(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ අද දිනට නියමිත ආණ්ඩු පක්ෂයේ කටයුතු ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් අද දිනයේ දී පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 45 කට සීමා විය.
ආණ්ඩු පක්ෂය විසින් අද දිනට නියමිත යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත් විපක්ෂය ඊට අදාළ ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේ ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාවක් ආණ්ඩු පක්ෂයේ නොමැතිවීම හේතුවෙන් අදාළ යෝජනා ඉල්ලා අස්කර ගැනීමට ආණ්ඩු පක්ෂයට සිදුවිය.
පසුව කතානායකවරයා විසින් සභාව කල් තබනු ලැබීය. මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සිව් දෙනෙක් පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලට ඔව්වාට වඩා තියෙනවා වැඩ..
එය කන්දක් විලිලා බිහිකල යහාලනය නම් විය .... ජනතාවගේ බදු මුදලින් සුරසැප විඳ, දියවන්නාවෙන් නොමිලයේ ලැබෙන කෑම වේලටවත් වටිනා දෙයක් සිදු නොවීය. පසුගියදා දියවන්නාවේ පොදු දේපල හානි කරපු පුද්ගලයින්ට වුනේ මොකක්ද? කතානායකතුමනි චුට්ටක්වත් ඔබට ලජ්ජා හිතෙන්නේ නැද්ද?
කරුණාකර අපගේ මෙම පැනයට කිසිවෙකු පිළිතුරු දෙන්නේ නම් සඳහන් කරන ලෙස ඉල්ලා සිටින්නෙමු. දැන් මේ "225 ටම" අද දින වියදම කීයක් විතර වෙන්නට ඇද්ද? විනාඩි 45 වැනි කෙටි කාලයකට එම මුදල් වියදම් කළත් රටට කුමක් ලැබුනේද? මෙම 225ට අඩුතරමින් සුළුවෙන් හෝ දුකක්, කණගාටුවක්, ලැජ්ජාවක් නොදැනේද? අනේ අපි මේ නිකරුනේ විනාශ කරන්නේ රටේ දුප්පත් මිනිසුන්ගේ බදු මුදල් නේද? මෙම අදහස් දියවන්නා ඔයේ 225 න් එකෙක් හෝ දැක කියවා බලා පිළිතුරක් ලබාදේ යන්න අපගේ ප්‍රාර්ථනයයි..!!!
ඔය ස්ථානය හදලා තියෙන්නේ ඇවිත් නම ලකුණු කරලා කාට හරි බැණ වැදිලා හොඳට නිකම් කාලා ගෙදර යන්නත්, එහෙම කරනවා දීමනා ලබා ගන්නත්, අපිව නැති භංගස්ථාන කරන්න මොනවා හරි සම්මත කරන්නත්, දෙපැත්තේ කට්ටිය සමාදානෙන් අපේ රටේ සම්පත් බෙදාගන්නත් නොව... ඉතින් ඒකට ඔතෙන්ට එන්නම ඕනෑය...
මහජන මුදල් කාබාසිනියා කරන අපතයින්නේ ඕකේ ඉන්නේ...
මම නම් පුංචි අම්මත් එක්ක අයර්ලන්තයට යන්න වීසා ඉල්ලන්න ගියා... කතානායකට කියලා..
අර ඊයේ ප්රවෘත්ති වල දැක්ක වගේ මතකයි. කෑම හරි නැහැ කියලා. කට්ටියම තෝසෙ කඩ හොයාගෙන ගිහිල්ලා වගේ. අපිට නම් රුපියල් 250.00 කන්න පුළුවන් තොසෙ කඩෙන් විතරයි.