(එස්. ඩී. කොඩිකාර සහ එන්. කේ. ඉන්ද්‍රවංශ )
අකුරැස්ස නගරයේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අද (06) අලුයම දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.
නගරයේ රාජකාරීයේ යෙදී සිටි මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අංක තහඩු නොමැති යතුරුපැදියක් නතර කිරීමට අණ කිරීමේ දී එම යතුරු පැදියේ පැමිණි පුද්ගලයන් දෙදෙනා අණ නොතකා ධාවනය කර ඩඩ්ලි සේනානායක මංසන්ධියේ දී පොලිස් නිලධාරීන් දෙදෙනාට ටී-56 ගිනි අවියකින් වෙඩිතබා පලා ගොස් ඇතැයි අකුරැස්ස පොලිසිය කියයි.
මෙසේ වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ අකුරැස්ස පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන් 45950 හේමන්ත සහ කොස්තාපල් 72339 නුවන් යන පොලිස් නිලධාරීන් දෙදෙනාය.
ඔවුන් අකුරැස්ස රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පාදවලට තුවාල සිදුවී ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවානම් බලන ඉන්න හොද ඒවා නෙවෙයි, අනිවාර්යෙන්ම මොකක් හරි අපරාදයක් කරන්න යන කට්ටියක්.
වෙඩි තියනකන් උඩ බලන් ඉන්න පොලිස් නිලධාරීන්.. වෙඩි තියපු අය වෙඩි තියලා තියෙන්නෙත් පොලිසියේ මහත්තුරුන්ගේ කකුල්වලට.. ! හිටපු පොලිසියේ අයද දන්නේ නෑ !
පොලීසිය අතේ කැටපෝලයක් වත් තිබුනේ නැත්ද මම අහන්නේ ?
මෙවැනි අවි හසුරුවන්නට හැක්කේ පුහුණුවලත් හමුදාවේ හා පොලිසියේ අයට පමණනේ... අද ගොඩක් දාමරිකකම් මෙහෙයවන්නෙත්, කරන්නෙත් ඔය අංශවලින් පැනලා ආපු අයම තමයි.