(අංජුල මහික වීරරත්න)
කවුරු කුමක් කීවත්, කුමන බාධා දැම්මත් තමන් මෙවර ජනාධිපතිවරයට අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
“සජිත්ට දෙන්නේ නැහැ” යනුවෙන් අද ඇතැමුන් භුමිතෙල් ගෑවුණු ගැරඩියන් සේ දඟලන බව කී අමාත්‍යවරයා ජාති, ආගම්, කුල, මළ, පක්ෂ, පාට භේදයෙන් තොරව සියලු දෙනාගේ ආශිර්වාදයෙන් තමන් අපේක්ෂකත්වය ලබා ගන්නවා පමණක් නොව ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ජය ගන්නා බවත්, මේ එළැඹ තිබෙන්නේ සජිත් ප්‍රේමදාස යුගය බවත් පැවසීය.
පොහොට්ටුවේ ලොකු ඇත්තන්ද “සජිත්ට අපේක්ෂකත්වය ජීවිතයට දෙන්නේ නැහැ” යනුවෙන් රටේ වටේම ප්‍රකාශ කරමින් යන බවත් ඔවුන් එලෙස ප්‍රකාශ කිරීම පුදුම සහගත කාරණාවක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ඇතැමුන් තමන් එනවාට බිය වී ඇති අතර අද ඔවුන්ට “සජිත් ප්‍රේමදාස භීතිය” නමින් චිත්‍රපටියක් වුවත් නිර්මාණය කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරකැටිය, මුලන්යාය ප්‍රදේශයේ ඉදිකළ “සතොස්මාතාගම”, “සිරිකතමව්ගම”, “සසිරිමාගම” සහ “සසෙත්මාතාගම” යන උදා ගම්මාන 4 ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (15) සහභාගි වෙමිනි.
මෙය “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 283, 284, 285 සහ 286 වන ආදර්ශ ගම්මාන වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගම්මානවලට දාන නම් හොයාගන්න හැටි කවුරු හරි කියනවද? ප්‍රයෝගික නම් දාන්නේ නැතුව එකඑක මලවිකාර නම් දානවා. සමහර ඒවා ලියන්න තියා කියවන්න වත් බැහැ.
කිසිම බාධාවක් නැහැ. තාම මේ රට ප්රජාතන්ත්රවාදය ඉතිරිවෙලා තියෙනවා. හැබැයි ඡන්දය දෙන එක පොදු ජනයාගේ වැඩක් බව මතක තියාගෙන නම් වඩාත් හොඳයි. වැඩි ඉගෙනීමක් නැති අයවලුන් රටේ පාලන පුටුවලට පත් වුණාම වෙනදේ නම් මෙරට ලොකු, පොඩි බේධයකින් තොරව හැමෝම දන්නා කරුණක් බවත් මතක තියාගන්න.
මෙයාගේ අමාත්‍යාංශයේ ඉදිකිරිම් ජනාධිපතිවරණ කාලසීමාවේ දිනපතා විවෘත කිරීමට සිතාමතාම සැලසුම් කළා වගේ. මෙයා මේ අවුරුදු 4 සිරිසේන මහතාටත් කිසිම වරදක් නොකියා සැමගේ සහයෝගයෙන් වෙනම හෝ ජනාධිපතිවරණයට ඉල්ලන්නයි ඉන්නේ...
ඔයා යූඑන්පී ය දාලා කොහේ යන්නද? අනුන්ගේ පදයට නටන්නේ නැතිව ඉන්න. ඔයාගේ අනාගතයත් ඉවරයි. බැරිවෙලාවත් ඉල්ලන්න ලැබිලා දින්නොත් රටේ අනාගතයත් ඉවරයි.
ඇත්තටම එජාපෙට වෙනසක් අවශ්‍යයි .ඒවගේම ජාත්‍යාන්තර සබදතා ගැන ඔබ තුමාට තියෙන පලපුරුද්ද කොහොමද? මොකද අපේ රට තාමත් පිටරට දේවල්වලඇබ්බෙහිවෙලා තියෙන්නේ . ඒ නිසා ඒගැනත් හිතල තීරණයක් ගැනීම නුවනක්කාරයි
අපිට, රටට පුදුම ආදරයක් තියෙන්නේ? බලයට තියෙන කෑදරකම විතරක්...
පක්ෂය විනාශකිරීමේ අරමුණේ සිටින නැන්දා නේද කිව්වේ? මොන බාධක ආවත් නිකන් ඉන්නේ නැතිව ඉල්ලන්න කියලා...
ඔබතුමා උත්සාහවන්තයි.. තාත්තා වගේම නොපසුබට ධෛර්යය තියෙනවා. ඔබතුමා මොන පක්ෂයෙන් ඉල්ලුවත් දිනනවා. එය වළක්වන්න බැහැ. යූ.එන්.පී. එකේම ඉන්න කෑදර ඇත්තෝ ටිකක් ඔබතුමාට විවිධ මානසික ප්‍රශ්න ඇතිකරමින් අකුල් හෙලනවා. ඔබතුමාට ජය නියතයි. ඉදිරියටම යමු.
ඔය හදන ගෙවල් ගමක නෙවෙයිද තිබුනේ? එහෙනම් කමක් නෑ.
ඔච්චර දිග නම් ඕනෑයැ. අර ආර්යාව ගම කියලා දාන්න තිබුණනේ..
මොහු දුප්පතුන් ළඟ හිටගන්නවා කියනවා. අපි අහනවා මොහුට ඉන්න දුප්පත් මාමලා නැන්දලා ළඟ අැයි හිටගන්නේ නැත්තේ කියා? ඒ සමහර දුප්පත් නෑදෑයෝ ජනතාව ටිකක් හරි දුටුවේ ප්‍රේමදාසගේ අභාවය සිදුවූ අවස්ථාවේයි. ඒක නිසා අපි ජනතාවට මතක් කරනවා සම්ප්‍රප්ඵලාප වලට නොරැවටෙන්න කියා...
කවුරු මැරුණත් තමන්ට රජකම ඕනෑ. මෙයාට අවශ්‍ය වන්නේ සෞභාග්‍ය රටක් නොවෙයි දුප්පතුන් හින්ගනන් සිටින දුෂ්කර රටක් බවට පත් කිරීමට පමණයි.
ඔබ තුමා ඇවිත් පැරදුනත් කමක් නැ රනිල් දේශපාලනෙන් පන්නල දල
මොකද කිලී මහරාජා කිව්වද සැරට හිටපන් කියලා?
මෙහෙමත් බල ලෝභියන් දැක්කමයි.
මොහු කියන දේවල් ඉටු කළ හැකිද? රණවිරුවන් බලන්න ගෙවල්වලට යන එක, රුපියල් 50000 අාදායම් පවුලකට දෙන එක. මේ රට පාලනය ඉල්ලන මිනිසෙක් කියන කතාද? අපට ඇත්තේ ඔබ ගැන කණගාටුවක්... බලන්න චම්පික, අනුර කතාකරන දේවල්... ඔවුන් මේ රටේ දෙයක් කරන්න පුළුවන් මිනිස්සු...
බුදු අම්මෝ..!!! ටයර් සෑයවලුත් මතක් වෙනවා..
මොන පක්ෂයෙන්ද එන්නේ?
මේ වගේ අය ජනපති වුණොත් රටේ ඉතුරු ටිකත් ඉවරයි. මේ මනුස්සයාට පුළුවන් සල්ලි නිකන් දෙන්න විතරයි. කිසිම දැක්මක් නැහැ. තනිකරම විකට වැඩක්...
හරි හරි එන්නකෝ... අපිත් දෙන්න තමයි බලාගෙන ඉන්නේ....