දියගම ක්රිකට් ක්රීඩාංගණය ඉදිකිරීම නතර කරයි
හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩා සංකීර්ණය ආශ්රීතව ඉදිකිරීමට යෝජිත අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වහාම අත්හිටුවීමට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ. ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන්, හිටපු සහ වත්මන් ක්රිකට් නායකයන්, ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් ඇතුළු පිරිසක් සමග අද පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගනු ලැබ තිබේ.