IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කංජිපානිගේ පියා- සොහොයුරා ඇතුළු 6 දෙනා රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
 
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ට ආහාර බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර දීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන්  හය දෙනා සැප්තැම්බර් 25 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(13)නියෝග කළේය.
 
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ කංජිපානි ඉම්රාන්ගේ පියා වන මොහොමඩ් ඉම්රාන් මොහොමඩ් නසීම්(65)සද්ධර්ම මාවත කොළඹ 10, මොහොමඩ් නසිම් අබ්දුල් ෆාසිස්(28), මොහොමඩ් කුකුබ්දින් මොහොමඩ් වසිම්දීන්(28), මොහොමඩ් ඉස්තිකාර් මොහොමඩ් සෆ්රාස්(23), මොහොමඩ් ඉල්හාම් මොහොමඩ් අෆ්රිඩින් (28) මොහොමඩ් සරූක් මොහොමඩ් ෆායිස් යන සැකකරුවන් හය දෙනාය.
 
ඊයේ (12) පවත්වන ලද සිරකරු සුබ සාධක  දිනය නිමිත්තෙන් රැඳවියන් බැලීමට පැමිණි කංජිපානිගේ පියා, සහෝදරයා සහ ඇතුළු සැකකාර ඥාතීන් සිව්දෙනා රැගෙන ආ ආහාර බඳුනේ  පතුලේ සඟවා තිබූ ජංගම දුරකතන දෙකක්, සිම්පත් දෙකක් සහ චාජර  බන්ධනාගාර නිලධාරීන් සොයාගෙන තිබිණි.

කංජිපානි ඉම්රාන් ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී  කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත  වසර හයක සිර දඬුවම් නියම වී සිටින්නෙකි.

රත්ගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරික්ෂක ධම්මික නාගහවත්ත මහතා සමග සැරයන් දේවසිංහ (17205)මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.



අදහස් (2)

කංජිපානිගේ පියා- සොහොයුරා ඇතුළු 6 දෙනා රිමාන්ඩ්

පිටිගල මිලානෝ Friday, 13 September 2019 12:58 PM

බත් මුට්ටි දෙකක්ම ගෙනියැව්වේ ඇයි කියලා දැනුයි තේරෙන්නේ... කට්ටියම ගෙරිමස්, බුරියානි කනවා ඇති...

:       0       112

බද්රානි Friday, 13 September 2019 01:55 PM

නඩු පැවරීම සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ගොනු කරන්න වත් මේ මිනිස්සුන්ට මොලයක් නැද්ද? අනික අධිකරණය ලබාදුන් තීන්දුවක් ප්‍රතිශෝධනයක් කර, සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් වෙන ක්‍රමයක් මේ සිරි ලංකාවේ තිබෙන බවවත් මේ මෝඩ මිනිසුන් දන්නේ නැද්ද? ඔයවගේ දේවල්වලට හිරේට යන වෙලාවේ.., දේශපාලනයට සම්බන්ධ වෙලා, ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙලා මේ රට ඇමරිකන් වුවදුරෙන් මුදවා ගන්න මේ වංචාකාරයින්ට බැරිද? අඩුතරමේ, බිලියන ගාණකින්වත් මේ රටට පාඩු නොකර, එසේ නැත්නම්, ආයුධ කීපයක් හෝ හිරකාරයින්ට ලබා නොදී, මේ දෙකයි පනහේ ටෙලිෆෝන් බන්ධනාගාරයට රැගෙන ගොස් ජනතාවගේ මුදලින් හිරබත් කෑම මේ රටේ ජාතිමාමක, දේශහිතෛෂී, දේශප්‍රේමී ප්‍රබුද්ධ යටහත් පහත් ජනතාවට කරන මදිපුංචිකමක් හා අවමානයක් නොවේද?

:       4       249

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 115 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site