මහජන දින-පොලිස් සහන දින සතියක් නවත්වයි කොරෝනා වයිරසය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් පොලිස් මූලස්ථානයේ පවත්වනු ලබන මහජන දිනය හා පොලිස් නිලධාරීන් වෙනුවෙන් පවත්වන සහන දින සති දෙකක කාලයක් නොපැවැත්වීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත. 18 March 2020
රාජිතට එරෙහි පරීක්ෂණයක් පාසල් සිසුන් 10 දෙනෙක්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවටත් ප්රවෘත්ති සාකච්ඡා පවත්වමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය. 18 March 2020
‘දිල්ෂාන්-කමලනාත්-මුතුහෙට්ටිගමට නාමයෝජනා නෑ’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරග වැදීමට සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක තිලකරත්න දිල්ෂාන්, සිනමා නළු අර්ජුන් කමලනාත් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන්ට නාම යෝජනා ලැබී නොමැත. 18 March 2020
වැලිකන්ද රෝහලෙත් ආසාදිතයන්ට නවතින්න පහසුකම් කොරෝනා ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරිමට වැලිකන්ද මුලික රෝහල අති නවීන පහසුකම් සහිතව රෝගීන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීම සදහා අද (18) ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ කණ්ඩායමක් එහි කටයුතු කඩිනමින් සිදු කරමින් පවතී. 18 March 2020
‘මේ වෙලාවේ වන්දනාවේ නොගියට බුදුහාමුදුරුවෝ අමනාප වෙන්නේ නැහැ‘ කොරෝනා වයිරස් තත්ත්වයක් රටපුරා පැතිරයන අවදානම් අවස්ථාවේදී නිරෝධායනයට නිවාඩු දුන්නා මිස වන්දනාවේ යන්න නිවාඩු නොදුන් බවත් , වන්දනාවේ නොගියා කියා බුදුහාමුදුරුවන් අමනාප නොවන්නේ යැයි අචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (18) ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ. 18 March 2020
නිරෝධායනයට යොමු නොවී සැඟවී සිටි ප්‍රංශ ජාතිකයකු දැලේ ප්‍රංශයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් නොවී කොළඹ ලැගුම්හලක නැවතී සිටි ප්‍රංශ ජාතිකයකු අද (18) පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි. 18 March 2020
බෙල්ජියමට ඇතුළුවීම-පිටවීම තහනම් කරයි බෙල්ජියමේ පුරවැසියන්ට නිවාසවලට වී රැඳී සිටින්නැයිද, පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධතා සීමා කරන්නැයිද පවසමින් බෙල්ජියමට ඇතුළුවීම සහ පිටවීම වළක්වා, හුදකලා රටක් බවට පත්කිරීමට තීරණය කරමින් බෙල්ජියමේ අගමැතිවි සොෆී විලියම්ස් මහත්මිය නිවේදනය කළාය. මෙම තීරණය අද (18 වැනිදා) දහවල් සිට ක්‍රියාත්මක වීමට නියමිතය. 18 March 2020
වයිරසයෙන් ඉන්දුනීසියාවේ 19ක් මිය ගිහින් - ආසාදිතයන් 227යි ඉන්දුනීසියාවේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇති අතර, මේවනවිට ආසාදිත පුද්ගලයෝ 227දෙනෙක් සිටිති. 18 March 2020
කොරෝනා පරීක්ෂණයට පෞද්ගලික රෝහල් සඳහා කොන්දේසි සහිත අවසර කොරෝනා වයිරසය වැළදී ඇත්දැයි සිදු කෙරන පී.සී.ආර් පරීක්ෂණය සඳහා පෞද්ගලික රෝහල්වලට ඉඩ ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (18) පැවසීය. 18 March 2020
’ශ්‍රී ලංකාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැ’ ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාව ද ඇතුළු අග්නිදිග ආසියානු රටවල් දැනට වඩා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු යැයි ද සමාජයක් ලෙස එක්ට එක්ව කටයුතු කළ යුතු යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. 18 March 2020
පර්පෙචුවෙල් අධ්‍යක්ෂක මුත්තුරාජා සුරේන්ද්‍රන්ට ඇප ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 52ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වූ මුත්තුරාජා සුරේන්ද්‍රන් මහතා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (18) නියෝග කළේය. 18 March 2020
ලොකු ලූනු කිලෝ ලක්ෂ 4ක් එයි වෙළඳපොළේ මෙතෙක් පැවති ලොකු ලූනු හිඟය මගහරවමින් ඉන්දියාවෙන් ලොකු ලූනු කිලෝ ලක්ෂ 4ක් ඊයේ(17) රාත්‍රියේ ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි පිටකොටුව තොග වෙළඳුන්ගේ සහ ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඉලමනාදන් මහතා පැවසීය. 18 March 2020
කොරෝනා ආසාදිත ලාංකිකයින්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළට කොරෝනා වයිරසය අසාදිත වූ තවත් ශ්‍රී ලාංකික පුද්ගලයින් 9දෙනකු අද(18) හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 18 March 2020
නිරෝධායන මධ්‍යස්ථානවලින් කොරෝනා ආසාදිතයන් 19 ක් මේ වන විට පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 19 ක් බව කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 18 March 2020
