IMG-LOGO

ශ්‍රීලනිපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5කගේ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත්කළ මන්ත්‍රිවරු 5 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින දෙක, තුනකදී තහනම් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි හ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පැවසීය.

‘‘පසුගිය සති 2කට පමණ පෙර අපේ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු ලෙස පත්ව  සිට අපෙන් ඉවත්වුණු  මන්ත්‍රිවරු 5 දෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගත්තා. ඔවුන්ට දින 07ක් ඇතුළත නිදහසට කරුණු ලිඛිතව ඉදිරිපත් කරන්න කියලා එම කරුණු සලකා බලලා අපි තින්දු කළා ඔවුන්ගේ ශ්‍රිලනිප පක්ෂ සාමාජිකත්වය තහනම් කිරිමේ ක්‍රියාවලියකට යාමට... ඒ අනුව ඉදිරි දින දෙක තුන ඇතුළත එම ලිපි ඔවුන්ට යොමු කිරීමට නියමිතව තිබෙනවා‘‘ යයි සඳහන් කළේය.

එම මන්ත්‍රීවරුන් පස්දෙනා වන්නේ එස්.බී. දිසානායක, ඒ.එච්.එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා සහ විජිත් විජිතමුණි යන අයයි.



අදහස් (25)

ශ්‍රීලනිපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5කගේ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර

අබිලිං Saturday, 14 September 2019 11:36 AM

වැරදි අයට තනතුරු හම්බවුණාම ඕක තමයි වෙන්නේ... රටත් ඉවර කළා. පක්ෂය නැතිභංස්ථානම කරලා දානවා.

:       86       293

indika Saturday, 14 September 2019 12:01 PM

මහින්ද රාජපක්ෂ වෙනත් පක්ෂයක නායකත්වයක් ගනිද්දී විනය ක්‍රියාමාර්ග නැතිද?

:       32       522

AmaraSaturday, 14 September 2019 12:51 PM

ඒකට බයයි..

:       1       28

sirimal Saturday, 14 September 2019 12:11 PM

ඔය කතාව අර නුගේගොඩ පැවැත්වුණු " මහින්ද සුළඟ" ද " මහින්ද සමඟ නැගිටිමු" ද මොකද්ද කියන රැස්වීමේ පටන් පට්ට ගහපු එකක්. එ් නිසා ඕවා කෙරෙන කල් අපි නම් විශ්වාස කරන්නේ නැහැ. එදා ඔය වැඩේ කළා නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහොම අනුන්ගේ ඉඳුල් කන්න දඟලන තත්වයකට වැටෙන්නේ නැහැ මහත්තයෝ...

:       512       653

Gamarala Saturday, 14 September 2019 12:29 PM

ඊට පස්සේ මොනවද කරන්නේ? අතීතය අමතක කරන්න එපා.

:       2       15

සහන් Saturday, 14 September 2019 12:33 PM

මන්ත්‍රි ඩිලාන්ගේ සහ මන්ත්‍රි එස්. බී. පක්ෂ සාමාජිකත්වය විතරක් නොවෙයි පුරවැසිභාවයත් තහනම් කරන්න ඕනේ.

:       17       445

දමින්ද කුරුණෑගල Saturday, 14 September 2019 12:36 PM

යූ.එන්.පි යේ හිටියා එතැන අවුල් ඇති කළා. දැන් ආපහු ශ්‍රීලනිපයේ... එතැනත් අවුල් කරනවා. ඉස්සර වගේ සිංදුවක් කියාගෙන පැත්තකට වෙලා ඉන්නකෝ...

:       71       228

Kumara Saturday, 14 September 2019 12:40 PM

මෙච්චර කල් බුදියගෙනද හිටියේ?

:       1       66

Chathuri Saturday, 14 September 2019 01:36 PM

ලෝකේ කිසිම දේශපාලකයෙක් මේ වගේ කැත වැඩ තම පක්ෂයට කරන්නේ නැහැ.. එයාට පක්ෂෙන් වැඩක් නැහැ. නායකකම තිබුනොත් ඇති.. පැරදිලා ගෙදර ගිහින්, කරපු දූෂිත වැඩ යට ගහගන්න. තිබුණු පක්ෂ නායකකමත් මෛත්‍රීට දීලා, පසුව නැවත ඉල්ලුව හිතේ. බය අඩු වෙනකොට කිසිම දෙයක් ලැබුණේ නැහැ. පක්ෂය කඩාගෙන ගියා පොහොට්ටුවෙන් පිපිලා එන්න. ඒ පොහොට්ටුව පිපෙන්නේ නැහැ කවදාවත්..,

:       1128       752

ධම්ම Saturday, 14 September 2019 01:49 PM

ජනතාව ප්‍රතික්ෂේප කළවුන් ළඟට ගෙන ජනතා පරමාධිපත්‍යයට කොකා පෙන්නුවාට තව විඳවපල්ලා.

:       0       216

sandy123 Saturday, 14 September 2019 02:04 PM

අනේ දයාවට සිරි.. අපි අහුවෙයි ඕවට.. මේක ලංකාවනේ..

:       0       58

Lebbe Saturday, 14 September 2019 02:11 PM

සිරා කඩාගෙන ගිය දවසේ එජාප එකට ගිහින් ඇමැතිකම් ගත්ත සෙට් එකටත් එක්ක ඕක කරානම් SLFP එක අදටත් තියනවා නේද? 

