පීලි පැනීමෙන් දුම්රිය ප්‍රමාදයක් ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය කලුතර පාලම අසළදී පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගය අවහිර වී ඇත. 28 February 2019
වීසා නොමැතිව සිටි චීන ජාතිකයින් 14 ක් පොලිස් දැලේ වීසා බලපත් නොමැතිව ගාල්ල දඩල්ලේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක සේවයේ නිරතව සිටි චීන ජාතිකයින් 14 ක් අද (27) අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය පවසයි. 27 February 2019
වීසා නොමැතිව ලංකාවේ රැදී සිටින විදේශිකයින්ට දඩයක් වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කර ගැනීමට රජය තීරණය කර ඇත. 27 February 2019
රත්ගම පැහැර ගැනිමේ සිද්ධියේ මෝටර් රථයද සොයාගනී රත්ගම පුද්ගලයින් දෙදෙනා පැහැර ගැනිමට පැමිණි බව කියන මෝටර් රථයද මාතර ප්‍රදේශයේ තිබියදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද (27) සවස සොගෙන තිබේ. 27 February 2019
බ්ලු මැන්ඩල් සංඛගේ ගෝලයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 1 1/2 අධික වටිනා හොරොයින් තොගයක් සමඟ බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගේ ගෝලයකු ආදුරුප්පුවීදිය කොරියාවත්තේ දී කොළඹ මධ්‍යම කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අද (27) අත්අඩංගුවට ගනු ලැබීය. 27 February 2019
ඉම්රාන් ඛාන් සාකච්ඡාවට අත දිගුකරයි ඉන්දියාව සහ පාකිස්තානය අතර අද අලුයම ආරම්භ වූ එදිරිවාදිකම් වලින් පසුව දෙරට අතර සාකච්ඡා ආරම්භ විය යුතු යයි පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා කියයි. දෙරට අතර යුදමය එදිරිවාදිකම් ආරම්භ වූයේ දශක ගණනාවකට පසුවය. 27 February 2019
දූෂණ නැති කළොත් රාජ්‍ය වියදමින් සියයට 25ක් ඉතුරුයි දූෂණ වංචාව නැතිකර මුදල් අවභාවිතාව වැළැක්වුවහොත් රාජ්‍ය වියදම්වලින් සියයට 25ක් ඉතිරි කර ගත හැකි බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය. 27 February 2019
විගණන සේවය නැති නිසා දක්ෂයෝ 80ක් දෙපාර්තමේන්තුව හැරයති විගණන පනත පාර්ලිමේන්තුවේ සම්මත වුවත් ජාතික විගණන සේවය මෙතෙක් ස්ථාපිත නොකිරීම නිසා ඇතිවූ කළකිරීම් මත විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටි දක්ෂතම නිලධාරීන් 80 දෙනකු පමණ පසුගිය මාසයේදී ඉන් ඉවත්ව වෙනත් තනතුරු සඳහා ගිය බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය. 27 February 2019
සිරිකොත ගමට - නව වැඩසටහනක් එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය ඉලක්ක කර ගනිමින් සිරිකොත ගමට යනුවෙන් නව වැඩසටහනක් ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය. 27 February 2019
වැරදිකරුවන්ගේ ආණ්ඩුවක් තිබෙනතුරු බැඳුම්කර වංචාවට දඬුවම් දෙන්න බෑ ලංකාවේ මෙතෙක් සිදුවූ විශාලතම මුදල් මංකොල්ලය බවට සැලකෙන මහ බැංකු වංචාව ගැන සෙවීමට තමන් පත්කළ කොමිසම මගින් එහි වැරදිකරුවන් රටට හෙළි කර ඇති නමුත් ඔවුන්ගේ ආණ්ඩුවක් තිබෙන තුරු ඒ වරදකරුවන්ට දඬුවම් දීමට නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 27 February 2019
කොළඹින් යන කරච්චි - ලාහෝර් ගුවන් ගමන් නවත්වයි ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් නුවර දක්වා හෙට(28) ගමන්ගැනීමට නියමිතව තිබූ සියලු ගුවන්ගමන් අවලංගු කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබේ. පාකිස්ථානු සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එරට ගුවන් කලාපය තාවකාලිකව වසාදැමීමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම තීරණය ගෙන තිබේ. 27 February 2019
