(නිමල කොඩිතුවක්කු)
නවීන තාක්ෂණය සිය ශ්රාවකයින්ට සමීප කරමින් ගුවන් විදුලියේ නාලිකා ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබාදීම ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) පස්වරුවේ ආරම්භ කෙරිණ.
ඒ අනුව ගූගල් ප්ලේ ස්ටෝ හෝ ඇප් ස්ටෝ වෙත ගොස් මෙම යෙදවුම ජංගම දුරකථනයට බා ගත කර ගැනීම මගින් ශ්‍රාවකයන්ට මෙම අවස්ථාව හිමිවේ.
දශක නමයක් තිස්සේ රටට විශාල සේවයක් කළ ආයතනයක් වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංසථාව අලුත් තාක්ෂණයට යොමු වීම ශ්‍රාවකයන්ට වඩාත් පහසුවක් වනු ඇතැයි මෙහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
රජයේ ආයතන නවීකරණය වීම අත්‍යවශ්‍ය බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා පෞද්ගලික ආයතන වලට ආදර්ශයක් වෙමින් තාක්ෂණය නිවැරදිව යොදා ගනිමින් එම කටයුතු සිදුවිය යුතු බවත් පෙන්වා දුන්නේය.
දෙස් විදෙස් ශ්‍රාවකයන්ට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දීමේ අරමුණින් ඉදිරියෙදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංසථාවේ තවත් පරිවර්ථන ඇති කිරීමට කටයුතු කරන බවත් ඔහු එහිදි වැඩිදුරටත් පැවැසීය.
මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංසථාවේ සභාපති මාලක තල්වත්ත, අධ්යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි, ක්‍රියාකාරි අධ්යක්ෂ හෙරල් සේනාධීර යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක බකමුනෝ පෙන්නනවා මිසක්, එක තැනකවත් පුන්චියටවත් ඒ ඇප් එකේ නම හරි එකට ලින්ක් එකක් හරි දාලා නැහැනේ අම්මප. අපේ සන්වර්ධනෙත් ඔය විදියම තමයි.
ජන මාධ්‍යයක ගුණාත්මක බව යනු ඩිගිටල් කරණය නොව බෙදාහරින තොරතුරුවල ගුණාත්මක භාවයයි. ශ්‍රී ලංකා ගුවන් විදුලිය යනු ආණ්ඩුවේ හොරණාවක් නිසා බලාපොරොත්තු විය හැක්කේ ඩිගිටල් කරණය පමණයි.
දශක 5 ක් විතර ගුවන්විදුලිය අහපු - මේකේ පරිණාමය- රූපාන්තරණය දැකපු අහපු -මේකත් එක්කම ඇලිල හිටිය ශ්‍රාවකයෙක් විදියට සතුටුවෙන කරුණු දෙකක් තියනවා 1) මොන රජය ආවත් මොනතරම් විවේචන තියන සභාපතිවරු හිටියත් ,මේ කේ ආකෘතිය වෙනස් උනේ නැහැ අනිත් නාලිකා වගේ "පුහු" උනේ නැහැ ඒකට මම හිසනමා ආචාර කරනවා 2) ගුවන් විදුලි සේවය සංස්ථාවක් වෙන දවසේ විකාශනයත් කුඩා ළමයෙක් විදියට මම අහගෙන හිටිය ඊයේ නව තාක්ෂණයත් එක්ක බැඳුන දවසෙත් මට ඒක මහ මගදී හරි අහන්න වාසනාව ලැබුනා එකත් සතුටක් චිරන් ජයතු !
ශ්‍රී ලංකා ගුවන් විදුලිය අහන අය ඉන්නවද තාම?
බොහොම හොඳ දෙයක්... අප නව තාක්ෂණයත් සමග ඉදිරියට යා යුතුයි. එහි කිසිදු ගැටළුවක් නැහැ. අප එයට සුබ පතනවා. අප රටේ ආර්ථිකය ඉතාම බරපතල ලෙස හානි වෙලා තිබුණත් මෙවන් විවෘත කිරීමේ උත්සව සඳහා කෙසේ ලබාගත්තේද? මෙම ආයතන බාර "ඇමතියා" ලෙස " රුවන් විජේවර්ධන " ගෙන් අප මෙසේ විමසීමට කැමැත්තෙමු. එම වියදම් දැරුවේ කව්රුන් විසින්ද ? ඔය එක එක බෝඩ් ලෑලිවල මහජන මුදලින් " එක එකාගේ " නම් ගම් කොටා ගැනීමට කව්රුන් විසින් බලය පැවරුවේද? එසේ බලය පවර තිබේ නම් කිනම් පනතක් යටතේද? කිනම් හෝ ආයතන සංග්‍රහ පටිපාටියක් යටතේද යන්න දැනගැනීමට කැමැත්තෙමු. අප විශ්වාස කරනවා මෙම අදහස් කියවා බලා මෙයට ඍජුවම පිළිතුරු ලබාදෙයි කියලා.
ගොඩක් හොඳයි. ඩිජිටල් කරන ලද එම ඇප් එක කොහෙද තියෙන්නේ? එය හඳුනාගන්න විදිය පහදා දෙන්න. එහි ලින්ක් එකත් දෙන්න.