(මනෝජ් හර්ෂික)
පෞද්ගලික සමාගමක් හිතුමතේට තිරිඟු පිටි මිල ඉහළ දැමීම තම රජය කිසිසේත් අනුමත නොකරන බවත් තිරිඟු පිටි කිලෝවක සහතික මිල මේ සතිය තුළම තීරණය කරන බවත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අද (09) පැවැසීය
අනුරාධපුර හුරුළු වැව වාරි ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෘෂි මාර්ග නවීකරණ වැඩසටහන වන “ දියවර නෑයෝ ” හා එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
"ආනයනික සහ දේශීය ආහාර ද්‍රව්‍ය භාණ්ඩ මිල තීරණ කරන ජීවන වියදම් කමිටුවේ නිර්දේශයකින් හා කැබිනට් මණ්ඩලයේ තීන්දුවකින් තොරව පෞද්ගලික සමාගමක් පසුගිය දා තිරිඟු පිටි කිලෝවක මිල රු. 5කින් ඉහළ දැමීමට කටයුතු කළා. ජීවන වියදම් කමිටුවේ සභාපතිවරයා ලෙස මම කිසි විටෙකත් මෙය අනුමත කරන්නේ නැහැ.
මීට පෙර අවස්ථාවකදී ද විදේශීය තිරිඟු පිටි මිල හා සසඳමින් ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල වැඩි කර තිබුණා. නමුත් අපේ ජීවන වියදම් කමිටුවේ තීන්දුවකට අනුව එම මිල නැවත සංශෝධනයකට ලක් කරමින් සමාගම් විසින් වැඩි කරන ලද මුදල අඩුකළා. හෙට (10 ) දිනයේ පස්වරුවේ දී පැවැත්වෙන ජීවන වියදම් කමිටුව මඟින් තිරිඟු පිටි මිල පිළිබඳ සාකච්ඡා කr සමාගම්වල ඉල්ලීම් සළකා බලමින් මේ සතිය තුළම තිරිඟු පිටි කිලෝවක මිල තීරණය කරනවා" යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිඹුලා බනිස් ලාභ වෙයිද?
බුදු මහත්තයෝ දැන්ද මතක් වූණේ ඔය දේ කරන්න. අවරුදු පහක්ම කොහෙද හිටියේ. ඡන්දයට වේදිකාවට නැග කියන්න දෙයක් නැති නිසා දැන් ඔක කිය කියා බෙරිහන් දෙන්න පුළුන් නේද පළමුව වැඩ කරපු වෙලාවේ මේ තීන්දුව ගන්න තිබුණා නේද. එහෙ කළේ නැහැනේ. මොකද ඒ වෙලාවේ ඡන්දයක් තිබුණේ නැති නිසා අයතන හිමිකරුවන්ගේ පැත්තේ හිටියේ ඔබ තමා. ඔබලට ඡන්දයක් දුන්නු මම වගේ හරක් ගොඩාක් ඉන්නවා. ඒකනිසා පින්සිදු වෙයි තනකෙළවලටත් පාලන මිලක් මේ වෙලාවෙම ගේන්න
තිරිඟු හැදෙන්නේ කොහෙවත්, එව්වට සහතික මිල නියම කරන්නේ කවුරුවත්... මේ ගොල්ලන්ට වැඩ නැතිවට බයිලා කෙලිනවා. කරන්න පුළුවන් දෙයක්ද මේ..? ලංකාවේ එක තිරිඟු ඇටයක් වවන්නේ නැතුව.. පින් පඩි අරන් ඉන්න අැමැතිලාට අවුරුදු පහක් ඉඳලා පැන්ෂන් එක ගන්නකල් ඇදගෙන යන්න වැඩක් තියෙන්නත් ඕනෑනේ...
ඔබලා ගැන ජනතාව ඉදිරියේදී තීරණය කරනවා!