( ඔගස්ටීන් ප්‍රනාන්දු )
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනිය සහ ඇගේ වැඩිමල් සොහොයුරිය ලබන 11 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාරගත කිරීමට මාරවිල අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් තේමියසිරි පෙරේරා මහතා අද (06) නියෝග කර තිබේ.
රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ මන්ත්‍රිණි සිරිගම්පල තුම්මෝදර පදිංචි වර්ණකුලසුරිය දුලක්ෂි චමෝදරි ප්‍රනාන්දු සහ ඇගේ අක්කා වන වර්ණකුලසුරිය සුපුනි දුලාංජලි ප්‍රනාන්දු යන දෙදෙනාවය.
පසුගිය 19 වන දින ලුනුවිල සිරිගම්පල සිනෝර් හංදියේ දි රථවාහන සෝදිසි මෙහෙයුමක නිරතව සිටි වෙන්නප්පුව පොලිස් නිලධාරීන් පිරිසක් රියදුරු බලපත්‍රය හෝ වෙනත් අවශ්‍යය බලපත්‍ර කිසිවක් නොමැතිව යතුරු පැදියක් ධාවනය කරමින් පැමිණි මන්ත්‍රිවරියගේ නැගණිය අත් අඩංගුවට ගත් අවස්ථාවේ දි මන්ත්‍රිවරියගේ නැගණියට රාජකාරි කිරීමට ඉඩ නොදෙමින් බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය හා ඇගේ අක්කාත් පියාත් නැගණියත් වෙන්නප්පුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
මන්ත්‍රීවරියගේ පියා හා නැගණිය වන අශෝක් ප්‍රනාන්දු හා වර්ණකුලසුරිය නිමාෂා නවාංජලි ප්‍රනාන්දු රුපියල් ලක්ෂ තුන බැගින් සහතික ඇප මත මුදා හැර තිබුණි.
වෙන්නප්පුව පොලිසිය පැමිණිල්ල මෙහෙයැවීය. නීතිඥ සරත්චන්ද්‍ර මහතා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම ඉතාම හොඳ තීරණයක්... මේ වගේ අය මොන පක්ෂයක වුනත් අල්ලා සදහටම කූඩු කල යුතුමය. එමගින් මහජනතාවට පිස්සුබලු රෝගය වැළඳීමෙන් බේරාගත හැක. ප්‍රාදේශීය සභා මෙසේ හැසිරෙන්නේ නම් මන්ත්‍රී හෝ ඇමති අය කෙසේ හැසිරෙයිද?
පට්ටම් ගැලවෙන්නයි යන්නේ..
දැන් එළියට එයි වීර ක්‍රියාවක් කළා වගේ..
අපේ තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීලා ඉස්සර රජතුමාගේ කලේ ඉඳන් පොලිසිය සමග ඔය විදිහට පාරේ රණ්ඩු වෙන්නේ නැත. එයට හේතුව පොලිසිය විසින් ඔවුන් කියන දේවල් යස් සර් කියලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඉටුකිරීමේ සම්ප්රදාය එදා සිට අද දක්වාම පිළිපදියි.
දේශපාලන උණ තියෙන හැමෝටම මෙය හොඳ පාඩමක්... නීතිය කාටත් එකයි කියන එක තහවුරු කිරීමක්.