( රංජන් කස්තුරි )
කොළඹ අක්ෂි රෝහල ඇතුළු රටපුරා රෝහල් 10 ක සිදුකරන ‘ඇසේ සුද‘ ඉවත් කිරීමේ ශල්‍ය කර්ම රාත්‍රී කාලයේදීද සිදු කිරීමට බෝ නොවන රෝග පිළිබඳව ජාතික සභාව තීරණය කර තිබේ.
ඒ අනුව කොළඹ අක්ෂි රෝහල, මහනුවර ශික්ෂණ රෝහල,අනුරාධපුරය,රත්නපුරය,කන්තලේ , ත්‍රිකුණාමලය, කල්මුණේ උතුර, මඩකළපුව, වව්නියාව, නාවලපිටිය යන රෝහල්වල මේ මස 15 වැනිදා සිට සවස 4 න් පසුවද ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කිරීමට නියමිතය.
සාමාන්‍යයෙන් එක් වෛද්‍යවරයෙක් එක් දිනකට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් සිදු කරන නමුත් පොරොත්තු ලේඛනයේ කළමණාකරණය කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා මදි නම් ඉන්දියාවෙන් හරි ගෙන්වන්න.
බොහොම හොඳයි...
වැඩේ හොඳයි. හැබැයි කොස්සකට තියෙන්නේ රෝහල් ඇඳන් ප්‍රමාණය ඇත්ද යන්නයි. කොළඹ අක්ෂි රෝහලේ නම් ඇඳන් ප්‍රමාණය මදි. අනික් රෝහල් ගැන නම් දන්නේ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවා නම් පල කරන්න. කාර්ය මණ්ඩලය? ශල්‍ය වෛද්‍යවරයාට පමණක් සැත්කම කළ නොහැක. අලියා ගත්තට මදි හෙණ්ඩුවටත් වියදම් කරන්න ඕනේ. ශල්‍යාගාරය ජීවහරන කරන්නත් ඕනේ. මොකද ශල්‍යාගාර ආසාදන බොහොම දරුණුයි. විශේෂ ප්‍රතිකාර අත්‍යාවශ්‍යයි.
මහදවල් රෝගීන්ගේ අතපය ඉවත් කරනවා. වැරදීමකින් කියලා රාත්‍රියේ ඇසේ සුද ඉවත් කරන එක, මෙය කරන්නේ එකම වෛද්‍යවරයෙක්ද? ඔහුට වෙහෙසක් ඇති, උදේ ඉඳන් සේවය කර.. නැවත රාත්‍රියට වැඩ කරන්න.. සියුම් දේවල් ඉතා පරිස්සමින්, රෝගියාට අසාධාරණයක් නොවන විදියට, දොස්තරලාගේ අතින් වැරදි සිදුවුණාම පිළිගන්න කැමති නැහැ පොඩිදේටත්, වැඩ නතරකරන කට්ටියක්, දුප්පත් ජනතාවට අසාධාරණයක් නොවෙන විදියට, වැඩ කරන්න..
එතකොට චැනල් සේවා වලයි, පුද්ගලික රෝහල් වලයි ශල්‍ය කර්ම අතහැර දමයිද? රජයේ රෝහලෙන් ශල්‍ය කර්මය කළත් චැනල් කරලා අවේ නැත්නම් සැලකිල්ලක් නැහැ. සමහර දොස්තරලා උනන්දු කරන්නේ පුද්ගලික රෝහලේ වැඩේ කරන්න...