IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


‘‘රූපවාහිනී සංස්ථාව ජනපති පවරා ගැනීම දේශපාලන කුමන්ත‍්‍රණයක්ද සැකයි‘‘

 

(ඩයනා උදයංගනී)

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරාගත්තේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී වාසියක් ලබාගැනීමටද එසේත් නැතිනම් ඉකුත් ඔක්තෝබර් මාසයේ මෙන් යළිත් දේශපාලන කුමන්ත‍්‍රණයක් කිරීමට සූදානම්වන නිසාදැයි යන්න ගැන ගැටලුවක් ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (11) පැවසීය.

ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධයෙන් තමා ප‍්‍රතිපත්තිමය වශයෙන් විරෝධය පළ කරන බව කී ජනමාධ්‍ය අමාත්‍යවරයා එතුමා මෙහි බරපතලබව තේරුම් ගෙන විසදුමක් දේ යැයි බලාපොරොත්තු වන බව ද සදහන් කළේය.

තමන් ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරිය වෙනුවට වෙනත් අයෙකු පත්කිරීමට උත්සාහ කළේ ඇය සමඟ ඇති අමනාපයක් නිසා නොව රූපවාහිනී සංස්ථාව ගොඩ ගැනීමේ අරමුණින් බව ද ඇමතිවරයා කීවේය.

මේ වන විටත් සේවක වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 450ක් ඉල්ලා ඇති රූපවාහිනී සංස්ථාව ජනතාවට බරක් බව කී රුවන් විජයවර්ධන මහතා එය එම තත්ත්වයෙන් මුදාගෙන යම් ප‍්‍රගතියක් අත්කරදීමට තමන්ට අවශ්‍ය වූ බව ද ප‍්‍රකාශ කළේය.

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආයතනයක් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට ගැනීම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මෙන්ම මාධ්‍ය නිදහසටත් ගැටලුවක් බව කී විජයවර්ධන මහතා තමන් ප‍්‍රතිපත්තමය වශයෙන් එයට විරුද්ධ බව ද කීවේය.

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඉකුත් පෙබරවාරි මාසයේ තමන් රාජකාරී ආරම්භ කළ පසු රූපවාහිනී සංස්ථාවේ විශාල කඩාවැටීමක් දුටු බවත්, එහි සේවකයින් ද ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කළ බවත් කී ඇමතිවරයා එහි සභාපතිතුමිය ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙනස් කළ යුතු බව තමා ජනාධිපතිවරයාටද දැනුම් දුන් බවත් සඳහන් කළේය.

ඒ අනුව සභාපතිධූරය සඳහා මාධ්‍ය ක්ෂේත‍්‍රය ගැන අවබෝධයක් ද ඇති, නීතීඥවරයෙක්ද වන සුදර්ශන ගුණවර්ධන, මාධ්‍යවේදියෙකු වන ශාන් විජේතුංග, පරිපාලනය සම්බන්ධ දැනුමක් ඇති හා රූපවාහිනී සංස්ථාවේ ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයකු වන සංජීව විජේගුණරත්න යන අයගේ නම් ඉදිරිපත් කළ බවත් ඒ නම් සියල්ල අදාළ කමිටුවෙන් ප‍්‍රතික්ෂේප වූ පසුව ස්වාධීන රූපවාහිනී සේවයේ ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයකු ද වන කැලුම් පාලිත මහීරත්න මහතා එයට පත්කළේ ගැසට් පත‍්‍රය මගින් තමන්ට ඇති බලතල අනුව බවත් ඇමතිවරයා ප‍්‍රකාශ කළේය.

සෙසු නාලිකා හා බලන විට ජාතික රූපවාහිනිය මේ වන විට තිබෙන්නේ 6 වැනි ස්ථානයේ වීමෙන්ම එහි කඩාවැටීම පෙනෙන බව  ඇමතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයාට  ඕනෑම ආයතනයක් පවරාගැනීමේ බලය ඇති නමුත් රජයේ මාධ්‍ය ආයතනයක් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට ගැනීම අනුමත කළ නොහැකි බව කී ඇමතිවරයා ජනාධිපතිවරයෙක් විසින් රජයේ මාධ්‍ය ආයතනයක් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරාගත්තේ ලංකා ඉතිහාසයේ පළමුවරට බව ද පැවසීය.



අදහස් (16)

‘‘රූපවාහිනී සංස්ථාව ජනපති පවරා ගැනීම දේශපාලන කුමන්ත‍්‍රණයක්ද සැකයි‘‘

sama Wednesday, 11 September 2019 02:30 PM

රූපවාහිනිය සුදුසු යකඩ මිනිහට තමයි. මිනිහා කෝටිගණන් වියදම් කරලා දැන්වීම් දානවා. තාම ගෝඨා පටන්ගත්ත ඒවා තමයි අලුත් නම් දදා විවෘත කරන්නේ. ගෝඨා පටන් ගත්ත ගෙවල් 15000 තාම ඉවර කරගන්න බැරි වෙලා. අලුතින් එක මහල් නිවාස ව්‍යාපෘතියක් පටන් ගන්න අවුරුදු 5ම බැරි වුණා.

:       212       645

NishanWednesday, 11 September 2019 11:53 PM

ගෝඨාත් මුල්ගල් තියලා ගියා මිසක් හදලා ගිය දෙයක් නෑ. ලොකු කුට්ටි හම්බ වුණු ඒවා විතරක් ඉවර කළා අර සොහොන් වගේ ව්‍යාපෘති...

:       150       218

athuraThursday, 12 September 2019 04:42 AM

ඉන්නේ ලංකාවේද මහත්මයා? නැත්නම් කුහකකමද? අර ඇඹුල්ගම මහල් නිවාස පටන් ගත්තෙත් ගෝඨාද?

