ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දැන් පැවැත්වෙන විස්සයි-20 තරගයේදී පිට පිටම යැවූ පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් ලසිත් මාලිංග එවන් දස්මක් කළ ලොව පළමුවැනි ක්‍රීඩකයා ලෙසින් ක්‍රිකට් ඉතිහාසයට එක්විය.
ඒ සමගම කඩුලු ත්‍රිත්වයක් ද ලබාගත් මාලිංග විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු ත්‍රිත්ව දෙකකට හිමිකම් කී ලොව පළමු වැනි ක්‍රීඩකයා ලෙසින්ද ඉතිහාසගත විය.
අද තරගයේදී කොලින් මුන්රෝ දවාගැනීමත් සමගම විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු 100 ක් ලබාගත් ලෝකයේ පළමුවැනි පන්දු යවන්නා ලෙසින් ලසිත් මාලිංග ක්‍රිකට් ඉතිහාසයට එක්විය.
වැඩි විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ නුඹට අපගේ උණුසුම් සුබ පැතුම් !!
සිංහ ධජය ලෝකයට ලෙලවූ අපේ මාලිට උණුසුම් සුබපැතුම්..!. සීමිත ඕවර ලෝක තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය ඔබට නොදුන් දේශපාලන කැනහිලුන්ට පාඩමක්..
අපේ වීරයාට සුබපැතුම්...!!!
ගිරවා කොහේද?, රිළවා කොහේද? කියලා පෙන්නපු අපේ කොල්ලට සුබපැතුම්...
උණුසුම් සුබපැතුම්...!!! පළපුරුද්ද අඩුකම නිසා කණ්ඩායමේ එකමුතුභාවය සහ සාමුහික වගකීම ගැන වැඩි සැලකීමක් නොදක්වමින් ක්‍රීඩාකරන තරුණයින්ට හොඳ ආදර්ශයක්... ජයවේවා...!!!
ජාත්‍යන්තර T20 තරගයකදී අයර්ලන්තයට එරෙහිව ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන් දැනට මාස කීපයකට කලින් පිටපිට පන්දු 4 කදී කඩුලු 4ක් දවාගත්තා. නමුත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකදී මෙම දස්කම දෙවතාවක් කල එකම පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් නම් කළ හැකියි. මාලිංගට මාගේ උණුසුම් සුබපැතුම්...!!!
මේ කොල්ලා පන්දු යැවීම අතින් දියුණු වේගෙන එනකොට මාලිංග වැල්ලේ බෝල ඇරලයි පුරුදු වුනේ කියලා සමච්චල් කරලා පහත් කළා. නමුත් පුතේ අද පුතා ක්‍රියාවෙන්ම එයාලට උත්තර දුන්නා. දැයේ පුතුට තෙරුවන් සරණයි.. සුබ පැතුම්..!!!
කවුරු මොනවා කීවත්, ලසිත් මාලිංග කුමන වර්ගයේ ලෝක වාර්තා පිහිටෙව්වත්, රිලාසිරි තුමා, එල්ලේ හා ටකරේ ක්‍රීඩාවේ ප්‍රවීනයෙක් වෙන්න බැරිද? එකිනෙකාගේ දක්ෂතා විවිධයි? හා නැද්ද?
මාලිංග කොහොමත් දක්ෂයෙක්... ඔහු මේ රටට සම්පතක්. මාලිංගගේ දක්ෂතා හඳුනා ගත් IPL තරගාවලියට මෙන්ම විශේෂයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කළමනාකාරිත්වයට අපගේ ස්තුතිය හා ප්‍රණාමය! ඔවුන් එසේ තෝරා නොගෙන අවස්ථාවක් නොදෙන්නට, ලංකාවේ කාලකන්නි බලධාරීන් මේ වන විටත් මාලිංගව විනාශ කර අවසානයි. මාලිංග ඔබට ජය!!
මාලි උබ කව්ද කියල අද පෙන්නුවා.කෝ බං අර ගිරවගෙ බෙනේට රිංගපු රිලවා?තාම ඒකෙද?
සුභ පැතුම්
අති විශිස්ටයි මාලිංග ඔබ නිර්භයව ලොකපූජිත ක්‍රිකට් කන්ඩායම් දෙකක එක වර පන්දු 4 ක දී කඩුලු 4 බැගින් දවා ගනිමින් ඉතාම අසීරු ලෝකවාර්තාවක් තම නමත් තම මාතෘභූමියේ නම්ත් ඉදිරියේ සටහන් කලා.මෙවන් ලෝකවාර්තාවක් අප රටේ සටහන් කර ඇත්තේ දෙශපාලඥ්යකු හැටියට ගරු සිරිමාවෝ බන්ඩාරනායක මැතිණිය ලොව ප්‍රතම අග්‍රාමාත්‍ය වීමෙන් පමණි හොරාකෑමෙන් අප රටේ දේශපාලකයා ලොව අබිබවා ඇත.
අපගේ සුබපැතුම්...
ඕක මොකක්ද? අර තාජුදීන් මැරෙනකොට පැයට කිලෝමීටර් 180ක වේගයෙන් ජනාකීර්ණ පාක් රෝඩ් එකේ වාහනය එළවලා කියන්නේ... මේවනේ ලෝක වාර්තා... ඇමරිකාවේ තනි අතට ලේන් 8ක් පමණ තිබෙන ෆ්‍රී වේ.. කියන අධිවේගී නිදහස් මාර්ග වලවත් පැයට සැතපුම් 80කට වඩා වේගයක් රඳවාගන්න අවස්ථාවක් නැහැ...
තරුණ ජවයට චැලෙන්ජ් එකක්. කොල්ලනේ බලපල්ලා සහ මාලිගෙන් ඉගෙන ගනිල්ලා. මාලි ඔබ විශිෂ්ඨයි. ඔබට ජය සහ සුබපැතුම්...!!!
සුබපැතුම් !!!