(ඉන්දිකා රාමනායක)
පාස්කු දින එල්ල වු බෝම්බ ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති ත‍්‍රස්තවාදී සැකකරුවන් හා ඔවුන්ට ආධාර අනුබල දුන් 41 දෙනකුට අයත් බැංකු ගිණුම් 100 ක් අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම ගිණුම්වල රුපියල් මිලියන 134 ක අධික මුදලක් තිබූ බවද හෙතෙම කීය.
මෙම ත‍්‍රස්තවාදී කණ්ඩායම සතුව තිබු රුපියල් මිලියන 20 ක ට අධික මුදල් ප‍්‍රමාණයක් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බවද හෙතෙම කියා සිටියේය.
මෙම ත‍්‍රස්තවාදී සැකකරුවන් සතුව තිබු බිලියන 7 ක වත්කම් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන ඇති බවත් ඒවා අකි‍්‍රය කිරීම සඳහා අවශ්‍ය විමර්ශන කරමින් පවතින බවද හෙතෙම පැවසීය.
මෙම දේපළ අතරට ඉඩම්, ගොඩනැගිලි හා නිවාස අයත් බවත් ඒවා තහනම් කිරීමට අවශ්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් කල්මරන්නේ නැතව ඉක්මන් කරලා සියලුම දේවල් රාජසන්තක කරන්න.
ඔක්කොටම කලින් ප්‍රදාන සැක කරුගේ ව්‍යාපාර තම දුවන්නේ කොහොමද
දැන් පරක්කු වැඩියි. ඕවා යෙන් සැහෙන්න අරන් ඇති
අපේ අයට ඔයතරමින්වත් ඇස් පෑදුණා ඇති...
ඉක්මන් වැඩි නැද්ද? එක්කෙනෙක් නම් තමන්ගේ ගිණුමේ තිබ්බ කෝටි 400කට වැඩි ගානක් 35,000ට බස්සලාලු.
මන්දගාමිව හෝ මෙවැනි පියවරක් ගැනීම ගැන බලධාරීන්ට ස්තුතිය .
ගොඩාක් ස්තූතියි. මින් ඉදිරියටත් මෙවාගේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනට අපි එකතුවෙමු
ඔව් ඔව් ඒ මිනිස්සුත් එකේ ඉලක්කම් 10 කින් තමයි ඔය ගිණුම් ඇරලා ඇත්තේ. හොයා ගන්න ලේසි වෙයි. අල්ලන්න තමයි අමාරු වෙන්නේ, හරියට අර කිරුලපනද කොහද තියෙන ගිණුම වගේ. ඇල්ලුවත් හපන්න බැරි වෙයි.
අරයගෙ ඒවත් මේ අතර තියනවද ?
එතකොට අර බෝම්බෙන් පස්සේ මඩකලපු විශ්ව විද්‍යාලයේ බැංකු ගිණුම අත් හිටෙව්වේ එකේ තියෙන සල්ලි බිලියන 5න් රුපියල් 36000/- වෙනකන් සල්ලි ඇද්දයින් පස්සෙද? නිකන් දැන් මේ බින් කුන්ඩන්ගේ බැංකු ගිණුම් ගැන කතා කරන්න වෙලාතියෙන්නේ හෙළුවෙන් නාගත්තට පස්සේ රෙදි හොය හොය විලි වහගන්න. දැන් අපිද ගොනාට ඇඳගෙන ඉන්නේ නැත්තන් යහ පාලකයෝද ?
පාර්ලිමේන්තු කාරක සභාවට පැමිණ අහන ලද ප්‍රශ්න වලට දුන් පිළිතුරුවලට අනුව නම් යහපාලගේ ගිණුමත් මේ අත්හිටුවීමේ ලේඛනයට ඇතුලත් වෙන්න ඕනේ...