ඕස්ට්‍රේලියාවේ මහත් ආන්දෝලනයට තුඩුදුන් ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවළ සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන 18 වන දින දක්වා කල් තැබීමට එරට අධිකරණය තීරණය කර ඇතැයි එරට පළවන ද ඕස්ට්‍රේලියන් පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
ඒ අනුව ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දුපතේ සරණාගත කඳවුරේ තවදුරටත් රැදී සිටිමට සිදුවන බවද එහි සදහන් වේ.
සරණාගත භාවය අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින මෙම ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවල සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා එරටින් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියානු රජය පසුගිය දා තීරණය කර තිබුණි.
කෙසේවෙතත් පිටුවහල් කිරිමේ තිරණය එරට අධිකරණයක් විසින් අත්හිටුවීමත් සමඟ ශ්‍රි ලංකාවට පැමිණෙමින් සිටි ඔවුන් රැගත් යානය යළි ඔස්ට්‍රේලියාව බලා හරවා යැවුණි.
සරණාගත භාවය අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ වසර ගණනාවක් රැඳී සිට ඇති මෙම ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවල සහ දරුවන් දෙදෙනා පිටුවහල් කිරිමට ඔස්ට්‍රේලියානු රජය ගත් තීරණයට එරෙහිව පසුගිය දිනවල ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුළු නගර කිහිපයක විරෝධතා ව්‍යාපාර ද සංවිධානය කර තිබිණි.
(125)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට වීසා ලැබී සුවපත් වෙත්වා! බුදුසරණයි.
දෙමළ ඩයස්පෝරාව මේ පවුලට ඕස්ට්‍රේලියාවේ ඉන්න ඉඩදෙන්න කියන කරුණු අතර ශවේන්ද්‍ර සිල්වා හමුදාපති වීම සහ ගෝඨාභය මීළඟ ජනාධිපති වීමට ඉඩතිබීම යන කරුණුත් ඉදිරිපත් කර තිබෙනවා.
මේ ගොල්ලෝ කියන්නේ බොරු කියලා මෙහෙ නඩු තීන්දු 7 කින්ම ඔප්පු වුණා. තවත් බොරු කිය කියා ඉන්න හදනවා. මෙහෙ ඉන්න කොටි තමයි මේ ගොල්ලන්ව තියා ගන්න කියලා උද්ඝෝෂණය කරන්නේ. කොහොමත් මේ ගොල්ලන්ව ලංකාවට එවනවා.