සරත් ෆොන්සේකාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මෙරටදී පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇති බවට ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එරෙහිව පොලිස් මුලස්ථානය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නීති කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 18 March 2020
අමිතාබ් බච්චන් ස්වයං නිරෝධායනයේ නිවාසවලදී ස්වයං-නිරෝධායනය වන පුද්ගලයන් හඳුනාගෙන තහවුරු කරගැනීම සඳහා ඉන්දියාවේ, මහාරාෂ්ට ප්‍රාන්තයේ බලධාරීන් තීරණය කර තිබේ. 18 March 2020
මුඛ ආවරණ - විෂබීජ නාශක ආනයනික බදු ඉවත් කරයි ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරිමට රජය තීරණය කර තිබේ. 18 March 2020
ඩොලරය 187 ත් පනී ගෝලීය වසංගතයක් බවට නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (18) ඉතිහාසගත ලෙස පහළ ගියේය. 18 March 2020
අන්තරේ කැඳවුම්කරු ඇතුළු 22 දෙනාට ඇප රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කැරැව්වේ ජිනරතන හිමි ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් 22 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 2 ක පෞද්ගලික ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියෝග කළාය. 18 March 2020
ලොව පුරා කොරෝනා අසාදිතයින් ලක්ෂ 2 ඉක්මවයි, මරණ 8000ත් පනී කෝවිඩ් - 19 නව කොරෝනා වයිරසය හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන් තවත් රෝගීන් 110ක්ද, ඔස්ට්‍රියාවෙන් 139ක්ද, ඇ.එ.ජනපදයෙන් 113ක්ද, දකුණු කොරියාවෙන් 93ක්ද වාර්තා වී ඇත. 18 March 2020
’නාසා’ හි සේවකයන්ට නිවසේ සිටින්නැයි දන්වන්න යයි ඇමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය වන නාසා ආයතනයේ කටයුතු කරන සියලු සේවකයන් සහ කොන්ත්‍රාත්කරුවන්ට සිය නිවාසවල සිට අන්තර්ජාලය ඔස්සේ රාජකාරී කටයුතුවල නිරතවන ලෙස දැනුම් දීමට එම ආයතනයේ පරිපාලන අංශ තීරණය කර තිබේ. 18 March 2020
නිරෝධායනයට ලක් නොවූ 1,411 ක් පුත්තලමේ පහුගිය සති දෙකේදී ලංකාවට පැමිණ කිසිඳු නිරෝධායනයකට ලක් නොවුවන් 1,411 දෙනෙකු සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි. 18 March 2020
කොළඹ-පුත්තලම මඟේ දුම්රිය ධාවනය මීගමුවට පමණයි කොළඹ-පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට(19) සිට මීගමුව දක්වා පමණක් සීමාකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. ඩී. රංජිත් පත්මලාල් මහතා පැවසීය. 18 March 2020
ජවිපෙ‘මන්ත්‍රී වැටුපෙන් අයිඩීඑච්-නීරෝධායන මධ්‍යස්ථානවලට සෞඛ්යාරක්ෂක ද්‍රව්‍ය දෙනවා’ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් අරමුදලෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හා කන්දකාඩුව, පූනානි නිරෝධායන මධ්‍යස්ථානවලට අවශ්‍ය සෞඛ්යාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (18) පැවසීය. 18 March 2020
ඩෙංගු එන්නත් පරීක්ෂාවේ තෙවන පියවර සාර්ථකයි ඩෙංගු සඳහා එන්නතක් නිපදවීමට ඇමෙරිකාවේ ටකේඩා ෆාමසූටිකල් සමාගම සිදුකරන පර්යේෂණවල තෙවන පියවර සාර්ථක වී ඇතැයි එම සමාගම සඳහන් කරයි. 18 March 2020
වයිරසයෙන් බ්‍රිතාන්‍යයේ මිය ගිය ගණන 70 ඉක්මවයි කොරෝනා වයිරසයෙන් බ්‍රිතාන්‍යයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් ඇති අතර, 1,950දෙනෙකුට වයිරසය ආසානය වී තිබේ. 18 March 2020
රටපුරා දන්ත ශල්‍යාගාර ප්‍රතිකාර සීමා කරයි මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය හේතුවෙන් රට පුරා සියලු දන්ත ශල්‍යාගාරයන්හි ප්‍රතිකාර සීමා කිරීමට පියවර ගෙන තිබේ. 18 March 2020
සී.එන්.එන් පුවත් සේවයේ පිලිපීන විකාශය අත්හිටුවයි මැනිලා නුවර පිහිටි සී.එන්.එන් පුවත් සේවයේ පිලිපීන විකාශය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. 18 March 2020
පුත්තලම-හලාවත-කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශ 19 ක ඇදිරිනීතීය පුත්තලම පොලිස් බල ප්‍රදේශයේ ප්‍රදේශ 11 කට , හලාවත පොලිස් බල ප්‍රදේශයේ ප්‍රදේශ 7 කට සහ මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 4.30 සිට නැවත දැනුම් දෙනතුරු ඇදිරීනිය පනවා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 18 March 2020
ඔලිම්පික් පුහුණුවීම් කිහිපයක් නවතා දමයි ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උලෙළ සහ පැරලිම්පික් ක්‍රීඩා වෙනුවෙන් කෙරෙන ජාතික මට්ටමේ පුහුණුවීම් අත්හිටුවීමට රටවල් කිහිපයක් පියවර ගෙන තිබේ. 18 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026