නිමන්ති රණසිංහ
මොහොමඩ් නජීබ් මොහොම්ඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් නැමැත්තා ලබන 9 දා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (5) බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළාය.
කෙසෙල්වත්ත පොලිසියට අනියුක්තව මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් අමතා තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව මෙලෙස සැකකරුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.
හෙරොයින් සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා හරින ලෙස සඳහන් කරමින් කංජිපානි ඉම්රාන් මෙම දුරකථන ඇමැතුම ලබාදී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට කරුණු වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd