(මනෝජ් හර්ෂික)
කටුනායක, මත්තල, රත්මලාන සහ මඩකලපුව යන ගුවන්තොටුපොළ එකිනෙකට සම්බන්ධ කෙරෙමින් කලාපීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා ආරම්භ කෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද(05) පැවසීය.
ඒ අනුව මෙම ගුවන් තොටුපළ හතර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස ප්‍රවර්ධනය කෙරෙන බවත් පලාලි සිට ඉන්දියාව දක්වා ආරම්භ කරන ගුවන් ගමන් සේවා සැපයීමේදී දේශීය මූල සමාගම්වලට ඉහළ පුමුඛතාවක් ලබා දෙන බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.
පලාලි ගුවන්තොටුපොළහි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අද (05) අමාත්‍යවරයා මේ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
"ඔක්තෝම්බර් මාසයේ 10වැනිදා වන විට පලාලි ගුවන් තොටුපොළේ පළමු අදියරේ සංවර්ධන කටයුතු අවසන් කර 16 වැනිදා ගුවන් මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා.
ඒ වගේ ම ගුවන්තොටුපොළ ආශ්රිත රැකියා ලබා දීමේදී උතුරු පළාත් ජනතාවට වැඩි අවස්ථාවක් ලබා දීමට කටයුතු කරනවා‘‘ යැයි ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි-නියමයි. එතකොට පලාලි නිකම්ම වෙනම රාජ්‍යක් බවට පත්වෙනව. නියම තීරණයක්!
ඔය ඔක්කොම කරන්න ඉස්සෙල්ල තිබෙන ගුවන් තොටුපලේ සිට කොළඹ කොටුවට රේල් බස් සේවයක් හෝ දුම්රියක් , මහනුවර යාපනය වැනි ස්ථාන වලට මගීන්ට කරදරයක් නැතුව පහසුවෙන් යන්න පුළුවන් ලෙස බස් රථ සේවයකුත් යොදන්න , ගුවන්තොටුපලේ ටැක්සි සංගම් මාෆියාව විසින් දේශපාලන සහයෝගය ඇතිව එහි සිට ක්‍රියාත්මක වන පොදු ප්‍රවාහන සේවාව අවුල් කර ඇත , ගුවන්තොටුපල දක්වා රේල් පාර තිබුනත් එමගින් මගීන්ට ඇතිවන සේවාව අල්පය , අඩුම තරමෙන් විනාඩි 30 න 30 ටවත් රේල්බස් සේවාවක් කොළඹ දක්වා ඇතිකිරීමත් සහ මගීන්ට කරදරයකින් තොරව තම බඩු ට්‍රොලි එම ස්ථානය දක්වා තල්ලු කරගෙන එන්න පුළුවන් වැඩපිලිවෙලකුත් හදනවා නම් හරිම වැදගත් .
මගේ මල්ලිලා ඇතුළු කට්ටිය දාගන්න පුළුවන් වෙයි නේද? ඕන නම් වරායවල් ටිකත් සම්බන්ධ කරමු. මහා මාර්ගවලිනුත් සම්බන්ධ කළා නම් කට්ටියට එකතුවෙලාම "සංවර්ධනේ වෙන්න" පුළුවන්. මන් එහෙම කිව්වේ, මොකද, ගුවන් තොටුපළවල් කොහොමත් තාක්ෂණිකව සම්බන්දයි නේ. ගුවනේ පාරවල් හදන්නත් බැහැනේ. ඉතින් අර කියපු විදිහට තමයි වැඩේ කෙරෙන්නේ කියල අපට හිතෙනවා.
ඉතින් හලෝ ඔය මගුල කල යුතු එකක්නම් නම් ඇයි මෙපමණ කලක් ඕක ඇද ඇද හිට්යේ? ඕක කල්පනා වෙන්නත් අවුරුදු 5 ගියාද?