(සනත් ගමගේ)
හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය වැඩවර්ජනයට විරෝධය දක්වා රෝගීහු අද(05) එම රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නියැලුණහ.
හම්බන්තොට මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සිටි වෛද්‍යවරියක් රෝහල් අධ්යක්ෂවරයා රෝහලේම වෙනත් ස්ථානයකට මාරුකීරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබිණි.
බාහිර රෝගි අංශයට හා සායන සඳහා පැමිණෙන රෝගීන්ට දින ගණනක් ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් සූරියවැව, ඇඹිලිපිටිය, මොණරාගල, තණමල්විල, වීරවිල, තිස්සමහාරාමය, අම්බලන්තොට සහ හම්බන්තොට ආදී ගම්වලින් පැමිණි රෝගීහු විරෝධය පලකළහ.
රෝගීන්ගේ විරෝධතාවය හමුවේ වෛද්‍යවරු බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබා දීම ඇරඹූහ.
හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය රවින්ද්‍ර අබේසූරිය මහතා කියා සිටියේ බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර කිරීම උදේ වරුවේ ක්‍රියාත්මක නොවූවද පසුව ප්‍රතිකාර ලබා දිම ආරම්භ කළ බවයි. හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය වැඩ වර්ජන දිගින් දිගටම සිදුවන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයට මේ බව දන්වා ඇති හෙයින් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඒ මහතා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම දුප්පත් අහිංසක ජනතාවගේ බදු මුදල්වලින් නොමිලේ අධ්‍යාපනය ලබාගෙන එම ජනතාව ප්‍රාණ ඇපයට තබාගෙන තමාගේ වෘත්තීය අයිතිවාසිකම් බාගැනීමට කටයුතු කිරීම මහත් නිහීන ක්‍රියාවකි. මෙම ජනතාවගේ උද්ඝෝෂණය සාධාරණය. ඉදිරියේදී වදුරටත් තීව්ර කර යුතුය.
ඔය වැඩ වර්ජනයේ යෙදීසිටින වෛද්‍ය වරුන්ගේ පෞද්ගලික සායනයන් ද සදහටම වර්ජනය කරන්න. මේකේ කාටහරි ශරිරක් කෘතිය කරන්න බැරිඋනත් වැඩ වර්ජනය කරනවානේ. එක්කෝ රෝහල්වල වැඩ කරයි. නැතිනම් අකුලාගෙන ගෙදර යයි. ව්ර්තිය සමිති දේශපාලනීකරණය කිරීමේ ප්‍රතිපල.
ඔය දොස්තර මාෆියා කාරයින්ගෙන් බෙහෙත් අරගෙන සුව වෙනවට වඩා, බෙහෙත් නොගෙන මැරෙන එක හොඳ නැද්ද? ලෝකය පුරාම දෙවි වරු වැනි වෛද්‍ය වරු දැක ඇති අපට සිරි ලංකාව තුල දැකිය හැක්කේ දොස්තර යක්ෂයින් රැලකි.එවැනි යක්ෂයෙකුට (මාෆියා කල්ලියේ) රෝගියෙකුව හසු වුවහොත් රෝගියාගේ රීරි මාංශ උරා බොන එක හැර වෙනත් විකල්පයක් (ප්‍රතිකර්මයක්) ඔවුන්ට නැත.
රෝගීන් එක්කත් දේශපාලනය කරන අමන දේශපාලුවෝ සහ ඔවුන්ට කඩේ යන වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය ,
අනේ කාලේ! මේගොල්ලන්ට අධෝ වාතයක් ගියත් අසරණ ලෙඩ්ඩු තමයි විඳවන්න වෙන්නේ.
හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය වැඩ වර්ජන දිගින් දිගටම සිදුවන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයට මේ බව දන්වා ඇති හෙයින් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඒ මහතා කීය.
හරියට හරි. දොස්තරලට කියන්න ඒගොල්ල පඩි ගන්නේ ඔය ගොල්ල නිසා කියල. පරිපාලනයට බල කරන්න වැඩ නැත්නම් පඩි ගෙවන්න එපා කියල.
තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාවත් ඉදිරියට එන්න කාලය ඇවිත්...