(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට අධිකරණ බලයක් නොමැති යයි නියෝග කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර ඇති පෙත්සම් දෙකම විභාගයට නොගෙන ඉවත දැමීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (11) තීන්දු කළේය. මෙම නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබිණ.
මෙම අභියාචන පෙත්සම් විභාගයට ගැනීමට නීතිමය පදනමක් නොමැති බහුතර විනිසුරු මඩුල්ලේ තීරණය බවද පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති සිසිර ද ආබෲ මහතා කියා සිටියේය.
මෙම අභියාචනා පෙත්සම් සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලිණි.
ඞී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර ඇත.
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.
එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කෙරිණි.එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කෙරිණි.
එම විරෝධතාව පිළිබඳ අභියාචනා ඉදිරිපත් කළද , එයද ප්‍රතික්ෂේප කෙරිණි.එම විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය ඉවත දමා අදාළ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට තමාට එරෙහිව නඩුව විභාගයට ගැනීමට අධිකරණ බලයක් නැතැයි නියෝග කරන්නැයි පෙත්සම මඟින් ඉල්ලා ඇත.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපිත නීතීඥ අලි සබ්රි මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් , ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් යන මහත්වරු පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරනකලට පව් මීරිය මී සේ.... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ... ඉන්න හිටින්නට කවදත් සුවසේ.. නොකරන් වංචා කිසිදින මෙලෙසේ...
පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නිදහස් තීරන ගැනීම ලොකුදෙයක්...
ඔන්න ඔය වගේ කෙනෙක් තමයි රටේ නායකයා කරගන්න ලංකාවේ බත් කන බූරුවන් දඟලන්නේ...
තව පෝය කීයද මේ පරිප්පුව කන්න වෙන්නේ නේද මහත්තයා? ඊට පස්සේ බලාගන්න පුළුවන් නඩු හබ විසඳන නියම අකාරය...
මේ අයද මේ රටේ ජනාධිපති වෙන්න හදන්නේ? මහජන මුදල් හොරා කාලා ඒවා හොයන්න අධිකරණයට බලයක් නෑ කියන්නලු. මේ අය ඉස්කෝලෙකට පන්සලකට ගිය අයද? මොවුන්ගේ තර්කය වෙන්නේ රාජපක්ෂ පවුලටයි, වටේ ඉන්න ටයි දාගත්තු, සරම් ඇඳ ගත්තු අයට හිතේ හැටියට මහජන මුදල් කොල්ල කන්න ඉඩ දෙන්න ඕනෑ.
මෙන්න ආදර්ශමත් අනාගත නායකයා... මරුබඩුනේ අනේ දෙවියනේ රට උකස් කරලා නටපු නාඩගම්... රට ගොඩනගන්න නියම පොරවල්...
විජිත් මලල්ගොඩ කියන්නේ මහින්දගේ ගෝලයෙක්...
කරන්න පුළුවන් ඔක්කොම උප්පරවැට්ටි ටික කාලා නඩුව විසිකරගන්න, වැඩක් වුනේ නෑ...නේද? දැන් පරාද වුනොත් යන්න රටකුත් නෑ.. ඇමරිකන් පුරවැසිකම ඇත්තටම අතහැරලා නම්..
භය නැති නියම නඩුකාරවරු ඉන්නවා තාමත්..
පව් දෙයියනේ.. මොන තරම් සල්ලියක් වියදම් කළාද මේක විසිකරවා ගන්න... ඕක තමයි කියන්නේ හොරකම් කළ සල්ලි ඵලදෙන්නේ නෑ කියලා...
මුරලි මෙයා ගැනද කිව්වේ?
බය ගෝඨාගේ බය පේනවා නේද? තව එනවා ජනාධිපති වෙන්න. මේ වගේ අය පස්සේ යන වහල්ලුත් ඉන්නවනේ...
මොකද්ද අප්පා ඒ හරුපේ? එ්ක තමයි අර කොටළුවෝ 62 අතිකර ගත්ත තුම්සේත් වහල්කම් කරන යහපාලන ආණඩුව... දැන් හරුපේ තේරුණාද? ඕක මොලෙන් අනලාම කියලා දෙන්න ඕනේද?
ඇයි බැරි තමන් නිවැරදියි කියලා කියනවා නම් මේ නඩුවලට බය නැතිව මූන දීලා ඔප්පු කරන්න. ගෝඨා පලිහ කරන් අනික් සෙට් එකත් බේරෙන්න දඟලන්නේ..
ලංකාවේ අධිකරණවලට ඇමෙරිකාවේ පුරවැසියන්ට විරුද්ධව නඩු අහන්න බැහැ කියල තමයි මෙයාගේ තර්කය...
යූඑන්පී, ජේවීපි අය හිතාගෙන ඇති දැන් ඔවුන්ට පුළුවන් සජිත්ව හරි, ලපයව හරි ජනාධිපති වෙන්න පුළුවන් කියලා...
අම්මගේ, තාත්තගේ සොහොන් රටේ මිනිසුන්ගේ සල්ලි වලින් හදන කෙනා තමයි අපට වියත් මග කියාදෙන්නේ...
නොදන්නා හඬ අහන්නේ හොරගොල්ලේ සමරේ.. හැදුවේත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්ද?
බමුණෝ එතකොට මංජු ශ්‍රී ව මරන්න හිරේ හිටපු 25 මරපු එක හරිද? බලන්ගොඩ පැත්තේ විෂ්ණු රූප කලා නිල මැණික් ගත්ත එක හරිද? වතුර ඉල්ලපු රතුපස්වල මිනිස්සුන්ට වෙඩිතියපු එක හරිද අනේ?
මෙතුමා කිසිම විටෙක සොහොන් හදපු එක වැරදියි කියන්නේ නැහැ. චෝදනා වැරදි කියලා නඩු කල්දාන්න උප්පරවැට්ටි දානවා අනේ... මෙයාගේ වියත්මග පල්හොරු, කබ්රාල් ගොඩහේවා...
වියත්මග කියන්නේ හොර නඩයක් වගේ පෙනෙන්නේ. බොහෝදෙනෙක් මොනවා හෝ චෝදනා තියෙන අයවලුන්. මමත් රතුපස්වල හින්දා වදවිඳින කෙනෙක්. අපේ හොඳට තිබුණු ළිංවල වතුර බොන්න බැරිව ගියා. ඒ කාලේ එක මන්ත්රියෙක් කිව්වා ඕක විපක්ෂයේ බොරු චෝදනාවක් කියලා... තවමත් එකඑකාට කඩේ යන එක කණගාටුවට කරුණක්. තමන් නිවැරදි නම් චෝදනා වලට මුහුණදී නිවැරදි වෙන්න...