අධිකරණයත්-සිරමැදිරියත් ස්කයිප් තාක්ෂණයෙන් සම්බන්ධ වෙයි කොරෝනා වයිරසය රටින් පහව යන තුරු රිමාන්ඩ් බන්ධනාගාර කිහිපයක සිරකරුවන් කිහිප දෙනකුගේ නඩු වීමසීමේ කටයුතු ‘ස්කයිප්‘ වීඩියෝ තාක්ෂණය ඔස්සේ විනිසුරුවන් විසින් අධිකරණය තුළදී සිදු කිරීම ආරම්භ කළ බව බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා ලංකාදීපයට පැවසීය. 19 March 2020
‘ජාතික රුධිර පාරවිලයනට ලේ අවශ්‍යයි’ ජාතික රුධිර පාරවිලයන සේවාවට රුධිර පරිත්‍යාගයන් අඩු වෙමින් පවතිතැයි පැවැසේ. 19 March 2020
මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් එන පොහොට්ටුවේ අපේක්ෂකයන් මහ මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් එන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ නාම ලේඛනය අද (19) ප්‍රකාශයට පත්කරනු ලැබීය. 19 March 2020
වයිරසයෙන් තොර එක ම මහද්වීපය ඇන්ටාක්ටිකාව පමණයි ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින කෝවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසයේ බලපෑමට ලක් නොවූ එකම මහද්වීපය ඇන්ටාක්ටිකාව බව පර්යේෂකයන් හඳුනාගෙන ඇත. 19 March 2020
වයිරසයෙන් ලොව පුරා මිලියන 25කට රැකියා අහිමිවීමේ අවදානමක් කොරෝනා වයිරසයෙන් ආර්තික සහ කම්කරු ක්ෂේත්රවලට එල්ල වන බලපෑම හේතුවෙන් ලොව පුරා මිලියන 25ක රැකියා අවස්ථා අහිමිවීමේ අවදානමක් පවතින බව අන්තර්ජාතික කම්කරු සංවිධානය පවසයි. 19 March 2020
බදුල්ලේ නාමයෝජනා දෙකක් ඉවතට මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ලබාදුන් නාමයෝජනා පත්‍ර දෙකක් ප්‍රතික්ෂේප වූ බව බදුල්ල දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරි දමයන්ති පරණගම මහත්මිය පැවසීය. 19 March 2020
කෝටි 4 ක බීඩි කොළ කන්ටේනරයක් පිටකිරිම ගැන පරීක්ෂණ රුපියල් කෝටි 4 1/2 ට ආසන්න වටිනා බීඩි කොළ කන්ටේනරයක් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඔරුගොඩවත්ත රේගු අංගනයෙන් නීතිවිරෝධීව පිටකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 19 March 2020
අපේ ජන බල පක්ෂයේ කුරුණෑගල නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි ඉදිරි මහ මැතිවරණය සඳහා අද (19) කුරුණෑගල දිස්ත්‍රික්කයට නාමයෝජනා බාරදුන් පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් සහ ස්වාධීන කණ්ඩායම් 12 ක් අතරින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අපේ ජන බල පක්ෂයේ නාමයෝජනා පත්‍රය සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා ප්‍රතික්ෂේප විය . 19 March 2020
මෙක්සිකෝව- රුසියාව පළමු කොරෝනා මරණ වාර්තා කරයි කොරෝනා වයිරසය ආසාදනය වූ පළමු පුද්ගලයා මිය ගිය බව මෙක්සිකානු සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 19 March 2020
‘ඉන්ධන මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යනවා’ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල කුමන අගයක් ගත්තද, ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අවුරුද්දක කාලයක් පමණ ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 19 March 2020
නුවරඑළියෙත් නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂේප වෙයි එළඹෙන මහ මැතිවරණය සදහා නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කිරිම සදහා මෙරට පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් සහ ස්වාධින කණ්ඩායම් 15 ක් නාම යෝජනා පත්‍ර භාර දි ඇති අතර ලිබරල් පක්ෂයේ නාම යෝජනාව සහ ස්වාධින කණ්ඩායම් දෙකක නාම යෝජනා පත්‍ර විවිධ හේතුන් මත ප්‍රතික්ෂේප කර ඇති නුවරඑලිය දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය. 19 March 2020
කොළඹ නාම යෝජනා 4 ක් ප්‍රතික්ෂේපයි මෙවර මහ මැතිවරණයට තරග කිරීමට කොළඹ දිස්ත්‍රික්යට ලබා දුන් නාමයෝජනා පත්‍ර 49 න් හතරක් ප්‍රතික්ෂේප කිරීමට සිදුව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන තේරීම් බාර නිලධාරී සහ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය. 19 March 2020
ඉන්ධන හෝ විදුලිබිල අඩුකරන බව ඇමැති කියයි මේ වනවිට ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල තවත් පහළ ගොස් ඇති බැවින් එහි ලාභය, විදුලිබිල අඩු කිරීම හෝ ඉන්ධන මිල පහළ හෙලීම යන දෙකින් එක් අන්දමකින් ලබා දෙන බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. 19 March 2020
මහ මැතිවරණය කල් යයි මහ මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීවේය 19 March 2020
‘අයිඩීඑච් රෝහලේ උපකරණ හිඟ නෑ’ මෙරට කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන කොළඹ අයි.ඩී.එච්.රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් සඳහා අවශ්‍ය උපකරණවල හිඟතාවක් ඇතැයි ඇතැමුන් මුදල් එකතු කිරීමේ යෙදී සිටින බවත් ඒවාට නොරැවටෙන ලෙසත් එම ආයතනයේ අධ්යක්ෂ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. 19 March 2020