විල්පත්තුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අදාළ තීන්දුව කල් යයි විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය තුළ ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම අගෝස්තු මස 6 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (27) නියම කළේය. 27 February 2019
රන්ජන්ට එරෙහිව පුරවැසියකුගෙන් පැමිණිල්ලක් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිය ෆේස් බුක් ගිණුමේ පසුගිය පෙබරවාරි 13 දින ගුවන් හමුදා විශ්‍රාමිකයන් කිහිප දෙනෙක් සමග සජීවී සංවාදයක් පවත්වමින් රාජ්‍ය ආරක්ෂාවට හානිකර ප්‍රකාශ කරමින් ත්‍රිවිධ හමුදාව විවේචනය කරමින් හමුදා සේවය පොදු මහජනයාට සහ හමුදා සේවයට එන්නට බලාපොරොත්තුවන අයට එපා කරවමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීතිමය පියවර ගන්නැයි අද (27) ජී.පී. නිස්සංක යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණිල්ලක් 27 February 2019
මැද්දවත්ත විශ්ව විද්‍යාලයේ වී ගබඩාවක් ආරම්භ කිරීමට විරෝධය මාතර මැද්දවත්ත විශ්ව විද්‍යාල විද්‍යායතන භූමියේ වී ගබඩාවක් ආරම්භ කිරීමට විරෝධය පළ කරමින් එහි සිසුන් ආරම්භ කළ උද්ඝෝෂණ හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශය තුළ දැඩි නොසන්සුන්කාරී තත්වයක් හට ගෙන ඇත. 27 February 2019
දිල්ලියට උතුරින් පිහිටි ගුවන්තොටුපළ කිහිපයක් යළි විවර කෙරේ කාශ්මීරයේ පිහිටි ඉන්දු - පාකිස්තාන දේශ සීමාවේ ඇතිවී තිබෙන යුද උණුසුම හේතුවෙන් ජම්මු කාශ්මීරය, පන්ජාබ් සහ හිමාචල් යන ප්‍රදේශවලට අයත් ගුවන් තොටුපළ අටක් වසා දැමීමට ඉන්දීය රජය පියවර ගෙන තිබිණි. 27 February 2019
අදහස් පළ කිරීමේදී වගකීම් සහගතවන්නැයි අගමැති කියයි එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් ජනතා සේවය කිරීමේදී මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේදී දැඩි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අද(27) පැවසීය. 27 February 2019
කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් කතරගම කිරි වෙහෙර නාහිමි ඝාතනය කිරීමේ සැලසුම අනුව කළ සියලූ පරික්ෂණ අනුව රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යවන ලද නඩු භාණ්ඩ සම්බන්ධයෙන් හා රුධිර සාම්පල් සම්බන්ධ වාර්තා ලබා ගැනීම සදහා එම ආයතන වලට පසු විපරම් ලිපි යවන ලෙසත් සිද්ධියට සම්බන්ධ සියලූම සැකකරුවන් මාර්තු 13 වන දින දක්වා යළි බන්ධනාගාර ගත කරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් කාංචනමාලා ගුරණසේකර මහත්මිය 27වනදා නියෝග කළාය . 27 February 2019
‘ඉවසුවා ඇති’ පළමු ජන රැළිය මාර්තු 08 වැනිදා ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ‘ඉවසුවා ඇති’ ජන රැළි මාලාවේ පළමු රැළිය විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 08 වැනිදා පස්වරු 3.00ට මහනුවර දී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (27) පැවසීය. 27 February 2019
ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාවෙන් ඉන්දීය ජාතිකයා නිදහස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගෙන මාස 5 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඉන්දීය ජාතික මර්සලිස් තොමස් නැමැත්තා සම්බන්ධ මූලික විමර්ශන අවසන් බැවින් ඔහු මුදා හැරිමට කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්ත ඩයස් නානයක්කාර මහතා අද නියෝග කළේය. 27 February 2019
නාලක ද සිල්වා තවදුරටත් රිමාන්ඩ් හිටපු නියෝජ්‍ය පොලිස්නාලකද සිල්වා මහතා ලබන මස 06 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්ත ඩයස් නානයක්කාර මහතා අද නියෝග කළේය 27 February 2019
පාකිස්ථානය ඉන්දීය ගුවන් යානා දෙකක් බිමහෙළයි කාෂ්මීර ප්‍රදේශයෙන් තම ගුවන් සීමාවට ඇතුළු වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් වෙඩි තබා බිමහෙලූ බව පකිස්ථානය පවසයි. 27 February 2019
ටවුන් හෝල් අවට වාහන තදබදයක් උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ පුරහල අවට මාර්ග දැඩි රථවාහන තදබදයක් පවති. 27 February 2019
රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයට පොලිස් නිලධාරීන් දෙදෙනා යළි රිමාන්ඩ් රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා සහ උප පොලිස් පරීක්ෂකවරයා මාර්තු 13 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවල මහතා නියෝග කළේය. 27 February 2019
ඉන්දියාවේ ප්‍රහාරයෙන් පසු සතුට සමරා උත්සව පාකිස්තානයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් පුහුණු කඳවුරක සිටි සටන්කාමීන් සිය ගණනක් ඝාතනය කළ බව ඉන්දීය රජය විසින් නිවේදනය කරනු ලැබීමත් සමඟ එරට විදීවල සැමරුම් උත්සව පැවැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 27 February 2019
යාපනය සරසවියේ තාක්ෂණ පීඨය වසා දමයි යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චියේ පිහිටි තාක්ෂණ පීඨය ඊයේ (26) සිට සතියක පමණ කාලයක් තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කළ බව යාපනය විශ්වවිද්‍යාල උප කුලපති මහාචාර්ය රත්නම් විග්නේශ්වරන් මහතා පැවසීය. 27 February 2019
ඉන්දීය ගුවන් හමුදා යානයක් කාශ්මීරයේදී කඩා වැටෙයි ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ඉන්දීය කාශ්මීර ප්‍රදේශයට කඩා වැටී ඇතැයි වාර්තා වේ. 27 February 2019
‘සාගර කේන්ද්‍රස්ථානයක් වීමේදී ශක්තිමත් බාහිර සම්බන්ධතා වැදගත්’ සාගර කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ඉලක්කය සපුරාගැනීමේදී බාහිර ලෝකය සමඟ ශක්තිමත් සබඳතා ඇති කරගැනීම ඉතා වැදගත් යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. 27 February 2019
ඉන්දුනීසියාවේ රන් පතලක නායයෑමකින් 60ක් අතුරුදන් ඉන්දුනීසියාවේ සුලවාසි දිවයිනේ බොලෑං මොන්ගොන්ඩෝ පළාතේ රන් ආකරයක සිදුවූ නායයෑමකින් 60 දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 27 February 2019
නකල්ස් රක්ෂිතයට අවදානමක් අවිධිමත් මානව ක්‍රියාකාරකම් රැසක් හේතුවෙන් ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ පිහිටි පිටවල පතනේ ශාක හා සත්ව කොටස් රැසක් විනාශ වී යෑමේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි දේශිය වනාන්තර සුරැකීමේ සංගමය කියයි. 27 February 2019
ඕපාල්ගල රක්ෂිතයටත් බහිරවයාගේ ඇස මොරගහකන්ද ජලාශය පෝෂණය කරන ජල උල්පත් පිහිටි නාවුල ඕපාල්ගල මහ රක්ෂිතය කිසියම් පිරිසක් විසින් අල්ලාගෙන වැටවල් ගසා වන විනාශයක් ආරම්භ කර ඇතැයි ඕපාල්ගල ප්‍රදේශවාසීහු චෝදනා කරති. 27 February 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026