‘රාජිතට වගේම ගම්මන්පිල, වීරවංශ, අගමැතිටත් නඩු පවරන්න පුලුවන්’
ජනාධිපතිවරණ වේදිකාවේදී අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම පිළිබඳව රාජිත සේනාරත්න මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නම්, ‘එම්.සී.සී ගිවිසුමෙන් රට බෙදනවා, රට ඇමෙරිකාවේ කොළනියක් කරනවා’ යනුවෙන් බොරු ප්‍රචාර ගෙනගිය උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ටත් නඩු පැවරීමේ හැකියාව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.