යාහූ ඊමේල් සේවයේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලොව පුරා පරිශීලකයෝ විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්වූහ.
පැය 7 කට අධික කාලයක් පැවති මෙම දෝෂය හේතුවෙන් ඊමේල් යැවීමට, ලබාගැනීමට හෝ ඊමේල් ගිණුම් පරීක්ෂා කිරීමට නොහැකි විය.
එක්සත් රාජධානියේදී මෙම අවහිරතාව BT, Sky හා TalkTalk ඊමේල් සේවා සඳහාද බලපා තිබුණි.
බ්‍රිතාන්‍ය වේලාවෙන් පෙරවරු 7 පමණ හටගත් මෙම දෝෂය යථා තත්ත්වයට පත්වුණේ පස්වරු 2 . 30 ට පමණය.
යාහූ ආයතනය ඒ පිළිබඳ කණගාටුව පළකරමින් ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබුණි.
-226-
(බීබීසී ඇසුරෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd