරකම් කරනවා. කරන්න ඕනේ එකම දේ කෝප් වාර්තාව පිටකරන දවසෙම අදාල මෑන්ස් ගේ චෝදනා පත්‍රය බාරදී වැඩ තහනම් කරන එක. හිටියොත් මෑන්ස් කොලේ වහන්න හදනවා. ඕවාට සම්බන්ධ දියවන්නාවේ ඉන්න මීයන්වත් කූඩු කළොත් තමයි වටින්නේ. ඔය මීයෝ ටික ඉන්නකන් මෙරට අස්වැන්න බේරාගන්න අමාරුයි.
ඇත්තටම සියලු තොරතුරු අපි දැනගන්නෙත් මාධ්‍යයට විවෘත නිසයි. නියමයි ඔහොම යන්..
ඉන්දියාවේ වගේ මේ කමිටුවේ නීතිවේදියෝ ඉඳලා එදාම එ් වෙලේම නඩු ගොනුකරන්න ඕනෑ. ඕවා පස්සේ කරන්න ගියහම සාක්ෂි වනසනවා.
(නොකරන්නේ නම් මොකටද කාලය, ශ්‍රමය හා ජනතා ධනය වැයකරමින් නාස්තියට තවත් එකතු කරන්නේ). මේ වැරදි වලටත් දැඩි දඬුවම් දිය යුතුයි. රජයේ නිලධාරීන් වෙනුවෙන් ආයතන සංග්‍රහයේ දෙවැනි කොටසේ බරපතල වැරදි කොටසට මේවා ඇතුල් කළ යුතුය. සංස්ථා හා මණ්ඩල වලත් පාලන රෙගුලාසි ඇතිනේ.., ඒවාටත් ඇතුළත් කලොත් රටට සෙතක් වේවි...