:       2       263

එන්.තිසේරා Saturday, 14 September 2019 02:31 PM

මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ නායකයා... විනය පරික්ෂණ නැත්තේ ඇයි දයාසිරි මහත්තයෝ?

:       1       90

කපිලSaturday, 14 September 2019 03:54 PM

අනවශ්‍ය ප්‍රශ්න අැසීමෙන් වළකින්න. මේ නීතිය රජවරුන්ට අදාල නැත.

:       1       6

gunarathnaSunday, 15 September 2019 02:28 AM

තිසේර මහින්දට කොහොමද විනය පරීක්ෂණ තියෙන්නේ? පක්ෂයේ සභාපති හංසයාගෙන් ඡන්දෙ ඉල්ලලා ශ්‍රී ලංකා එකට අාපු කෙනෙක්... පක්ෂයේ ලේකම් එජාපයේ ඉඳලා ආපු කෙනෙක්.., මාධ්‍ය ප්‍රකාශක JVP එකෙන් ආපු කෙනෙක්, මේ මිනිස්සුද විනය පරීක්ෂණ තියන්නේ...

:       1       60

dickie bird Saturday, 14 September 2019 03:07 PM

වඳුරෙකුට දැලි පිහියක් දුන්නාම...

:       0       2

kamal Saturday, 14 September 2019 11:55 PM

හපොයි බඩවියත රැකගන්න කරන විකාරයක මහත...

:       0       1

de silva Sunday, 15 September 2019 12:30 AM

ඔය විනය පරීක්ෂණ දැනට අවුරුදු 4කට විතර කලින් පොහොට්ටුවට ගිය මිනිස්සුන්ට තැබුවා නම් ශ්‍රීලනිපෙ ඔහොම දියවෙලා යන්නේ නැහැ. නමුත් එස්.බී, ඩිලාන් කියන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ ජනතා ඡන්දෙන් පාර්ලිමේන්තු යන්න බැරි මිනිස්සු, පැරදිලා ගෙදර හිටිය ඔවුන් පාර්ලිමේන්තු ගෙනාවේ ඔබතුමාගේ ලොකු මහත්මයා..

:       1       0

mahinda Sunday, 15 September 2019 01:33 AM

මේ සියලු දෙනාගේ පාර්ලිමේන්තු සාමාජිකත්වය ජනතාව විසින් අත්හිටුවා තියෙන්නේ...

:       0       0

Amila Sunday, 15 September 2019 02:25 AM

ලෑල්ලටම හිරවුණාම මතක්වෙන දේ තමයි. මහින්ද අලුත් පෙරමුණක් හදපු වෙලාවේ එලෙව්වේ නැති මිනිස්සු දැන් ඉතුරුවෙලා ඉන්න 20කට අඩු පිරිස රැකගන්න දඟලන හැටි. සිරි.. අවුරුදු පහෙන් ශ්‍රිලනිපය විනාශ කරා.. රනිල් අවුරුදු 25න් එජාපයත් නැත්තටම නැති කරා...

:       0       1

K.g.n.pradeep Sunday, 15 September 2019 05:47 AM

දයාසිරි ලේකම්තුමා බැඳුම්කර වංචා කාරයින්ගෙන් ගත් සල්ලි ලක්ෂ 10ට පරීක්ෂණයක් තිබුණද? ඒවා ජනතාවට අමතක නැහැ. වංචාකාර දේශපාලකයින් ගැන දෙවියන් බලාවි...

:       0       3

රවින් Sunday, 15 September 2019 07:01 AM

කවුරු කොහොම කිව්වත් රටටත්, ලෝකෙටවත් වැඩක් නැති දෙන්නෙක් නම් විසිවෙලා තියනවා. අනික් පක්ෂ මේ ගොල්ලන්ව ලඟට ගන්නේ බලාගෙනයි.

:       0       1

jagath Monday, 16 September 2019 06:00 AM

කොන්ද කෙලින් තියාගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. ඉදිරියට එ්ක අනික් මහාලේකම්ලාට ආදර්ශමත්

:       0       0

asoka Tuesday, 17 September 2019 11:26 PM

ඉතින් ජයා ඔයත් එහෙමනේ. ඔයා කීපාරක් එහාට මෙහාට පැන්නද?

:       0       0

navee Wednesday, 18 September 2019 04:30 AM

දයාසිරිට පුලුවන් නම් ඡන්ද ලක්ෂයක් අරන් පෙන්නන්න කියන්න. අනුන්ට සීනි කිරන මිනිහෙක් වෙලා එහාට පනින්න, මෙහාට පනින්න ඔය වගේ කෙනෙකුට මහලේකම් තනතුර දුන්නේ මොකටද කියන එකයි හොයන්න ඕනේ. අායෙත් හොරෙන් හරි ආප්ප කාලා බ්ලැක් කොෆී බිව්වද දන්නෑ.. මේ හැටි අනුන්ට කඩේ දුවන්නේ..? අනික කව්ද ඉන්නේ කොන්ද පණ තියෙන කෙනෙක් දැන් ජනාධිපති එක්ක ඉන්න ඔක්කොම හොරු. අර අප්පච්චි මළා වගේ අය දැන් අායෙත් ළං කරගන්නද ඕනේ.. ලැජ්ජාවක් ඇත්තේම නැති මිනිස්සු ටිකක් දැන් ශ්‍රී ලංකා එකේ ඉතුරු වෙලා ඉන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 128 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site