( ගයාන් අමරසේකර)
දකුණු ආසියාවේ විශාලතම කුලුන වන නෙළුම් කුලුන විවෘත කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය මඟින් රු. 45.00ක වටිනාකමකින් යුතු නව සමරු මුද්දරයක්, සිහිවටන පත්‍රිකාවක් සහ මුල්දින කවරයක් (16) වැනිදා නිකුත් කෙරේ.
එම මුද්දරය නිර්මාණය කරන ලද්දේ මුද්දර නිර්මාණ ශිල්පී පොත්පිටියගේ ඉසුරු චතුරංග කලාකරුවා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ අපේ දෙදහස් පන්සිය වසරක සංස්කෘතිය පාච්චල් වෙන වැඩ නම් කරන්න එපා. සමරු මුද්දරයක් නිකුත් කරනවා නම් ඒක දකුණු ආසියාවේ විශාලතම සමරු මුද්දරය වෙන විදියට නිකුත් කරන්න. නැතිනම් අපිට මදිකමක්...
පොහොට්ටුවට සුබ අනාගතයක්...
කිසිකෙනෙකුට තඹ දොයිතුවකවත් ප්‍රයෝජනයක් නැති නිකන්ම නිකන් ශෝබනේට හදපු ඕකේ මුල්ගල තිබ්බ කට්ටිය මුද්දරේ බැරිනම් ලියුම් කවරේවත් නැද්ද?
හරිම දුකයි. උඩිනුත් පල්ලෙනුත් කලම්බෝ ලෝටස් ටවර් කියලා තියෙනවා.. අහෝ සිංහලයාට ගිය කලක්..!!!
නිකන් අපරාදෙ මහජන මුදල්...
මෙම කුළුණ සැලසුම් කිරීමත්, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් රාජපක්ෂ යුගයේ සිදුවූවක් බව රටම දන්නවා. නමුත්, යහපාලන රජය බලයට පත්වූ විගසම ඉන්දියානු රජය මෙය නතර කරනමෙන් ඉල්ලා සිටියා. යහපාලන රජය බලයට පත් කිරීමට උදව් වූ මිත්‍රයෙක්ගේ ඉල්ලීමකට කන්දී, ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමුවත්, යහපාලන රජයට අප රටේ ඉන්නා දක්ෂ ආරක්ෂක නිලධාරින්, ටෙලිකොම් අංශයේ ඉන්නා උගත් තාක්ෂණික නිලධාරින්, සහ පුද්ගලික අංශයේ ඉන්නා වෘත්තිකයින් මෙම කුළුනේ ඇති වැදගත්කම පෙන්නූ පසු, කුළුනේ ඉදිකිරීම් නැවතත් ආරම්භ වී, කල්ගතවී, ප්‍රමාද වී හෝ කුළුනේ ඉදිකිරීම් අවසාන වීම ගැන මුළු රටම මෙම කුළුණ ඉදිකිරීමට දායක වූ සියලු දෙනාටම ස්තුති කළ යුතුය. ඔන්න තිත්ත ඇත්ත..!
චීන අකුරෙනුත් ගැහුවා නම් නේද හොඳ? මේක චීන මිනිසුන්ගේ දහදිය මහන්සියෙන් හම්බකරපු මුදලින් කරපු දෙයක් නිසා...