(දිලීප් ජයසේකර)
හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා ඉදිරියේ අධිචෝදනා බාර දිම සිදු කෙරුණි.
දකුණු පළාත් සභා මැතිවරණය පැවති සමයේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකුට අම්බලන්තොට පොලිස් ස්ථානය තුළදි පහරදි ඔහු පැහැරගෙන යාමට තැත් කිරිම හා රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව මෙලෙස කරුණු ගොනු කර තිබේ.
මෙලෙස අධි චෝදනා බාර දිම සිදු කෙරුණේ හම්බන්තොට නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු හා විශ්‍රාමික යුධ හමුදා මේජර් වරයෙකු වන බුවනෙක මාවත,මිරිහාන,කෝට්ටේ පදිංචි එච්.රංජිත් කුමාර නැමති සැකකරුවන් දෙදෙනාටය.
හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ඔවුහු දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙති.
නීති විරෝධී රැස්විම සාමාජිකයින් වීම,පුද්ගලයෙකුට අතින් පයින් පහර දි තුවාල සිදු කිරිම,රජයේ සේවයේ යෙදී සිටි නිළධාරියෙකුගේ රාජකාරියට බාධා කිරිම ඇතුළු චෝදනා පහක් යටතේ සැකකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණි.
දකුණු පළාත් සභා මැතිවරණය පැවති සමයේ 2014-03- 27 හම්බන්තොට ප්‍රාදේශීය සභා මංත්‍රි කසුන් නිලංජන මහතාට පිහියකින් ඇණ තුවාල කිරිමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ෂණය කර අම්බලන්තොට පොලීසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයේ රදවා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිදු තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කට්ටිය තමයි ඊ ළඟට රජවෙන්න බලාගෙන ඉන්න කෙනාගේ නිලමක්කාරයෝ වෙන්න ඉන්නේ... හොඳට හිටියි.
අම්මපි අද යුද හමුදාවට ගිය කළ හිරගෙවල් පුරවන්නේ හමුදා නිලධාරීන්ගෙන් අනේ මන්ද රටට ගිය කල...
පාට, පක්ෂ බේදයකින් තොරව රටේ නීතියට පටහැනිව ක්‍රියාකරන දේශපාලුවන්ට තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අනාගත පරපුරට රටක් ඉතිරිවේවි...