2019 ඡන්ද නාමලේඛනයේ තමන්ගේ නම ලියාපදිංචි වී ඇද්දැයි සොයා බලන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නම ඡන්ද නාමලේඛනයේ ඇද්දැයි ග්‍රාම සේවා නිලධාරීන්ගෙන් හෝ මැතිවරණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිස දැනගත හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.
ඡන්ද නාමලේඛනයේ නම නොමැති අයෙක් වේ නම් සැප්තැම්බර් 19 වැනි දා ට පෙර ඒ පිළිබඳව මැතිවරණ දෙපාර්තමේන්තුවට දන්වන ලෙස ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේඛනවල නම් හොයලා වැඩක් වෙන්නේ නැහැ. ඡන්දය දැම්ම තියන්නේ නැහැ. ජනාධිපති තමන්ගේ ධුර කාලය අවසන් වන දිනය කවදාද කියල ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසලාලු.19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ලැබෙන ධුර කාලය වසර 5ක් නිසා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය තර්කය කරන්නේ "එම කාලය ආරම්භ කෙරෙන්නේ 19 වැනි සංශෝධනය සඳහා කතානායකවරයා අත්සන් තැබූ 2015 මැයි 15 වෙනි දිනයේ පටන්" කියලයි. මෙම තර්කය ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කළොත් මැතිවරණය තියන්න වෙන්නේ 2020 අප්‍රේල් 15 වෙනිදාට කලිනුයි. එහෙම වුනොත් ජනාධිපතිට බැඳුම්කර නඩු, අධිවේග නඩු ආදිය නිසිපරිදි පසිඳා අවශ්‍ය ඇත්තන්ට දඬුවම් දීමට ඕනෑතරම් කල් ලැබෙනවා. අර සම්මේලනයේදී "අර්ජුන මහේන්ද්‍රන්ට වඩා ලොකු ලොකු පුද්ගලයින්ද අධිකරණය හමුවට පැමිණවීමට අවශ්‍ය ලිපි ලේඛන අත්සන් කර අවසන්" කියලා දකුණු හස්තය මොලවාගෙන කිව්වා මතකයිනේ... ඡන්දයට තමන් ඉදිරිපත්වෙනවා කියල රනිල් අද (6) කියලා තියෙනවා. ඒත් ඊට කලින් රනිල්ට වැඩේ දෙන්නද ජනාධිපති මේ හදන්නේ? ඒ වුණාට ඉතින් "කුඩුකාරයන් එල්ලනන ලියුම් අත්සන් කළා" කියලා කීවෙත් ඔය කටින්මනේ... ඉතින් ඕවා වෙයිද කියලා කියන්න පුළුවන් කාටද?
නම තිබුණත් ඡන්දය දෙන්න සුදුස්සෙක් නැහැනේ...