ග්‍රීසිය මිනිසුන් කණ්ඩායම් ලෙස ගැවසීම තහනම් කරන්න යයි පුද්ගලයන් 10දෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක් රැස්වී එළිමහනේ ගැවසෙමින් සිටීම තහනම් කිරීමට ග්‍රීසිය තීරණය කර ඇත. 19 March 2020
හුබෙයි ප්‍රාන්තයෙන් නව ආසාදිතයන් කිසිවෙකු හමු වී නැහැ චීනයේ, හුබෙයි ප්‍රාන්තයෙන් අලුතින් කිසිදු රෝගියකු වාර්තා නොවූ බව චීන සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති. 19 March 2020
ඉන්දියාවේ ආසාදිතයකුගෙන් තවත් පුද්ගලයකුට කොරෝනා වැළඳෙන අගය හඳුනාගැනේ ඉන්දියාවේ, සෑම ආසාදිත පුද්ගලයකුගෙන් ම තවත් පුද්ගලයකුට වයිරසය ආසාදනය වීමේ සාමාන්‍ය අගය 1.7%ක් බව චෙන්නායිහි ගණිත සහ විද්‍යාව පිළිබඳ උසස් ආයතනයේ විද්‍යාඥවරුන් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ. 19 March 2020
කොරෝනා වයිරසය රටවල් 176 කට පැතිරෙයි කෝවිඩ් - 19 නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇ.එ.ජනපදයෙන් තවත් කොරෝනා රෝගීන් 205ක් වාර්තා වේ. 19 March 2020
ජීවන් - ගාමිණී තරඟයෙන් ඉවත් වෙති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් අපේ ජනබල පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට ඊයේ (18) නාම යෝජනා අත්සන් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංග සහ හිටපු බස්නාහිර පළාත් සභා ඇමති ගාමිණී තිලකසිරි යන මහත්වරු අද (19) උදෑසන තමන්ගේ නම් නාමයෝජනා පත්‍රයෙන් ඉවත් කරගෙන ඇතැයි වාර්තා වේ. 19 March 2020
කොළඹින් පක්ෂ 19 ක් ස්වාධීන කණ්ඩායම් 27 ක් නාමයෝජනා දෙයි මෙවර මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම අද (19) දහවල් 12.00 ට අවසන් වූ අතර කොළඹ දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 19 ක් හා ස්වාධීන කණ්ඩායම් 27 ක් නාම යෝජනා භාර දී තිබේ. 19 March 2020
රාජ්‍ය-පෞද්ගලික අංශයන්ට සතියක් නිවසේදී රැකියා කටයුතු කරන්නැයි උපදෙස් හෙට(20) සිට ලබන සිකුරාදා(27) දක්වා වූ කාලය නිවසේ සිට රාජකාරී කටයුතු කරන කාලසීමාවක් ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබේ. 19 March 2020
බ්‍රිතාන්‍යයේ සිට ගුවන් යානයක් අද දහවල් කටුනායකට දැනට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ ගුවන් යානයෙන් අද (19) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 19 March 2020
ඇමෙරිකාව තරුණ පරපුරට අනතුරු අඟවයි කොරෝනා වයිරසය වැඩිහිටියන් අතර පමණක් නොව, තරුණ පිරිස අතරද ව්‍යාප්තවෙමින් පැවතීම සම්බන්ධයෙන් ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරීහු සහ විශේඥවරු අපේක්ෂා භංගත්වයට පත්ව සිටිති. 19 March 2020
මර්වින් සිල්වා අ‘පුරෙන් නාම යෝජනා බාර දෙයි හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා මහතා එළඹෙන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ අනුරාධපුරයෙන් තරග වැදීමට නියමිත අතර අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා සමඟ නාමයෝජනා භාර දීම සදහා අද (19) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියේය. 19 March 2020
මිනිසුන් නොමඟ යවන තොරතුරුවලට ට්විටර් වැට බඳී වයිරසය මැඬලීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් නොතකා හරිමින්, ඊට විරුද්ධව ජනයා උසිගන්වන ආකාරයට පළවන තොරුතුරු සිය ගිණුම්වලින් ඉවත් කරගන්නා ලෙස ට්විටර් සමාගම ජනයාගෙන් ඉල්ලීමක් කරයි. 19 March 2020
විජයකලා යාපනයට නාමයෝජනා බාරදෙයි එක්සත් ජාතික පක්ෂය විසින් යාපනය දිස්ත්‍රීක්කය වෙනුවෙන් හිටපු අමාත්‍යවරියකු වූ විජයකලා මහේෂ්වරන් මහත්මියගේ නායකත්වයෙන් නාමයෝජනා බාරදෙනු ලැබීය. 19 March 2020
කොරෝනා ආසාදිත ඉතාලි ජාතිකයෙක් රැදී සිටි හෝටල් කාමරයකට සීල් කොරෝනා වසංගතය ආසාදනය වි ඇති බවට තහවුරු වු ඉතාලි ජාතිකයකු වෙන්නප්පුව වයික්කාල කම්මල සුඛෝපභෝගි සංචාරක හෝටලයක, කාමරයට සිල් තැබිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත. 19 March 2020
විග්නේෂ්වරන් යාපනයට නාම යෝජනා බාර දෙයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ පක්ෂය වූ දෙමළ ජනතා ජාතික සන්ධානය නොහොත් ටී.එම්.ටී.කේ පක්ෂය විසින් තවත් පක්ෂ තුනක් සමඟ සන්ධානගතව යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා භාරදෙනු ලැබීය. 19 March 2020
කොරෝනා හේතුවෙන් මහජනතාවට රජයෙන් සහන වියළි කාලගුණයෙන් කුඩා තේවතු හිමියන්ට සිදු වූ පාඩුවට රුපියල් බිලියන 3 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ. 19 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026