විදුලි රැහැනක පැටලී අඹු සැමි යුවළ -ලේලිය මරුට මාතලේ උකුවෙළ ,ගුරුලවෙල ප්‍රදේශයේ කුඹුරක වල් ඌරන්ට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් තිදෙනකු මියගොස් ඇතැයි මාතලේ පොලීසිය කියයි. 30 December 2019
වවුනියාවේ බස් අනතුරකින් 10 ක් තුවාල තංගල්ලේ සිට යාපනය දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද (30) අලුයම වව්නියාව ඉරට්ටපෙරියකුලම කුරුඳුපිටිය ප්‍රදේශයේ දී පෙරැළී යාමෙන් 10 දෙනෙකු තුවාල ලැබූ බවට ඉරට්ටපෙරියකුලම් පොලීසිය පවසයි. 30 December 2019
‘පොල්හේනේ කුඩු හංසි’ අත්අඩංගුවට ප්‍රකට හෙරොයින් ජාවාරම් කරන තැනැත්තියක වන ’පොල්හේනේ කුඩු හංසි’ සහ ඇගේ අනියම් සැමියා හෙරොයින් තොගයක් සමග හබරාදුව පොල්හේනේදී අද(30) අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 30 December 2019
සම්බන්ධන්ට ගිය රජයෙන් නිවසක් ලබාදීලා හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක්කල් පාවිච්චි කිරීම සඳහා විපක්ෂ නායක නිල නිවස පසුගිය ආණ්ඩුව විසින් විශේෂ කැබිනට් තීන්දුවක් මගින් ලබාදී ඇත. 29 December 2019
රාජිත බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම අත්හිටුවයි නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහලට රැගෙනයාම සඳහා අද (29) එහි ගිය බන්ධනාගාර නිලධාරීන්ට පැය පහකට අධික කාලයක් රස්තියාදු වී හිස් අතින් ආපසු පැමිණීමට සිදුවී තිබේ. 29 December 2019
මඩකලපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් කරනවා මඩකලපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කර සිටී. 29 December 2019
‘සංචාරක හෝටල් ලියාපදිංචිය අනිවාර්යයි’ සංචාරක හෝටල්වල ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණෙන් දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී. 29 December 2019
‘රාජිතට සැඟවෙන්න උදව් කළ අයට නීතිමය පියවර’ අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබියදී හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට සැඟව සිටීමට උදව් උපකාර කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්රියාක්මක කළ යුතු බව 29 December 2019
‘විදේශයෙන් ගෙන්වන පැඟිරි තෙල් ආදේශකය නවත්වනවා’ ලංකාවේ නිපදවන ඉස්තරම් පැඟිරි වෙනුවට විදේශයෙන් ගෙන්වන වෙනත් ආදේශකය සොයා එය ගෙන්වීම නවත්වා ලංකාවේ නිපදවන පැඟිරි තෙල් සඳහා උපරිම ඉහළ මිලක් ලබාදීමට කටයුතු කරන බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය. 29 December 2019
උ.පෙළ ප්‍රතිඵල ලේඛන හෙට සිට නිකුත් කෙරේ 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛන හෙට (30) සිට නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 29 December 2019
‘බස්රථවල අමතර කොටස් මිලදීගැනීමේදී වංචාකරන ආයතන අසාදුලේඛන ගතකරනවා’ ලංගම බස් රථ සඳහා ටයර් සහ අමතර කොටස් මිලදීගැනීමේදී වංචා කරන ආයතන අසාදුලේඛනගත කිරීමට කටයුතු කරන බව මගී ප්‍රවාහන, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(29) පැවසුවේය. 29 December 2019
දෙමළ ජනතාව ශ්‍රී ලාංකික ජාතිකත්වයෙන් ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයක් දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීම නැවතීමේ රජයේ තීරණය දෙමළ ජනතාව ශ්‍රි ලාංකික ජාතිකත්වයෙන් ප්‍රතික්ෂේපිත ජාතියක් කිරීමේ තවත් එක් අංගයක් බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි. 29 December 2019
නව පාසල් වාරය ජනවාරි 2 ඇරැඹෙයි රජයේ සියලු පාසල්වල නව පාසල් වාරය ජනවාරි 2වැනි දින ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි. 29 December 2019
එම්.සී.සීයට විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡාවට ජ.වි.පෙ සූදානම් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුමට විරුද්ධ ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ සමග වුවද සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් යැයි එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ‘ලංකාදීප’ යට අද(29) පැවැසීය. 29 December 2019
රාජිත බන්ධනාගාර රෝහලට අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ නාරහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහල වෙත අද (29) මාරුකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 29 December 2019
ළමාරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පත්කර ඇත. 29 December 2019
විදින තුවක්කුවකින් මසුන් මැරූ විදේශිකයකු අත්අඩංගුවට විදින තුවක්කුවකින් මහ මුහුදේ මසුන් මරමින් සිටි විදේශිකයෙකු ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම විදේශිකයා වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරිර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා අද (28) දඬුවම් නියම කිරීම ජනවාරි 01 වැනි දිනට කල් තබන ලදී. 28 December 2019
පලාගිය සැකකරු විශේෂ මෙහෙයුමකින් අල්ලයි කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පසුගිය 22 වනදා පලාගොස් සැඟව සිටි වරෙන්තුවරුවකු කටුගස්ගස්තොට පොලීසිය මගින්ම කරනු ලැබූ විශේෂ මෙහෙයුමකදී අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 28 December 2019
වෙළඳසැලක ගින්නක් කුරුණෑගල මහ වීදියේ රසායනික සහ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැලක් අද (28) දහවල් ගිනි ගෙන ඇත. 28 December 2019
වල් ඌරු රංචුවක් මෝටර් රථය පෙරළති බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් ඉදිරිපිටට අද (28) උදෑසන හිටි හැටියේම කඩා වැදුණු වල් ඌරු රංචුවක් නිසා රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගිය මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී වේල්ලක හැපි යළි මාර්ගය හරහා පෙරළී අනතුරට ලක්විය. 28 December 2019
ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් පළමු වැන්නී නිසංසලා අ.පො.ස උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය මැදගම ජාතික පාසලේ ඩි.එම් නිසංසලා සංජිවනී සිසුවියට හිමිව තිබෙන බව ඌව පළාත් අධ්‍යපන අධ්‍යක්ෂක ආර්.එම්.පී රත්නායක මහතා පැවසීය. 28 December 2019
වාණිජ පැරණි නිර්දේශයේ පළමු වැන්නා නිරෝෂන් මෙවර උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් (පැරණි නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ නිරෝෂන් සඳරුවන් විසින් හිමිකරගනු ලැබ ඇත. 28 December 2019
වාණිජ නව නිර්දේශයේ පළමු වැන්නී නිම්සරා මෙවර උසස් පෙළ වාණිජ ධාරාවෙන් (නව නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය කොළඹ බිෂොප්ස් විද්‍යාලයේ නිම්සරා හෙට්ටිගේ විසින් හිමිකරගනු ලැබ ඇත. 28 December 2019
කලා නව නිර්දේශයේ පළමු වැන්නී තේෂානි මෙවර උසස් පෙළ කලා විෂය ධාරාවෙන් (නව නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තේෂානි වැලිගමගේ විසින් හිමිකරගනු ලැබ ඇත. 28 December 2019
ගණිතය නව නිර්දේශයේ පළමු වැන්නා තරුෂ මෙවර උසස් පෙළ ගණිතය විෂය ධාරාවෙන් (නව නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ ෂිහාන් ෆොන්සේකා විසින් හිමිකරගනු ලැබ ඇත. 28 December 2019
ජීව විද්‍යා නව නිර්දේශයේ පළමු වැන්නී සචිනි මෙවර උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් (නව නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ සචිනි විජේවර්ධන සිසුවිය විසින් හිමිකරගනු ලැබ ඇත. 28 December 2019
ගණිත පැරණි නිර්දේශයේ පළමු වැන්නා දර්ශන මෙවර උසස් පෙළ ගණිත විෂය ධාරාවෙන් (පැරණි නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය පින්නවල මහා විද්‍යාලයේ දර්ශන සම්පත් සිසුවා විසින් හිමිකරගෙන ඇත. 28 December 2019
උසස්පෙළ කලා - තාක්ෂණ විෂය ධාරා ප්‍රථම ස්ථාන ගම්පහ බණ්ඩාරනායක විදුහලට මෙවර උසස් පෙළ කලා විෂය ධාරාවෙන් (පැරණි නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ එච්.ඒ.නිපුන විරාජ් සිසුවාට හිමිවිය. 28 December 2019
‘‘ලංකාව ලබන වසරේදී ඩොලර් බිලියන 4.8 ක විදෙස් ණයක් ගෙවිය යුතුයි‘‘ ශ්‍රී ලංකාව ලබන වසරේදී විදෙස් ණය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ක් ගෙවිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (27) පැවැසීය. 27 December 2019
උ.පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට ජනවාරි 17 දක්වා අවස්ථාව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා ලබන ජනවාරී 17 වැනි දිනට පෙර යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පැවසීය. 27 December 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026