:       0       78

nimalThursday, 12 September 2019 08:07 AM

ගෝඨා ගෙවල් 10000 හදලා ඉවර කරලා ඉන් 5000ක් විතර බාර දීලා ගියේ... ඉතුරු ගෙවල් 25%ක් විතර ඉවර කරලා තිබුණා. අද කොළඹ ඇවිදලා බලන්න ගහන ඉදිකිරීම් කීයක් තියෙනවද කියලා. එකයි, දෙකයි තියෙන්නේ. ෆයිල් ගහපු කොම්පැනි යන්ත්‍ර සූත්‍ර බදු දෙන්න උත්සාහ කරනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ගෙන් අසා දැනගන්න.

:       0       8

isuru Wednesday, 11 September 2019 04:01 PM

මොන සැකයක්ද? කුමන්ත්‍රණයක් එදා අගමැති ඉවත් කිරිම... මෙදා මේක.

:       428       406

kamal Wednesday, 11 September 2019 04:03 PM

මහින්ද සහ සිරිසේනගේ කුමන්ත්‍රණ තමයි.

:       345       292

Chanak los angelesWednesday, 11 September 2019 09:10 PM

යහපාලනයට ආත්මයක් නැහැ...

:       0       0

WasudewaThursday, 12 September 2019 01:14 AM

kamal ...ඔයාගේ කතාව සහතික ඇත්ත. අපිට මතකයි මේ දෙන්නා එකතුවෙලා පහුගිය දවස් වල මාස දෙකේ සෙල්ලන් ආණ්ඩුවක් හැදුවා. ජනාධිපතිතුමා පොහොට්ටුවේ ලණු ගිලලා.. එ්කෙන් රට අනාථ වෙලා උසාවි තීන්දුවෙන් මේ දෙන්න පීචන් වුණා මතකද? මේකත් හරියටම ඉදිරි ඡන්දයට වාසිගන්න කරපු දෙයක්. මේවට මහජනතාව හොඳට සලකයි..

:       232       181

achandima Wednesday, 11 September 2019 06:41 PM

අන්න එහෙම ටිකක් අළු ගසාදාළා එළියට බහින්නකෝ? නැතුව කොහොමද වෙස් බැඳලා එහෙම නැටුමට ගන්නේ? එ්ත් සැකයේ වාසිය ලැබෙන්නේ විත්තිකාරයින්ටනේ නේද? එ්ක නිසා සැක ඇතිවුණු ගමන්ම ප්‍රකාශ නිකුත් කරන්න එපා.

:       0       28

Chanak los angeles Wednesday, 11 September 2019 09:43 PM

ඔව්, එජාපයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ඉඩක් නොදෙන්න ඕනෑ නිසා කරපු ගුණමකු ක්‍රියාවක්. සාටකයින්ගේ කෙනහිලිකම් වලට පත්වෙවී පැදුරේ වැතිරිලා හිටපු මොහොතේ උස්සගෙන ඇවිත් තරු 5ක මෙට්ටයක තැබුවාට ලැබෙන ආනිශංස තමයි.

:       0       0

sudath Thursday, 12 September 2019 12:47 AM

කුමන්ත්‍රණයකින් රූපවහිනි සංස්ථාව බේරාගත්තා කියලයි මට හිතෙන්නේ...

:       62       200

Jaya Thursday, 12 September 2019 01:13 AM

යහපාලනය ගේන්න වැඩ කරපු සුළං කිරිල්ලියක් එළවන්නනේ මේ තරම් දඟලන්නේ... වැඩ බැරිනම් මොකටද දා ගත්තේ...? මොකද එයා දැන් ඔබතුමාලාගේ පදේට නටන්නේ නැද්ද?

:       0       61

Mahee Thursday, 12 September 2019 01:56 AM

ඔන්න ඔහොම මොන මොනවා හරි කියන්න. නැත්නම් අනික් කට්ටිය හිතයි, යකෝ අපි විතරනේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස වගේ නොතේරෙන දේවල් කියවන්නේ කියලා. ඒ හින්ද නොදන්නවා වුණත් මේ ඡන්ද කාලේ මොන මොනවා හරි කියන එක තමයි හොඳ... කියන්නේ මොනවද කියලා අපේ කාටවත් තේරෙන්නේ නැතුවට කමක් නෑ. එකෙක් ඉන්දැද්දී තව එකෙක් පත් කිරීම මගින් ගොඩගැනීම වගේ දේවල් අපට අල්ලලා යනවා.

:       8       62

Sunil Ratnayaka Thursday, 12 September 2019 02:33 AM

මොනවද කියව කියවා ඉන්නේ? නීති මාර්ගයට යන්න....

:       0       144

jana Thursday, 12 September 2019 04:01 AM

ඔයාගේ කට තියෙන්නේ ඕවට විතරයි.., රටේ ආරක්ෂාව ගැන කතාකරන කොට මේක නෑ..

:       0       114

sunil Thursday, 12 September 2019 08:09 AM

ඔව්, ඒ කාලේ උස ගොඩනැගිලි හැදුව කම්පැනි තමයි උදාගම්වල පොඩි ගෙවල් හදන්නේ වැඩ නැති නිසා..

:       0       100

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්



නුවරඑළිය මහ නගර සභාවේ ජය ජාජබට
2025 මැයි මස 07 191 0

ජාතික ජනබලවේගය නුවරඑළිය මහ නගර සභාවේ සභික ධූර 25 න් 12 ක් හිමිකරගැනීමට සමත් විය.





මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 838 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1258 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site