(මුදිතා දයානන්ද )
ඉල්ලීම දහයක් මුල් කරගනිමින් රටපුරා සියලූම රෝහල්හි අගහරුවාදා (10) පැය හතරක සංකේත වර්ජනයක් ක‍්‍රියාත්මක කිරිමට සමස්ත ලංකා සුවසේවා සංගමය සැලසුම් කර තිබේ.
10 වැනිදා උදේ 8.00 සිට පස්වරු 12.00 දක්වා මෙම වර්ජනය ක‍්‍රියාත්මක වන අතරඒ සඳහා දේශපාලන හෝ වෘත්තීය සමිති බේදයකින් තොරව බහුතරයක් සුව සේවකයින් සම්බන්ධ වනු ඇතැයි බලාපොරොත්තු වන බව සමස්ත ලංකා සුව සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ මහතා ලංකාදීපයට පැවසීය.
සේවක හිඟය පියවීම, ස්ථාන මාරුවීම්, උසස්වීම්, දීමනා, පුහුණුවීම් පිළිබඳ ගැටලූ විසඳා ගැනීම, ඇතුලූ කරුණු දහයක් මෙම ඉල්ලීම් අතර පවතින බවද මේ ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වත් ඇමතිවරයා වේලාවක් නොදී මගහැරීම නිසා මෙලෙස වර්ජනයකට යාමට තමන් තීන්දු කළ බවද ඔහු පැවසීය.
වර්ජනයට පැවැත්වෙන අතරතුර කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර මහ රෝහල ඇතුළු රටපුරා ප‍්‍රධාන රෝහල් තිහක උද්ඝෝෂණයක් පැවැත්විමටද සැලසුම් කර ඇතැයිද ගුරුගේ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකනේ කියන්නේ සුදුවෑන් ඕනේ කියලා.
මේ හොර දොස්තරලාට යන්න අපායක් නැහැ. දුප්පතාගේ ලේ බොන්න..
ඇයි සුදුවෑන්? මේක මෙයාලගේ නීත්‍යානුකූල අයිතියක්...
ඕකනේ මේ රටට ගෝඨා අවශ්‍යයි කියන්නේ...
එකෙක් දෙන්නෙක් අතුරුදහන් කරනවා නම් මේවා නවතිනවා..
දැන් පහුගිය දවස්වල මාධ්‍ය සාකච්චඡා තියලා කෑමොර දුන්නා නේද බෙහෙත් හිඟයක් කියලා? බෙහෙත් ටික ඖෂධාලයේ තියලා තියෙලා වර්ජනය කලහම ඒ බෙහෙත් ටිකට මොකද වෙන්නේ? නැවත එම බෙහෙත්ම ගන්න මුදල් යෙදෙව්වාම ඔය කියන අයිතිවාසිකම් වලට යොදවන්න මුදල් කෝ? උගත්කම දැක්වෙන සහතික පමණක් තිබුනට වැඩක් නෑ .
මෙවුන් තුන් හතර දෙනෙක් අල්ලලා ගස් වලින් උදුකුරුවට එල්ලලා දමන කන් මෙවුන්ගේ කෝළම නවත්වන පාටක් නෑ.
මැතිවරණ ප්රචාරක කටයුතු තමා මේ ආරම්බ වෙන්නේ ඉස්සරහට තව ගොඩ වර්ජන ඒවි